සැපේදී නැතත් දුකේදී රාජපක්‍ෂලා එකටයි.. පොහොට්ටු අපේක්‍ෂකයා නම් කල දාට රටේම රතිඤ්ඤා දැල්වෙයි..

January 21, 2019 at 8:40 am | lanka C news
සැපේදී නැතත් දුකේදී රාජපක්‍ෂලා එකටයි.. පොහොට්ටු අපේක්‍ෂකයා නම් කල දාට රටේම රතිඤ්ඤා දැල්වෙයි..

මීලග ජනපති අපේක්ෂකයා ගැන විවිධ අදහස් පල කිරිම මුහුද හත්ගව්වක් තියා අමුඩ ගහනවා වගේ වැඩක් යයි හිටපු මාධ්‍යම පලාත් ඇමති ප්‍රමිත බණ්ඩාර තෙන්නකොන් මහතා සදහන් කරයි.

මේ බව සදහන් කරමින් ඔහු සිය නිල ෆේස්බුක් ගිණුමේ තබා ඇති සටහන මෙසේය.

ජනාධිපතිවරණය

ඉදිරි ජනාධිපතිවරණයේදී අප කදවුරේ අපෙක්ෂකයා පිලිබදව විවිධ අදහස් මත පලවෙමින්පවති, එ අදහස් එ යෝජනා හේතුකොටගෙන අප කදවුරට හානියක් වීමට ප්‍රතම මෙවැනි සටහනක් තැබීම මගේ වගකීමක් ලෙස මා කල්පනා කළෙමි.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රටේ ඉතිහාසයේ පැවැති බරපතළම අර්බුදයෙන් රට ගොඩගන්නට සමත්වූ නායකයා ලෙස අප සියලුදෙනා අවිවාදයෙනම පිලිගතයුතුය.මහින්දව නවත්වන්නට ඇමරිකාවට,එන්ගලන්තයට ප්‍රන්ශය ඇතුළු යුරෝපීය සංවිධානයට, එක්සත් ජාතික පක්ෂයට, LTTE සංවිධානයට නොහැකිවිය. මහින්ද ඉදිරියට තැබු පය පස්සට නොගතේය. මහින්දට හයියට රටේ ජනතාව මෙන්ම ශක්තිමත් සහෝදර පිරිසක් ඔහු පිටුපසින්ම සිටියේය.

දෙශපාලන පවුලක සාර්ථකත්වය එකමුතුබවය. යුධ සමයේ මෙන්ම 2015 ජනාධිපතිවරණ පරාජයෙන් පසුවත් මේ සහෝදර පිරිස මහින්ද ලගින්ම සිටියේය .මොවුන් කඩන්නත්, බෙදන්නත් ආන්ඩුව නොකල දෙයක් නොවීය .චමල් අගමැති කරන්නට සමහරු කතාකලේය.ගෝඨාට,බැසිල්ට ගෙනා යෝජනා අනන්තය අප්‍රමාණය,නාමල්ටත් එසේමය.නමුත් රාජපක්ෂලා තනතුරු වලින් බෙදන්නට කාටවත් නොහැකිවිය. අමාරු වෙලාවෙ, බැරි වෙලාවෙ, නැති වෙලාවෙ තිබූ සමගිය මේවෙලාවේද බිද දැමිය නොහෙකිය.ඒ බැදීම අවතක්සේරු නොකරන්න.

අප්පච්චිගේ දඹුල්ල ආසන සංවිධායක ධූරය මෛත්‍රී උදුරාගත් දින මම මගේ අමත්‍ය දූරයෙන් ඉල්ලා අස්විය. හෘදෂාක්ශියට එකගව එක්සත් ජනතා නිදහස් සංවිධානයේ පළාත් අමත්‍ය දූරයක් තවදුරටත් දැරීමට මට නොහැකිවිය. එමෙන්ම මෛත්‍රීටත්,ශ්‍රි ලංකා නිදහස පක්ෂය ටත් පනිවිඩයක් දෙන්නට මට උවමනා විය. මෛත්‍රීට උවමනා වුනේ තෙන්නකෝන්ලා බෙදන්නටය. මාවයි අප්පච්චිවයි බෙදන්නට ඔහුට නොහැකි විය. නමුත් මගේ ඉල්ලා අස්වීමේන් පුරප්පාඩු වූ තනතුරට පත්කලේ මගේම ඥාති සහෝදරයෙක් බව රටම දන්නා කරුනකි. පළාත් ඇමති දූරයකට අපේ පවුලේ බැදීම් කඩා බිඳ දමන්නට හැකිවිය. මෛත්‍රීගේ උත්සහය යම් දුරකට සාර්ථක විය.ඒ පිලිබදව මම වැඩිදුරයමක් නොකියමි.

රාජපක්ෂ පවුලේන් උගතයුතු දේ බොහොය,එකමුතුකම එ අතර පලවෙනි තැනය.සැපේදී නැතිවුවත් දුකේදි රාජපක්ෂලා එකටය.

මේ තීරණාත්මක මොහොතේ අප කලයුත්තේ ඉවසීමෙන්,බුද්ධිමත්ව වගකීමෙන් කටයුතු කිරීම නොවෙද? සතුරු බලවේග අප බෙදන්නට දරණ උත්සහය අමතක නොකරන්න. කදවුරතුල අපි අපි බෙදීමෙන් වලකිමු. අප කදවුරේ ජනාධිපති අපෙක්ෂකයා තීරණය වනදින රටම රතිඤ්ඤා හඩින් ගිගුම් දෙනු ඇත. හංදියක් හංදියක් ගානේ රටට ආදරය කරන පිරිස උතුරේ සිට දකුණට කිරිබතින් සතුට සමරනු ඇත. ිපතිවරණයේදී සුදුසුම වෙලාවට සුදුසුම අපෙක්ෂකයා සමග ඔනෑම සටනකට මා සූදානම්ය. මුහුද තව දුරය, අමුඩේ ගහන්න තව කල් වැඩිය.

මම
ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්

64 views

7 Comments to “සැපේදී නැතත් දුකේදී රාජපක්‍ෂලා එකටයි.. පොහොට්ටු අපේක්‍ෂකයා නම් කල දාට රටේම රතිඤ්ඤා දැල්වෙයි..”

  1. SEE says:

    This is a great comment, Patriotic

  2. Manel says:

    Well said. It is very common to see some of the comments made by certain people are twisted by certain media. eg: Chamal Rajapaksha said he is ready for the presidential election. Media propagate this as Chamal is contesting against Gota. Same for Dayasiri’s statement. People must stay awake and read the full news articles. Rajapakshas will not fight among themselves. They are for the country.

  3. sunimal says:

    ගොටාබය තුමාට ජය

  4. Trumph says:

    මේ පකයා නේද පහුගිය දවසක රනිලත් එක්ක එකතු වුනේ..
    ඔන්න මී හරක්ට පුලුවන් මූව පාර්ලිමේන්තුවට එවන්න…

    • KADUWELA SILWA says:

      no, he is Thilina son of Yasarathna Thennakon’s , pramitha is son of Janaka Bandara

  5. Sam says:

    Hmm Sapa thiyenne un gahapu evalin thama. Sapa unta vithari…

    Dukedi dan gahanna bariva, janathava gonnata andala ayeth gahanna potak pada ganna balanava neda?

  6. Donald Isuru Wilegoda says:

    It is Gotabaya, victory is certain. Gota will be the president Mahinda will be the PM and Sri Lanka will be great again

Main News