සැප බස් රථය ටිපර් රථයක ගැටී අයෙකු මියයයි.. 5ක් රෝහලේ…

February 27, 2019 at 8:02 am | lanka C news
සැප බස් රථය ටිපර් රථයක ගැටී අයෙකු මියයයි.. 5ක් රෝහලේ…

යාපනය මහනුවර ඒ-9 මාර්ගයේ මාන්කුලම කිලෝමීටර 237 කණුව අසලදී සුඛෝපභෝගී බස්රථයක් ටිපර් රථයක ගැටී අනතුරකට ලක්වීමෙන් පුද්ගලයකු මියගොස් තවත් පුද්ගලයින් පස්දෙනකු තුවාල ලබා රෝහල් ගතකොට ඇති බව මාන්කුලම පොලිසිය පවසයි.

කොළඹ සිට යාපනය දක්වා ගමන්ගත් සුඛෝපභෝගී බස්රථය , කිලිනොච්චිය දෙසට කළුගල් ප‍්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථයේ පසුපස ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇතිබව පොලිස් මූලික පරික්ෂණ වලදී හෙලි වී ඇත.

එහිදී අනතුරින් බස් රථයේ ගමන්ගත් මගියෙකු වූ යාපනයේ පදිංචි සෙල්වරාසා නගුලේෂ්වරන් නැමති 42 හැවිරිදි පුද්ගලයකු මිය ගොස් ඇත.

අධික වේගයෙන් පැමිණ ඇති සුඛෝපභෝගී බස්රථය රියදුරුට වේගය පාලනය කරගැනීමට නොහැකිව කළුගල් ප‍්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථයේ පසුපසින් ගැටී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවට මාන්කුලම් පොලීසිය පැවසීය.

අනතුරින් තුවාල ලැබූවන් මාන්කුලම රෝහල වෙත ඇතුලත් කොට ඇති අතර ඉන් අසාධ්‍ය තත්වයේ සිටි තිදෙනකු වැඩිදුර ප‍්‍රතිකාර ස`දහා යාපනය රෝහල වෙත මාරුකොට ඇති අතර මියගිය පුද්ගලයාගේ සිරුර කිලිනොච්චිය මහරෝහලට රැගෙනගොස් ඇති අතර එහිදී පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරිමට නියමිත බවද පරික්ෂණ සිදු කරන මාන්කුලම් පොලීසිය වැඩි දුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

211 views

One Comment to “සැප බස් රථය ටිපර් රථයක ගැටී අයෙකු මියයයි.. 5ක් රෝහලේ…”

  1. Gamarala says:

    මුගෙ ‌ෙහොර බස් ඒකද කියල බලන්න. ඒක ‌ෙනොමිමරයට පර්මිටි බස් ඒකයි ‌ෙහොර බස්ඒකයි ‌ෙදෙකක් තියෙනව මූට. අලුත් සභාපති තුමා ‌ෙමෙි ‌ෙහොර බස් කාරයො තමා ‌ෙමෙි දවස්වල අපට අසාධාරන කමි උනා කියකියා ඔබ ලගට ඒන්නේ.

Main News