සැප රියකට පොලිසියෙන් වෙඩි තබයි..

October 14, 2019 at 5:30 pm | lanka C news
සැප රියකට පොලිසියෙන් වෙඩි තබයි..

කිලිනොච්චිය අරවියල් නගර් ප්‍රදේශයේදී අද (14) උදෑසන ධාවනය වූ සූඛෝපභෝගී ජිප් රථයක් පොලිස් අණ නොතකා ධාවනය කිරීම හේතුවෙන් අදාල රථයට පොලීසිය විසින් සිදු කල වෙඩි තැබීමකදී  එක් අයෙකු තුවාල ලබා ඇති බවට කිලිනොච්චිය පොලීසිය පවසයි.

වෙඩි තැබීම සිදු කල අදාළ ජිප් රථයෙන් ගංජා තොගයක් ප්‍රවාහනය කරන බවට කිලිනොච්චිය කොට්ඨාස දුෂණ මර්දන අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත එම නිලධාරීන් විසින් සිදු කල සෝදිසියකදී ජිප් රථය ධාවනය කොට ඇති අතර එහිදී ජිප් රථය නැවතීමට පොලීසිය විසින් අණ කර සිටියද පොලිස් අණ නොතකා ධාවනය කිරීම හේතුවෙන් වෙඩි තැබීමට සිදුව ඇත.

අදාල වෙඩි තැබීම හේතුවෙන් ජිප් රථයේ රියදුරුට සුලු තුවාල සිදුව ඇති හෙයින් ජිප් රථය නවතා පරික්ෂා කිරීමේදී ගංජා හෝ කිසිවක් නොතිබී ඇති අතරම ජිප් රථයේ ගමන් කර ඇත්තේ කැබිතිගොල්ලෑව සුරාබදු ඒකකයේ නිලධාරීන් බවට පසුව අනාවරණය වී ඇත.

කෙසේ වෙතත් වෙඩි තැබීමෙන් තුවාල ලබා ඇත්තේ සුරාබදු ඒකකයට තොරතුරු සපයන අයෙකු බව අනාවරණය වී ඇති අතර කිලිනොච්චිය පොලීසිය විසින් අදාල සිදුවීම සමබන්ධයෙන් විශේෂ පරික්ෂණයක් අරඹා ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

23,847 Viewers

2 Comments to “සැප රියකට පොලිසියෙන් වෙඩි තබයි..”

  1. ganja boys says:

    Niyama ganja karayo gemak deela policiyate, aney paw

    • කසපහර says:

      මේ ලඟදි “හයිවේ” එකේ ඇල්ලුවා කීවා නේද..කිලෝ.. කිලෝ..
      ඒක නිකම්ම පත්තරේ විස්තරේ විතරයි..! උන් ජොලියේ ෂේප්…!
      මුන් වගේ එවුන්ට දඩයක් ගෙවනව කියන්නේ කජ්ජක්…!
      රිදීමක් දැනෙන්නෙම නැහැ…! ඒ වුනාට ඒවා පාවිච්චියට අරගෙන ඇබ්බැහි උන එවුන් විඳින දුක දැක්කාම සසර එපා වෙනවා…! ගැලවීමක් ඇත්තෙම නැහැ..!

      හොඳම පිලිතුර….. දඩය නොවේ…!!!!

      “”” රිදෙන්නම දෙන්න ඕනි කසපහර””” මාධ්‍ය ඉදිරිපිටම..!

      කිලෝ එකක් ඇල්ලුවොත් කසපහර 10ක්…!
      පාවිච්චි කරපු එකක් ඇල්ලුවොත් කසපහර 2ක්…!
      බෙහෙත ඇඟටම කාවදි බලාගෙන ඉඳිද්දිම..!

Main News