සැප රියක් පාලමෙන් පිට පැන උඩුකරුව පෙරලේ…

March 9, 2019 at 8:40 am | lanka C news
සැප රියක් පාලමෙන් පිට පැන උඩුකරුව පෙරලේ…

යාපනය මහනුවර ඒ-9 ප්‍රධාන මාර්ගයේ මැදවච්චිය කනදරෑව ප්‍රදේහයේදී සුඛෝපභෝගී කාර් රථයක් පාලමකට ඇද වැටීමෙන් එහි ගමන්ගත දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කොට ඇති බවට මැදවච්චිය පොලීසිය පවසයි.

කොළඹ සිට වවුනියාව දක්වා ධාවනය වී ඇති අදාල කාර් රථයේ රියදුරුට නින්ද යාමෙන් කාර් රථය මාර්ගයෙන් ඉවතට පැන පාලමෙන් පහලට වැටීමෙන් මෙම අනතුර සිදුව ඇත බවට මැදවච්චිය පොලීසිය සැක පල කොට සිටියේය.

කාර් රථයේ ගමන්කොට ඇත්තේ වව්නියාව ප්‍රදේශයේ පදිංචි කරුවන් පිරිසක් වන අතර ඔවුන් ඥාතියෙකු ගුවන්තොටුපලට දමා ආපසු නිවසට එමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බවට තොරතුරු අනාවරනය වී ඇත.

කාර් රථයේ තිදෙනෙකු ගමන් කොට ඇති අතර රියුදුරුට හා කාන්තාවකට තුවාල ලබා රෝහල් ගත කොට ඇති අතරම සුඛෝපභෝගී කාර් රථය පහලට වැටීමෙන් එයටද බරපතල හානි සිදුව ඇති අතර මැදවච්චිය පොලීසිය විසින් වැඩි දුර පරික්ෂණ අරඹා ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

11,037 Viewers
Main News