සැප රියක පිස්තෝලයක් සමග ගිය හරක් හොරෙක් අල්ලයි..

March 7, 2021 at 6:48 pm | lanka C news

සුඛෝපභෝගී වෑන් රථයක මෙරට නිෂ්පාදිත 3.8 වර්ගයේ රිවෝල්වරයක් රැගෙන අලුත්ගම -මතුගම පාරේ හොරවල හන්දිය ආසන්නයේ ගමන් ගත් සැකකාර පුද්ගලයෙකු කළුතර කොට්ඨාසය අපරාධ විමර්ශන අංශයේ නිළධාරීන් අත්අඩංගුවට ගත් බව කියයි .

සැකකරු සුඛෝපභෝගී ජීවිතයක් ගත කරමින් ප්‍රදේශ ගණනාවක ගවයින් සොරකම් කරන ලද ජාවාරමකට සම්බන්ධ අයෙකු බව එම නිලධාරීන් කළ විමර්ශනවලින් අනාවරණය කරගෙන ඇති අතර නීති විරෝධී එම ගිනි අවිය ගව සොරකම් සඳහා යාමේදී සැකකරුගේ ආරක්ෂාව සඳහා ළඟ තබා ගැනීමට යොදා ගෙන ඇතැයි පවසා තිබෙන බව කියයි .

මෙම ගිනි අවියට පතුරම් හයක් දැමිය හැකි එකක් වන අතර ගිනි අවිය භාවිතා කර කිසියම් අපරාධයක් සිදුකර ඇත්දැයි පරීක්ෂණ සිදුකරන බව අපරාධ විමර්ශන නිලධාරීන් සඳහන් කළහ.

අත්අඩංගුවට ගත් තිස් හැවිරිදි සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය

– අලුත්ගම තුසිත කුමාර ද සිල්වා

14,865 views

4 Comments to “සැප රියක පිස්තෝලයක් සමග ගිය හරක් හොරෙක් අල්ලයි..”

  1. S I මාධ්‍ය ප්‍රකාශක says:

    එයා පොළීසියෙද..?
    එහෙනම් නිදහස්ම තමයි..!

  2. නිකමා says:

    ” හරක් හොරා ” නොකියා බැයිද ඕකට සංබාව්‍ ය , වැදගත් නමක් හදාගන්න . නිකං මොකද්ද වගේ හිතෙන්නැද්ද .

  3. ජොන් ඩි බැප්ටිස් says:

    කවුද හරකෙක් කියලා තිබ්බා, ඌන් ගේ ආගමේ හරක්
    ගේ බෙල්ල කපලා මරන්නේ, හරක් වයසට ගිහිල්ලා දුක් විදින හින්දා කියලා …………. අහු අක්බාර් ගේ අම්මට, නිකන් ඔයාලා දැනුවත් කරන්න කෙටුවේ.

  4. පුරවැසියා says:

    ලංකාවේ තියන සැප රියවල් වලවැඩියෙන්ම යන්නේ හරක් හොරු ,කොමිස් හොරු ,පාලක හොරු සහ චීවර හොරු
    ඒ නිසා මෙය පුදුමයට කරුණක් නොවේ .

Main News