සැප වාහනවලින් ඇවිත් නිධන් හෑරු 08ක් අල්ලයි..

September 6, 2020 at 4:40 pm | lanka C news
සැප වාහනවලින් ඇවිත් නිධන් හෑරු 08ක් අල්ලයි..

වව්නියාව පූවර්සන්කුලම් අර්ෆානගර් ප්‍රදේශයේ නිධන් හැරීමට පැමිණි පුද්ගලයින් 08 දෙනෙකු සුඛොපභොගී කාර් රථ දෙකක් සමගින් අත්අඩංගුවට ගත් බවට පූවර්සන්කුලම් පොලීසිය පවසයි.

පූවර්සන්කුලම් පොලීසියට ලැබුනු විශේෂ තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් විසින් අර්ෆානග්ර ප්‍රදේශයේ සිදු කරන ලද සෝදීසි වැටලීමකදී අදාල පිරිස් විසින් නිධානයක් හැරීමට සූදානම් වූ අවස්ථාවේදී අත්අඩංගුවට ගනු ලැබීය.

එහිදී සැකකරුවන් 08 දෙනෙකු සමගින් කාර් රථ දෙකක්, නිධන් හෑරීම සඳහා යොදාගත් උපකරණ කිහිපයක්ද සමගින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වව්නියාව හා කොළඹ ප්‍රදේශයන්හි පදිංචි කරුවන් වන අතර සැකකරුවන් අද (06) දින වව්නියාව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බවටද පරික්ෂණ සිදුකරන පූවර්සන්කුලම් පොලීසිය වැඩිදුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

12,335 views

4 Comments to “සැප වාහනවලින් ඇවිත් නිධන් හෑරු 08ක් අල්ලයි..”

  1. Love nature says:

    මෙය නැවැත් වීමට නම් නිදහන් හොරුන්ට මරණිය දණ්ඩනය දිය යුතුයි

  2. Malaka says:

    අර්ෆානග්ර, a pig village of muslims!!

  3. Dp says:

    !!!!සජියත් අහුවෙලාද..?

  4. වයි දිස් කොලවෙරි says:

    ලන්කාවේ තිබ්බ සින්හල, දෙමල ගම් වල නම්, අරාබි නම් වලට මාරු කලේ මොකාද?

    අර්ෆා නගර් කියන නම අලුතින් දැම්මෙ මොකාද, කවද්ද?

    මිහිරිපැන්න දර්ගානගර් කියල වෙනස් කලේ කවුද, කවදාද, මොන අදහසින්ද?