සැප වාහන ගේන්න දෙන්නෙ නෑ.. චීස්-වයින් ආදිය අතහරිින්න.. රුපියල රකින්න පටි තදකරගන්න.. – මුදල් ඇමති

September 28, 2018 at 3:21 am | lanka C news
සැප වාහන ගේන්න දෙන්නෙ නෑ.. චීස්-වයින් ආදිය අතහරිින්න.. රුපියල රකින්න පටි තදකරගන්න.. – මුදල් ඇමති

රුපියල අවප්‍රමාණය වීම වැළැක්වීම සඳහා මැති ඇමැතිවරු ඇතුළු සියලු දෙනාම සුඛෝපභෝගී වාහන ගෙන්වීම නවත්වන්න ඕනෑ යැයි මුදල් ඇමැති මංගල සමරවීර මහතා කියා සිටී.

ලබන වසරේදී තමන් ඒ සඳහා ඉඩ ලබා දෙන බව ද ඔහු සඳහන් කරයි.

විදේශයන්ගෙන් ගෙන්වන අධික මිල සුඛෝපභෝගී භාණ්ඩ පරිහරණය හැකිතාක් අඩු කළ යුතු බවත් දේශීය කර්මාන්ත වලට හැකිතාක් උදවු විය යුතු බවත් ඒ මහතා පවසයි.

ආනයනික වයින්, චීස් වැනි දේවල් පරිහරණය නවතා දමන්නට ඇතැම් විට සිදුවනු ඇති බවත් ඇමතිවරයා සදහන් කරයි.

මාස කිහිපයක් යන තෙක් පටි තද කරන්නැයි ඇමතිවරයා ඉල්ලා සිටියේ කොළඹ රාජකීය විදුහලේ පැවති උත්සව අවස්ථාවකදීය.

192 views

19 Comments to “සැප වාහන ගේන්න දෙන්නෙ නෑ.. චීස්-වයින් ආදිය අතහරිින්න.. රුපියල රකින්න පටි තදකරගන්න.. – මුදල් ඇමති”

  1. uditha says:

    අගමැතිට කෝටි 59ක කාර් දෙකක්..
    September 26, 2018 at 10:40 am | lanka C news
    අගමැතිට කෝටි 59ක කාර් දෙකක්..
    අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා වෙනුවෙන් රුපියල් ලක්‍ෂ 5900ක් වටිනා මෝටර් රථ දෙකක් ගෙන්වා ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි.

    එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

    ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා එක්සත් ජාතීන්ගේ සංවිධාන සමුළුවට සහභාගී වීමට සේනාවක් රැුගෙන ඇමරිකාවට ගොස් ඇති බවත් ඔහු සදහන් කරයි.

    එමෙන්ම දිනපතා මැති ඇමතිවරුන් විශාල ප‍්‍රමාණයක් විදේස ගතවන බවත් මේ සියල්ල සදහා වියදම් වන්නේ ඩොලර් බවත් එය මෙරට විදේශ විනිමය අර්බුදය ඇතිවීමට හේතු වන බවත් මන්ත‍්‍රිවරයා කියා සිටියේය.

  2. ගමරාළ says:

    එක්සත් ජාතික පක්ෂ ආන්ඩුවක් ආවනන් හොඳට කාලා තමුන්ගෙ කියලා වාහනයක් අරන් සෑපට හිටිය හෑකි කියලානෙ කිව්වෙ. අපේ උන්ට තිබ්බ රෝද දෙකට පෑට්‍රල් ගහ ගන්ඩ විදියකුත් ඉස්සරහට හොයා ගන්ඩ වෙයි. පෑට්‍රල් සූත්තරේ හොඳ හරිය ඉස්සරහට ඉනවා. කමක් නෑ ආන්ඩුව හූ ඈම් පීනෙ කියලා හිත හදා ගෙන දෑන් ඉතින් විඳවපල්ලා.

  3. Ranga says:

    ඇමති මන්ත්‍රී වරුන්ට තවත් මොනවාද ගෙන්නන තියෙන්නේ වාහන?
    දැන් ගේන්න ඕනි වාහන ගෙනත් ඉවරයි
    ගෙනත් සමහරු ඒවා විකුණලත් ඉවරයි
    පාර්ලිමේන්තුවේ 225න් 200 ටත් වැඩි පිරිස වාහන ගෙනත් විකිණීම ආදී අවභාවිතයන් ගැන හිරේ යන්න ඕනි අය ඉන්නේ
    මේවා විහිළු කතා
    සිරිමාවෝ ආණ්ඩුව මේ රට දෙපයින් නැගිට්ටවන්න හදද්දී unp කාරයෝම තමයි මේ රට කෑවේ
    ඒ කාලේ ටිකක් ඉවසන් හිටියනම් අද ලංකාව ලෝකෙටම බලවත් රටක්
    අනික උඹල අවුරුදු 3 ටත් වැඩි කාලයක් ඇති වෙන්න මහාපරිමාණ හොරකම් කරලා මිනිස්සුන්ට පටි තදකරගන්න කියන්න තියෙන අයිතිය මොකක්ද?
    අනිත් කාරණාව මේ රට නිදහස් කරගන්න ජිවිත පූජා කලේ සිංහලයෝ
    එකෙක් දෙන්නෙක් අනික් ජාතින් පස්සේ උන්ගේ වාසියටම හිටිය තමයි
    එත් එහෙමයි කියල මේ රට බහු ජාතික බහු ආගමික රටක් නෙවෙයි
    උඹලට තව වැඩි කලක් නෑ
    ඒක නිසා දැන් නිකන් බයිලා නොකියා හිටියොත් හොඳයි

  4. Danny says:

    Very good to ban import of luxury vehicles.
    The damage is already done.
    Like the Croatian President why don’t you auction the luxury vehicle given to nearly 100 ministers (some have 2- 10 vehicles) and the MP vehicles and give them economy size vehicles. Then the fuel allowance also can be reduced.

  5. කලිසම වැටෙයිද? නා...නා...වියවූලේ අනේ ඇමතිගේ පතොලේ....රෑ 12 ට........ says:

    කලිසම වැටෙයිද? නා…නා…වියවූලේ අනේ ඇමතිගේ පතොලේ….රෑ 12 ට….නින්ද නැතුව ගසට්ටුවක් අත වනනවා…චන්ද්‍රිකාගේ පතොලේ….ඔහේ වැනියන් පතොලේ…

  6. Nandasoma says:

    මැති ඇමතිවරු දැනටමත් සැප කාර් අරගෙන ඉවරයි……!

    අගමැති තවත් ගේන්න සූදානම……!!

    හුඟ දෙනෙක් රට සවාරි යනව….!!!

    අපිට පටි තද කර ගන්න ලු…..!!!!

  7. Nana says:

    Harakek katha karai

Main News