සැප වාහන ගේන්න දෙන්නෙ නෑ.. චීස්-වයින් ආදිය අතහරිින්න.. රුපියල රකින්න පටි තදකරගන්න.. – මුදල් ඇමති

September 28, 2018 at 3:21 am | lanka C news
සැප වාහන ගේන්න දෙන්නෙ නෑ.. චීස්-වයින් ආදිය අතහරිින්න.. රුපියල රකින්න පටි තදකරගන්න.. – මුදල් ඇමති

රුපියල අවප්‍රමාණය වීම වැළැක්වීම සඳහා මැති ඇමැතිවරු ඇතුළු සියලු දෙනාම සුඛෝපභෝගී වාහන ගෙන්වීම නවත්වන්න ඕනෑ යැයි මුදල් ඇමැති මංගල සමරවීර මහතා කියා සිටී.

ලබන වසරේදී තමන් ඒ සඳහා ඉඩ ලබා දෙන බව ද ඔහු සඳහන් කරයි.

විදේශයන්ගෙන් ගෙන්වන අධික මිල සුඛෝපභෝගී භාණ්ඩ පරිහරණය හැකිතාක් අඩු කළ යුතු බවත් දේශීය කර්මාන්ත වලට හැකිතාක් උදවු විය යුතු බවත් ඒ මහතා පවසයි.

ආනයනික වයින්, චීස් වැනි දේවල් පරිහරණය නවතා දමන්නට ඇතැම් විට සිදුවනු ඇති බවත් ඇමතිවරයා සදහන් කරයි.

මාස කිහිපයක් යන තෙක් පටි තද කරන්නැයි ඇමතිවරයා ඉල්ලා සිටියේ කොළඹ රාජකීය විදුහලේ පැවති උත්සව අවස්ථාවකදීය.

196 views
Main News