සැබෑ සිංහල-මුස්ලිම් සංහිදියාව හෙම්මාතගමින් පෙනේ..
March 17, 2019 at 8:40 am | lanka C news
හෙම්මාතගම නගරය සිංහල මුස්ලිම් ජාතින් ජිවත් වන සංහිඳියාවේ නගරයෙකි. මෙහි පිහිටා ඇති හෙම්මාතගම පොලිසිය සංවිධානය කරන ලද පින්නපාත චාරිකාවක් අද 16 පැවැති අතර එහිදි මුස්ලිම් ජාතිකයන් විශාල පිරිසක් විසින් පින්නපාතේ වැඩම කරන ලද භික්ෂුන් වහන්සේලා සඳහා දානය පිළිගැන්විම දැක ගත හැකි වු අතර මෙය සංහිඳියාව සඳහා කදිම නිදසුනක් වන බව බොහෝ දෙනෙකු පැවසීය.
හෙම්මාතගම පොලිසියේ සිට හෙම්මාතගම කපුරැක්ක විහාරස්ථානය වෙත මෙම පින්නපාත චාරිකාව සංවිධානය කර තිබුණු අතර ඒ සඳහා භික්ෂුන් වහන්සේලා 40 කට ආසන්න පිරිසක් වැඩම කරන ලදි. පොලිසිය වෙත වැඩම කරන ලද භික්ෂුන් වහන්සේලා වෙනුවෙන් උදෑසන කොළ කැඳ දානමය පූජාවක් පොලිස් ස්ථානයේදි සිදු කරන ලද්දේ හෙම්මාතගම පොලිසියේ ස්ථානාධිපති මෙෂාන් ඉන්දුක ද සිල්වා මහතා හා කාර්ය මණ්ඩලය, සිවිල් ආරක්ෂක කමිටු වල සමාජිකයින් විසිනි.
මුතු කුඩ යටින් පා ගමනින් විහාරස්ථානය වෙත මෙම පින්නපාත චාරිකාව ගමන් කරන ලද අතර මෙම වැඩම කරන ලද භික්ෂුන් වහන්සේලාට උන්වහන්සේලා වැඩම කරන මාර්ගය දිගේ සිටි ලොකු කුඩා හැම කෙනෙකු විසින්ම දානය පූජා කර අතර නගරය මැදින් වැඩම කරන ලද හිමිවරුන්ට ගම්පොල මං සන්දියේදි මුස්ලිම් ජාතිකයන් විශාල පිරිසක් විසින්ද දානය සඳහා විවිධ දෑ පූජා කිරිම සිදු විය.
වයස අවුරුදු 80 ඉක්මවු වයවෘද්ධ භික්ෂුවක් ත්‍රීරෝද රථයකින් පින්නපාත චාරිකාවට එක් වි සිටි අතර මෙම කටයුත්ත සංවිධානය කිරිමට හෙම්මාතගම පොලිසියේ ප්‍රජා පොලිස් ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක චන්ද්‍රසේන මහතා මෙන්ම වැඩබලන පොලිස් ස්ථානාධිපති එදිරිසිංහ මහතා සිවිල් ආරක්ෂක කමිටු නායකයින් පොලිස් ස්ථානාධිපති මෙෂාන් ඉන්දුක ද සිල්වා මහතාගේ උපදෙස් අනුව කටයුතු කරන ලදි.
හෙම්මාතගම නගරයේ බෞද්ධ කොඩි එල්ලා මෙම පින්නපාත චාරිකාව ඉතා සාර්ථික පොලිසිය මගින් සංවිධානය කර තිබුණි.
– සමන් විජය බණ්ඩාර
අවශ්‍ය වන්නේ බොරැ සංහිඳියා ෂෝ නෙවෙය්. පන්සලේ ත්‍රිපිටකය අනුසාරයෙන් සහ පල්ලියේ කුරාණය අනුසාරයෙන් ඒවායේ සඳහන් අනෙක් ආගම් වලට ගරැ කල යුතු යය් සඳහන් පද තම තමන්ගේ අනුගාමිකයන් ට පෙන්නා දීමය්. නොගැලපෙන පද තිබේ නම් ….
දැන් ඉතින් හරි…පොලීසියන් වාසිගන්න නෙමේ මේ එකතුව හොදේ..
..very good thing.
ඔය සංහිදියාව නැගෙනහිර පලාත්වලත් පෙන්වනවානම් හොදයි,
අඩුම තරමින් පුරාවස්තු විනාශ නොකර, රටේනීතියට අනුව හෙල්මට් දාගෙන යතුරු පැදි භාවිතා කර එය පෙන්වන්න, පුලුවන්..