සැමියන් බීමත්ව එන්නේ යයි බිරියන් තොගයක් තැබෑරුමක් කුඩු පට්ටම් කරයි.. මැනේජර් පැන දුවයි..
September 14, 2016 at 5:47 pm | lanka C news
තම ස්වාමි පුරැෂයින් බීමත්ව එන්නේ යයි කෝප වූ කාත්තාවන් පිරිසක් පෙරේදා දිනයේ ඕමන්තේ ප්රදේශයේදී රා තැබෑරුමකට කඩා වැදී එහි තිබූ රා බෝතල් තොගයක් පොළොවේ ගසා කුඩුකර පලාගොස් ඇත.
පොලීසිය පවසන්නේ ස්වාමි පුරැෂයින් දිනකට උපයන මුදල් රා බීමට වියදම් කරන නිසාත්, වෙරිමතින් පැමිණ පහරදී හිංසා පීඩා කරන නිසාත් තැබෑරුමකට කඩා පැන රා බෝතල් පොළවේ ගසා කුඩුකළ බව විත්තිකාර කාන්තාවන් කියා සිටි බවයි.
මෙම කාන්තාවන් පිරිස කඩාවැදී තැබෑරුමට පහර දෙද්දී තැබෑරැුමේ කළමනාකාරවරයා බිය වී පළාගොස් ඇතැයිද පොලීසිය කියයි.