සැමියා පැනඩෝල් පෙති 112ක් බිලා…. සිත් තැවුලෙන් බිරිඳ සිය දිවි හානි කරගෙන…

May 4, 2020 at 2:04 am | lanka C news
සැමියා පැනඩෝල් පෙති 112ක්  බිලා…. සිත් තැවුලෙන් බිරිඳ  සිය දිවි හානි  කරගෙන…

පවුල් අාරවුලක් හේතුවෙන් සැමියා විසින් පැනඩෝල් පෙති 112ක් පානය කිරිමෙන් කණස්සල්ලට පත් බිරිඳ ගෙළ වැළලාගෙන මියගිය අනුවෙිදනිය පුවතක් බලන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

බලන්ගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් ගල්වල පාර උඩකන්ද ප්‍රදේශයේ අඔු සැමි යුවලක් අතර ඇති වු බහින් බස් විමකදි සැමියා විසින් පැනඩෝල් පෙති 112 ක් පානය කර රෝහල් ගත කිරිමෙි සිද්ධියකට කණස්සල්ලට පත් බිරිඳ අද (03) ගෙළ වැළලාගෙන සිය දිවි හානි කරගෙන ඇතැයි පොලිසිය පවසයි.

බලන්ගොඩ ගල්වල පාර උඩකන්ද ලිපිනයේ පදිංචිව සිටි පලනිවෙල් කලෙයි සෙල්වි (31) දෙදරැ මවක් මෙලෙස ⁣මියගොස් ඇත.පැනඩෝල් පෙති පානය කර දැඩි ලෙස අසාධ්‍ය වි රෝහල් ගත කර ඇත්තේ එල්.ලෝගනාදන් (40) නැමැති සැමියා බව පොලිසිය කියයි.

මොවුන්ට අවුරුදු 10 සහ 05 වයසේ පසුවෙන පිරිමි දරැවන් දෙදෙනකුද සිටිති. මියගිය කාන්තාවගේ පශ්චාත් මරණ පරික්ෂණ බලන්ගොඩ මුලික රෝහල්දි පැවැත්විමට නියමිතව අැත.

සිද්ධිය සමිබන්දයෙන් බලන්ගොඩ පොලිසියේ (64484) පොලිස් සැරයන් චන්දිමාල් පරික්ෂණ පවත්වයි.

– සමිපත් ප්‍රියනන්දන

10,658 Viewers
Main News