අනියම් පෙම මරුවා වෙයි.. සැමියා බිරිදගේ ගෙල කපා ඝාතනය කරයි…

January 29, 2021 at 5:30 pm | lanka C news
අනියම් පෙම මරුවා වෙයි.. සැමියා බිරිදගේ ගෙල කපා ඝාතනය කරයි…

සැමියා විසින් තියුණු ආයුධයකින් සිය බිරිදගේ ගෙල කපා ඝාතනය කර ඇති බව ගිනිගත්හේන පොලිසිය පැවසිය.

මෙසේ ඝාතනය කර ඇත්තේ ගිනිගත්හේන පොලිස් වසමට අයත් අඹගමුව මහපතන සෙල්ලිපිගම ප්‍රදේශයේ පදිංචි යපා පතිරණලාගේ බාලිකා ප්‍රියදර්ශණි නැමති දෙදරු මවකි.

ඉකුත් 27 දින පස්වරු 3.30ට පමණ නිවස පැමිණි සැමියා දරුවන් දෙදෙනා පිටතට යවා බිරිද සමග අඩ දබර වි බිරිදගේ ගෙල කපා ඝාතනය කර නිවස දොරගුළු දමා වසා දරුවන් දෙදෙනා රැගෙන සැකකරු නිවසින් පිටව ගොස් (28) දින රාත්‍රි සැකකරුගේ සහෝදරයෙකුගේ මාර්ගයෙන් ඒ බව ගිනිගත්හේන පොලිසිය වෙත දැනුම් දිමෙන් පසු පොලිසිය විසින් දෙදරු මවගේ සිරුර සොයාගෙන සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

බිරිද කාලයක් තිස්සේ අනියම් සම්බන්ධතාවයක් පවත්වන බවත් , ඒ පිලිබදව බිරිදට අවස්තා කිහිපයකදි අවවාද කර තිබුණත්, එම අවවාද නොතකා බිරිද ඝාතනය වු දින උදැසන නාවලපිටිය ප්‍රදේශයේදි අනියම් පෙම්වතා සමග ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි බවත්, එම අවස්තාවේ පෙම්වතාට සහ සිය බිරිදට පහර දුන් බවත්, සැකකරු විසින් පොලිසිය වෙත පාපොච්චාරණය කර ඇත.

එදින පස්වරු නිවසට පැමිණි අවස්තාවේ එම සිද්ධිය පදනම් කරගෙන ඇති වු බහින් බස් විමක් දුර දිග යාමෙන් පසු බිරිද තියුණු ආයුෂයක් රැගෙන තමන්ට පහර දිමට උත්සහ කල අවස්තාවේ එම තියුණු ආයුධය තමන් උදුරාගෙන බිරිදගේ ගෙල කපා ඝාතනය කල බව සැකකරු විසින් වැඩි දුරටත් පොලිසියට පවසා ඇත.

– හැටන් රංජිත් රාජපක්ෂ

52,168 views

5 Comments to “අනියම් පෙම මරුවා වෙයි.. සැමියා බිරිදගේ ගෙල කපා ඝාතනය කරයි…”

  1. මාක්ස්වාදී ජෙප්පා says:

    බලන්න, ධනපතියෙක් වූ ත්‍රීවීල් කරුවා, ඊට වඩා දුප්පතෙකු වූ දෙදරු පියාගේ වස්තුව (බිරිදව) හූරන් කාලා.

    ධනපතියන් විනාශ කලා නම් සියල්ලන්ම දුප්පතුන් වෙනවා. එවිට සමානාත්මතාව ඇති වෙනවා. එවිට සූරා කෑම නතර වෙනවා.

  2. Allapu gedara sara says:

    Sure ekata lamay dennath hora minihage wenna athi. Primi Paw. 18% withara tattala hora minissunge lamay hadanne. Mage tattath ehemay

    • චන්දිමානි says:

      ඒ කියන්නේ, ඔයා ඉපදුනේ ඔයාගේ අම්මාගේ හොර මිනිහාට දාව ද? වරදවා තේරුම් ගන්න එපා, ඔයාගේ කිසිම වරදක් නැහැ. ඔයා ඉපදෙන්න කලින් වෙන දේවල් ඔයා දන්නෙ නැහැනේ……. ඔයා පව්…..

  3. MD says:

    මොකක්ද මිනිහෝ කලේ. ඵක්කෝ හොර මිනිහ ඵක්ක යන්න දෙන්න ඕන.ඵහෙම නැත්නම් තමන් දරුවන් දෙන්න හදාගෙන වෙනම යන්න ඕන.බූරුවෙක් වගේ දරුවන් දෙන්නත් අනාථ කලා ගැහැනියත් මැරුවා.දරුවන් ඔයාට සමාව දෙයිද?ඔබට සතුටුද දැන්?

    • SKF says:

      ඌ, රාජපක්ෂලා නැතිකරන්න ඕනේ කියලා UNP එකත් එක්ක එකතු වුනු ජෙප්පෙක්.

Main News