සැමියා බිරිඳගේ මවිපියන්ගේ නිවසට ගිනිතබා ගෙල වැළලාගෙන මියගිහින්..

June 1, 2019 at 5:30 pm | lanka C news
සැමියා බිරිඳගේ මවිපියන්ගේ නිවසට ගිනිතබා ගෙල වැළලාගෙන මියගිහින්..

බලන්ගොඩ රත්නපුර ප්‍රධාන මාර්ගයේ බලන්ගොඩ පල්ලෙකන්ද බෙලිගල පන්සල හංදිය අසලදි බිරිඳක් සහ සැමියා අතර ඇතිවු පවුල් ආරවුලක් හේතුවෙන් සැමියා විසින් බිරිඳගේ මවිපියන් පදිංචි නිවසට ගිනි තැබිමෙන් අනතුරැව එම නිවස මුළු මනින්ම විනාශ විි ඇති බලන්ගොඩ පොලිසිය පවසයි.

පසුව එම ප්‍රදේශයේම රත්නපුර බලන්ගොඩ මාර්ගය අසල එම සැමියාගේ සිරැර ගසක එල්ලෙමින් තිබියදි පොලිසිය විසින් සොයාගෙන ඇත.ඔහු ගෙල වැලලාගෙන මියගොස් තිබෙන බවට පොලිසිය සැකපල කරයි.

නිවස ගිනි ගැනිම හේතුවෙන් එහි පදිංචිව සි⁣ටි බිරිඳගේ මව සහ පියා බරපතල පිළිස්සුමි තුවාල ලබා බලන්ගොඩ මුලික රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය සදහන් කරයි.

සිද්ධියෙන් ගෙළවැලලාගෙන මියගෙස් ඇත්තේ බලන්ගොඩ මොරහැර ප්‍රදේශයේ පදිංචිව සිටි පොල්වත්තගේ දොන් සංජිව සේනාධිර (37) විහාහක පුද්ගලයකු බව පොලිසිය පවසයි.

ගින්නෙන් හානි වු නිවස සහ ඒ ආසනයේ මාර්ගය අසල ගසක ගෙළවැලලාගෙන මියගෙස් සිටි පුද්ගලයාගේ සිරැර බලන්ගොඩ ප්‍රධාන මහෙස්ත්‍රාත් ජයරැවන් දිසානායක මහතාගේ පාරික්ෂාවටභාජනය විය.

සිද්ධිය සමිබන්දයෙන් බලන්ගොඩ පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති අජන්ත ලාල් මහතාගේ උපදෙස් පරිදි අපරාධ අංශයේ ස්ථානාධිපති කේ.ආර්.ජි.කේ.බණ්ඩාර මහතා ඇතුළු නිළධාරීන් විසින් පවත්වති.

– බලන්ගොඩ  සම්පත් ප්‍රියනන්දන

14,040 Viewers

2 Comments to “සැමියා බිරිඳගේ මවිපියන්ගේ නිවසට ගිනිතබා ගෙල වැළලාගෙන මියගිහින්..”

  1. Amda says:

    යකෝ මැරෙන්න ඕනෙ එකෙක් ඉන්නවා නම් රටට සේවයක් කරල මැරියල්ලකො .. නිකන්ම මැරිල යන්නෙ

  2. රටට සේවය කරන උදාර අදහස් ඇත්තවුන් දිවි නසාගන්නා වැනි පටු අදහස් වලින් තොර වුවන්ය.

Main News