සැමියා බිරිඳගේ හිස හක්කපටස් බෝම්බයකින් පුපුරුවා ඝාතනය කරයි..

June 23, 2019 at 12:00 pm | lanka C news
සැමියා බිරිඳගේ හිස හක්කපටස් බෝම්බයකින් පුපුරුවා ඝාතනය කරයි..

වවුනියාව සෙට්ටිකුලම් පොලිස් වසමේ තුඩරික්කුලම් ප්‍රදේශයේ කාන්තාවක් ඝාතනය කොට තිබියදී ඊයේ (22) දින සිරුර සොයාගත් බවට සෙට්ටිකුලම් පොලීසිය පවසයි.

සැමියා සහ බිරිඳ අතර ඇති වූ ආරවුලක් දුර දිග යාමෙන් මෙම ඝාතනය සිදුව ඇති බවට සැක පල කරන සෙට්ටිකුලම් පොලීසිය කියා සිටියේ මිය ගොස් සිටි කාන්තාවගේ හිස කිසියම් පුපරණ ද්‍රව්‍යක් යොදා පුපරවා හැර ඇති බවටත් හක්කපටස් නැමති බෝම්බ විශේෂයක් යොදා මෙම පිපිරීම සිදු කොට ඇති බවට සැක පල කරන බවටය.

මෙසේ ඝාතනය වී ඇත්තේ 40 හැවිරිදි රවිචන්ද්‍රන් අන්තොනිඅම්මා නැමති කාන්තාවක් වන අතර අදාල ඝාතනය සිදු කලේයැයි සැකකෙරෙන සැමියා මේ වන විට ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර සැමියා අත්අඩංගුවට ගැනීමට මේ වන විටත් පුලුල් පරික්ෂණයක් ආරම්භ කොට ඇති බවටද පරික්ෂණ සිදු කරන සෙට්ටිකුලම් පොලීසිය වැඩි දුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

3 views

2 Comments to “සැමියා බිරිඳගේ හිස හක්කපටස් බෝම්බයකින් පුපුරුවා ඝාතනය කරයි..”

  1. අංකූරා says:

    මිනිසාමයි ලොව දෙවියන් වන්නේ!
    මිනිසාමයි ලොව තිරිසන් වන්නේ !!,

  2. Saradiel says:

    මත් පැන් වල පව විපාක

Main News