සැරසෙන්න.. අප්‍රෙල් 25 රටටම සුබ පණිවුඩයක්..- හමුදාපති

April 11, 2020 at 9:20 am | lanka C news
සැරසෙන්න.. අප්‍රෙල් 25 රටටම සුබ පණිවුඩයක්..- හමුදාපති

අප්‍රේල් මස 25 වැනිදා වන විට රටටම යම් සුබ ආරංචියක් ලබාදීමට රජය ප්‍රමුඛ සෞඛ්‍ය අංශ, යුද හමුදාව, පොලිසිය ඇතුළු සියලු කණ්ඩායම් දැඩි පරිශ්‍රමයකින් යුතුව කටයුතු කරන බවත් ඊට සහයෝගය දැක්වීම සඳහා ඉදිරි සති දෙක ඇතුළත නිවාසවලටම වී සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම පිළිපදිමින් සහයෝගය ලබාදෙන ලෙසට සියලුම ජන කොටස්වලින් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා විශේෂ ඉල්ලීමක් කරයි.

කොරෝනා වයිරසය ව්‍යාප්ත වීමේදී මුළු ලෝකයේම වැඩිම අවධානයකට පත්ව තිබෙන්නේ එම වයිරසය ව්‍යාප්ත වී 04, 05, සහ 06 වැනි සති බවත් ශ්‍රී ලංකාව මේ වන විට සිටින්නේ 05 වැනි සතියේ බවත් යුද හමුදාපතිවරයා පැවැසීය.

අප්‍රේල් මස 10 වැනිදා කොරෝනා මැඬලන්නට ශ්‍රී ලංකාවේ ආරම්භ වූ අඛණ්ඩ වැඩසටහනේ පස්වැනි සතිය අප්‍රේල් මස 17 වැනිදා අවසන් වන බවත් අප්‍රේල් 18 වැනිදා ආරම්භ වන 6 වැනි සතිය අප්‍රේල් මස 24 වැනිදා අවසන් වන බවත් අප්‍රේල් මස 25 වැනිදා වන විට ශ්‍රී ලංකාව පවතින තත්ත්වය සහ ඉන් එහාට කළ යුත්තේ කුමක්ද කියා යම් අවබෝධයක් ලබාගත හැකි බවත් යුද හමුදාපතිවරයා සඳහන් කරයි.

මෙම කාලය තුළ රටේ පොදු මහජනතාවගේ සහාය උපරිමව ලැබුණොත් මෙරට සිටින කොරෝනා රෝගීන් සංඛ්‍යාව නිවැරැදිව හඳුනාගෙන ඔවුන්ට ප්‍රතිකාර කළ හැකි බවත් එම කාලය තුළ වාර්තා වන රෝගීන් නිරෝධායන මධ්‍යස්ථාන තුළින් පමණක් වාර්තා වුවහොත් අලුතින් රෝගීන් පිරිස් හමුවීමට නොහැකි බවත් එය ඉලක්ක කරගනිමින් ජනාධිපතිතුමාගේත් අගමැතිතුමාගේත් උපදෙස් පරිදි අදාළ සියලුම අංශ දැඩි කැපවීමකින් යුතුව කටයුතු කරන බවත් යුද හමුදාපතිවරයා ප්‍රකාශ කරයි.

කොරෝනා වයිරසය ව්‍යාප්ත වීම සති 4 අවසන් වන විට 29%ක වැනි මට්ටමක ශ්‍රී ලංකාව පැවැතීම වෙනත් රටවලට සාපේක්ෂව සතුටට පත්විය හැකි බවද යුද හමුදාපතිවරයා පෙන්වා දෙයි.

පළමු සතිය තුළ ශ්‍රී ලංකාව 137%ක මට්ටමක පැවතුණු බවත් එය තුන්වැනි සතිය වන විට 40% දක්වා අඩු වූ බවත් 4 වැනි සතිය වන විට එය 29% දක්වා අඩු වූ බවත් යුද හමුදාපතිවරයා සඳහන් කරයි.

4 වැනි සතිය වන විට කොරෝනා වයිරසය ව්‍යාප්ත වීම

ස්පාඤ්ඤය 1117%
ඇමෙරිකා 537%
ජර්මනිය 475%
බ්‍රිතාන්‍ය 447%
ඉතාලිය 292% කි.

ඉහත සංඛ්‍යා ලේඛන සමඟ බලන විට සියලුම දෙනාගේ කැපවීම මත ශි්‍ර ලංකාව මේ වන විට සතුටුදායක මට්ටමක පවතින බවත්, කොරෝනා වයිරසය මුළුමනින්ම රටෙන් තුරන් කරන තුරුම එම සහයෝගය ඉදිරියටද අත්‍යවශ්‍ය බවත් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ඩබ්ලිව්.කේ. ප්‍රසාද් මංජු
– Mawbima

357 views

40 Comments to “සැරසෙන්න.. අප්‍රෙල් 25 රටටම සුබ පණිවුඩයක්..- හමුදාපති”

  1. සිංහයා says:

    විශේෂ අවධානයට….කෙදිනක හෝ ඇදිරිනීතිය ලිහිල් කරන විට විශේෂ අවධානයක් දිය යුත්තේ මුස්ලිම් ජන කොටස් සිටින ප්‍රදේශ වලටය. සාමාන්‍ය අහිංසක මුස්ලිම් ජනතාව අතර සිටින අන්තවාදී මුසල්මානුවන් මෙම රෝගය පැතිරවීමට සූක්ෂම විය හැකි යැයි සැකයක් ඇත.හමුදා පති තුමනි, එබැවින් කල්තියාම බුද්ධි අංශ ඒ සදහා සූදානම් කරවන්න.අපේක්ෂා රෝහලට පසුගිය දිනක සිදුවූයේ එහි එක් අවස්ථාවක් විය හැක.

  2. sudda says:

    “කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා දැනට ගෙන ඇති ක්‍රියාමාර්ග නිසි ඇගයීමක් නොකර ලිහිල් කළහොත් තත්ත්වය වඩාත් බරපතළ වනු ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.”

  3. Gunasekara says:

    Meka Chanda gunduwak wage

    • chan says:

      මාර upset එක නේද චන්දෙ තිබ්බොත්.කෙලවෙයිද .

    • Chatura putha says:

      ගුණසේකර​,ඔයා කොරෝනා වගේ කුරිරු වෙන්න එපා.පාට කණ්ණාඩි ගලවල දෑස් පිසදා ලෝකය දකින්න පුරුදු වෙන්න​.

  4. steve osten says:

    during the war statements were not made by archetects. but by army.

    in health crisis who should educate people?

    man confuse wela.

  5. අපේ රට says:

    නව කොරෝනා වෛරසය පැතිර යාම වැලැක්වීම සඳහා පනවන ලද සීමා ලිහිල් කිරීමට හදිසි නොවන්නැයි ලෝක සෞඛ්ය සංවිධානය ඉල්ලීමක් කරනවා. ඇතැම් රටවල නව කොරෝනා වෛරසය පැතිර යාම මේ වන විට මන්දගාමී වෙමින් තිබෙනව එහෙත් සීමා ලිහිල් කිරීමට හදිසි වුවහොත් නව කොරෝනා වෛරසය යළි මාරාන්තික ලෙස නැගිටිනු ඇති බවද ඔහු පෙන්වා දුන්නා. ඒ අනුව අප රටතුල දරුණු ආර්ථික ගැටලූ, මැතිවරණය ගැටලූ ඇති වුවද පනවන ලද සීමා ලෙඩේ නිට්ටාවට සුවවනතුරැ පවත්වාගනයමු.

  6. Italia says:

    උඹලා ඉතාලි කාරයන්ට පින් දීපල්ලා. උන් කොරෝනා අරගෙන ඇවිත් පිස්සු කෙලපු හින්දා තමයි මෙහෙම හරි ලොක්‌ ඩවුන් කරලා කොරෝනා කාරයෝ හොයන්න පටන්ගත්තේ. නැත්නම් අපේ එවුන් හැම රටකම එවුන්ට එන්න දීලා මේ වෙනකොට රටේ භාගයක් මැරිලා.

    • nimalsiri says:

      nehe nehe italia ehema kiyanna epaa.lankaawe inna sinhalayan tharam buddhimath,karunaawantha,anunta saha anikuth ratawalata pihitavena jaathiyaknam me lokema kisima rataka nehe.mokaa merunath thamange
      comis eka kotiwalin kathaakorana dath loba basilwage aya gena oyaa danne nedda?

  7. Jude says:

    Please check Korea situation at this moment. After 14 days being in safe house people thought its over, then those whom are got treatments currently in those countries got Corona again after 20 – 24 days later. Please check the situation in other countries like Japan, Korea and Singapore before claim the Corona infection completely remove from Sri Lanka. Thanks!

Main News