සැරසෙන්න.. ලොව මවිත කරන මහා ජයග‍්‍රහණයට.. අපේ‍්‍රල් 19 න් පසු ලංකාව කොරෝනාවෙන් තොර රටක්.. ලක් රජය දැඩි විශ්වාසයෙන්..

April 9, 2020 at 10:16 pm | lanka C news
සැරසෙන්න.. ලොව මවිත කරන මහා ජයග‍්‍රහණයට.. අපේ‍්‍රල් 19 න් පසු ලංකාව කොරෝනාවෙන් තොර රටක්.. ලක් රජය දැඩි විශ්වාසයෙන්..

එළැඹෙන අපේ‍්‍රල් 19 දින වන විට මෙරට කොරෝනා ආසාදිත සියලු රෝගීන් හඳුනා ගැනීමට හැකි වනු ඇති බව සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කරයි.

අප්‍රේල් 19 වනදා වන විට රටපුරා ඇදිරි නීතිය පනවා මාසයක කාලයක් ගතවන බවද එමෙන්ම විදේශගතව සිට මෙරටට පැමිණි සියලු පුද්ගලයන්ට මාසයක කාලයක් සම්පූර්ණ වන බව ද ඇය පැවසුවාය.

එම මාසයක කාලයෙදි කොරෝනා වෛරසය කිසිවෙකුට වැලඳුණේ නම් හඳුනා ගැනීමට හොඳටම හැකියාව ඇති බවත් රෝග ලක්ෂණ නොමැති රෝගීන් සිටියේ නම් ඔවුන් සුව වීමටද එම කාලය ප්‍රමාණවත් නිසා බවද ඇය පැවසුවාය.

මෙතෙක් රජයට ලබා දුන් සියලු සහයෝගය එළඹෙන 19 වන දා තෙක් ලබා දුනහොත් ශ‍්‍රී ලංකාව කොරෝනා වෛරසයට ගිලගැනීමට ඇති සියලු ඉඩකඩ අවසන් වනු ඇති බවද ඇය දැඩි විශ්වාසය පළ කළාය.

සෞඛ්‍ය අමාත්‍යවරිය මෙම අදහස් පළ කරන ලද්දේ කොරෝනා පැතිරීම වැළැක්වීම සඳහා වූ ජාතික ක්‍රියාත්මක මධ්‍යස්ථානය මාධ්‍ය හමුවේදීය.

105,806 Viewers

52 Comments to “සැරසෙන්න.. ලොව මවිත කරන මහා ජයග‍්‍රහණයට.. අපේ‍්‍රල් 19 න් පසු ලංකාව කොරෝනාවෙන් තොර රටක්.. ලක් රජය දැඩි විශ්වාසයෙන්..”

  1. සරා says:

    මෙහෙමයි අපි දැනට පලවෙනි රෝගියා හමුවෙලා අප්‍රියෙල් 11 වෙනකොට මාසයක් වෙනවා.ඒකියන්නේ ඒ වෙනකොට 99%කට රෝග ලක්ෂණ පහල වෙලා වෙන්න ඔින හරිය වෙලා තියේවි.අනෙක අපේ රට මේ වෙනකොට රෝගය පැතිරිම 95%කට වඩා පාලනය කරලා තියෙන්නේ.ඉතින් ඒක නිසා අනෙක් රටවල දත්ත සමග කොහොමත් අපේ රට සංසන්දනය කරන්න බැහැ මොකද ඒරටවල් ජනගහනයෙන් 10%කට විතර රෝගය පැතිරිලා මරන 100ක් 200ක් විතර ගියාට පස්සේ තමයි රෝගය පැතිරිම පාලනය කරන්න පියවර ගත්තේ.ඉතාලිය ලොක්ඩවුන් කරන්න ගත්තේ මරන 800ක් වුනාට පස්සේ.ඉතින් ඔවුන්ට දැන් ලැබෙන්නේ මුලින් අහක බලන් හිටිය එකේ ප්‍රතිපල.ඇමරිකාවටත් දැන් ලැබෙන්නේ මුලින් අහක ඉලන් හිටිය එකේ ප්‍රතිපල තමයි.නමුත් ඔවුන් දැඩි තීරන ලත්තාට පසුව පැතිරිම පාලනය වෙලා තියෙන්නේ.නමුත් අපේ රට පලමු රෝගියා ලැබිලා දින 5ක් විතර යනකොට ගන්න පුළුවන් උපරිම පියවර අරන් තියෙනවා.අනෙක තමයි ලෝකයේ කොහේවත් නොකරපු දෙයක් ලන්කාවෙ කරා.ඒ තමයි බුද්ධි අංශ හරහා වෛයිරසය කොටු කරා.ඒක අති විශිෂ්ඨ පියවරක්.

  2. සරා says:

    අප‌ේ රට දන්නවා රෝගය පැතිරිලා තියෙන ප්‍රමානය.ඒක නිසා ලැබෙන රෝගින් පිලිබද පෙර අනාවැකි කියන්න පුළුවන්.ඒනිසාම ඒ රෝගින් වෙනුවෙන් රෝහල් නිර්මානය කිරිම පහසුකම් වැඩි දියුනු කිරිම ලෙහෙසියෙන් කරන්න පුළුවන්.නමුත් ලෝකයේ අනෙක් රටවල්වලට ලැබෙන රෝගින්ට ප්‍රතිකාර කිරිම හැර කිසිවක් කරන්න බැරි වෙලා තියෙනවා.අනෙක ලෝකයේ කොහේවත් මේ වගේ නිරෝධනය මධ්‍යස්ථාන දාල සැකකටයුතු අය කොටු කිරිම කලේ නැහැ.දැන් බලන්න අපේ රටේ ගම් පිටින් නිරෝධායන මධ්‍යස්ානවලට ගාල් කරනවා.ඒක අති විශිෂ්ඨ පියවරක්.අපේ රටේ රෝගය පැතිරිමේ අවධානම් රෝගියා වුනේ මරදානේ පහල් නිවාස වැසියා.නමුත් මුළු මහල් නිවාස වැසියන් අල්ලලා කොටු කිරිම නිසා භයානක අවධානමක් පහව ගියා.කොහොමත් දැන් ලන්කාවේ වෛරසය කොටු කරලා තියෙන්නේ.අපේ රටේ උපරිම ආසාදිතයන් ගනන අප්‍රයෙල් අවසානය වන විට 550ක් වේවි.ඒක අපේ රටට පහසුවෙන්ම දරා ගන්න පුළුවන්.හැබැයි රට ලිහිල් කල යුත්තේ ඉතා විද්‍යානුකුලවයි.

    • ඉතාම නිවැරදියි..අනික් රටවල් බැලුවෙ කෙටි කාලීන ආර්ථික හානි හැකි තරම් පරක්කු කරන්න..ඒ අතරෙ කොරෝනා හැම අස්සක් මුල්ලකටම රිංගුවා..ඒ රට වල ජනතාව කොටු උනේ කොරෝනත් සමගමයි. ඉතිං රෝහල් පිරී ඉතිරී ගියා..
      අපේ ජනතාව කොටු උනේ කොරෝනා විශාල ලෙස පැතිරෙන්න පෙර.. ඉතිං තැන් තැන් වලින් මතු උන රෝගීන්ට ප්‍රතිකාර කරන ගමන් ඒ ඒ ගම් වසා දාන්නත් පුලුවන් උනා..
      හැබැයි අපේ බහුතරයක් රෝගයට ලක්වී නැති නිසා වෛරසය ට අදාල ප්‍රතිශක්තිය නැහැ. ඒ නිසා එන්නතක් හදන තුරු හෝ රෝගය මුලු ලෝකයෙන්ම තුරන් වන තුරු මේ විදියට පරෙස්සම් විය යුතුයි..දෙවන රැල්ලක් ආවොත් මේ අනතුරම තිබෙන නිසා..

  3. Nishantha says:

    You’re doing extremely well to combat corona but it’s too much and too early to say so. However that Indonesian extremist pilgrims lot should be controlled. Otherwise no way.

  4. Gayan. says:

    Its too early to brag about any victory. We appreciate and grateful for all your guys effort so far.So lady, please control your mouth and let the results speak itself.

  5. sana says:

    lokenma thuran wenakan apita jaya samaranna puluwanda?

Main News