සැහැල්ලු දුම්රිය අවලංගු කලාට ජපානයට මිලියන 5896ක් ගෙවන්න වෙයි..

June 19, 2021 at 10:00 am | lanka C news
සැහැල්ලු දුම්රිය අවලංගු කලාට ජපානයට මිලියන 5896ක් ගෙවන්න වෙයි..

ජපාන රජයේ ණය යෝජනා ක්‍රමයක් යටතේ ආරම්භ කිරීමට නියමිතව තිබූ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය වර්තමාන රජය කිරීම අත්හිටුවීම හේතුවෙන් රුපියල් මිලියන 5896 ක මුදලක් ගෙවීමට සිදුව ඇත.

වාර්ෂිකව මුදල් අමාත්‍යාංශය විසින් ප්‍රසිද්ධ කරනු ලබන රජයේ මූල්‍ය ප්‍රකාශන පිළිබඳව විගණකාධිපති වාර්තාවෙන් මේ බව හෙළි වී ඇත.

අදාළ ව්‍යාපෘතියේ උපදේශන සේවා සඳහා රුපියල් මිලියන 5896 ක මුදලක් ගෙවීමට සිදු ඇතැයි එම වාර්තාවේ දැක්වේ.

කෙසේ නමුත් එම මුදල පසුගිය වසරේ රජයේ මූල්‍ය ප්‍රකාශන වලට ඇතුළත් කර නැති බව ද විගණකාධිපතිවරයා හෙළි කර ඇත.

43,994 views

27 Comments to “සැහැල්ලු දුම්රිය අවලංගු කලාට ජපානයට මිලියන 5896ක් ගෙවන්න වෙයි..”

  1. නිල් බලකාය says:

    අවුලක් සල්ලි තියෙනවා .

  2. ගමේ මිනිහා says:

    මේවගේ මුදලකින් අපිට පර් යේෂණ මට්ටමේ අත් හදාබැලීම් කීපයක්ම කරන්න තිබුණා. හරිගියොත් අපි වගේ වෙනරටකට උදව් කරන්නත් තිබුණා.

  3. Saman says:

    Consultancy fee 5896 usd is to be paid however.We cant avoid whether we continue or not

  4. යකා says:

    වත්තේ පොල් කැඩුවාම හම්බුවෙන සල්ලි වලින් ටිකක් ඕකට දීල ඉවර කරන්න

  5. Soborn says:

    So called Professor Lalithasiri Gunaruwan should take the full responsibility and he should pay this compensation.

    • Janaka from Matara says:

      ..ගුනරුවංට ප්‍රොපෙසර් කම ලැබුනෙ කොහෙං ද​? අඩුගානෙ උන්නැහෙ ඉංජිනේරුවෙක් වත් ද?
      පිටකොටුවෙ ඉන්න නාටාමියොයි තිරිවීල් කාරයොයි දන්නව බඩු/මගී ප්‍රවාහනය ගැන ඒ උන්නැහෙට වඩා.

  6. බූරු පුතා says:

    දැන් ජපානය ඉස්සර කාලෙ වගේ නොවේ. දැන් ඇමරිකාවෙ අතකොලුවක් වෙලා ඉන්නේ, මුලු ලෝකයටම කෙලවන්නේ ජපානය යොදා ගෙනයි. මේ ගැටේට අහුවුණා නම් ලන්කාව මේකෙන්ම ඉවරයි. රනිල් ලොක්කා MCC දෙන්න ගිය අතරෙ මේ ලදරමත් ලන්කාවට පටවන්නයි ගියේ. හොඳ වෙලාවට මේක අවලංගු කරේ.

    • Janaka from Matara says:

      …ලදරමක් කියන්න එපා අයිබොවං. අර ඩුබායි වල අපූරුවට දුවන රේල්ලුව වගේ ඒවලු ඔය කොළඹත් දාන්න ගියේ. මිට්සුබිශි කොම්පැනිය නොවැ…… ගුනරුවං අචාරියා කිව්ව නොවැ කොන්ටේනෙර් පටවන්න/බාන්න බැහැයි කියල ඒ කෝච්චි යන්නෙ උඩින් නිසා​.

Main News