සෑම ඉන්ධන ලීටරයක්ම රුපියල් 10කින් මිල වැඩි කල යුතුයි..- තෙල් සංස්ථාව කියයි..

January 15, 2020 at 4:40 pm | lanka C news
සෑම ඉන්ධන ලීටරයක්ම රුපියල් 10කින් මිල වැඩි කල යුතුයි..- තෙල් සංස්ථාව කියයි..

සෑම ඉන්ධන ලීටරයකින් රුපියල් දහයකින් මිල ඉහළ දැමීමට සිදුවනු ඇති බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් දැනුම්දී තිබේ.

මේ වන විට ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඉහල යාම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතවී ඇතැයි සංස්ථාව විසින් විදුලිබල බලශක්ති අමාත්‍යාංශයට දැනුම් දී ඇත.

දැනට සංස්ථාව සිදුවන පාඩුව මගහරවා ගැනීම සඳහා වහාම ඉන්ධන මිල වැඩි කිරීම හෝ ආනයනයේදී අයකරන බදු අඩු කිරීම සිදු කළ යුතුම බව එම සංස්ථාවේ නිලධාරීන් විෂය භාර ඇමැති මහින්ද අමරවීර මහතාට පෙන්වා දී ඇත.

කෙසේ නමුත් ඇමැතිවරයා සඳහන් කර ඇත්තේ ලෝක වෙළදපොලේ ඉන්ධන මිල ඉහළ ගිය ද ජනතාව පීඩාවට පත් කරමින් තෙල් මිල වැඩි කිරීමට සූදානමක් නැති බවයි.

19,316 Viewers

12 Comments to “සෑම ඉන්ධන ලීටරයක්ම රුපියල් 10කින් මිල වැඩි කල යුතුයි..- තෙල් සංස්ථාව කියයි..”

  1. udara says:

    නිකං ඉඳන් OT ගන්න අය අයින් කරා නම් හරි..

    • ඩපයා says:

      හරියට හරි. වැඩේට අවශ්‍ය ප්‍රමාණයට වඩා ඉන්න ඔක්කොම උන් අයින් කොරන්න ඕනේ. එහෙම නොකර මිල විතරක් වැඩි කොරොත් මහා මැතිවරණයෙන් පස්සේ එකේ ප්‍රතිපලය ලැබෙයී.

  2. ජසජ says:

    ආයෙමත් මිලසූත්‍රය එයිද? එහෙමනම් ජනතාව ආණ්ඩුව ‌වෙනස්කෙරුවේ අහවල් කාරනාවකටද?

    • Podda says:

      මිල සුත්‍රය තාම අයින් කරලා නෑ බොල .. ඒවා එහෙම අයින් කරන්න බෑ බයියෝ අන්දනවා වගේ.

  3. Tomy says:

    Check the lavish spending on nonsense, employee claims and benefits and one can find the real reason for the corporations’ downfall. Do not hold the public for ransom.

  4. Sepalikata horen kotana orwin says:

    Ko mey rasthiyadukara ghanayo???deshapalanaya nokarana sanghaya wahanselata apahaasayak nowewa.

  5. Ravi says:

    ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ නාස්තිය සහ නිකන් සිටින වැඩි සේවකයන් අස් කරානම් තෙල් මිල තව අඩු කල හැක

  6. sw says:

    කියන එකා මංගලගේ මිළසුත්තරේ හදපු එකාද ?

  7. Tomy says:

    Do not hurt customers, they will in turn hurt you more heavily when they get the chance. Try to clean inhouse for your losses.

  8. SL says:

    Oka purawala thiyenne buruwa gahana sewakyo bajutarayakin…most of them are political appointments.same thing was done to national schools by Akila

  9. Nana says:

    But other Company (LIOC ) dealing with Fuel, with more expenses (As they have to buy or rent all assets) than CPC is making profits.. A strong case for privatisation.

Main News