සෑම දිනකම ප‍්‍රාර්ථනා කරන්නේ සම්මුතිවාදී ආණ්ඩුව බිද වැටේවා කියලයි.. යලි ජීවිතේට පොදු අපේක්ෂකයෙක් ජනාධිපති කරවන්නේ නෑ..

October 17, 2016 at 9:20 am | lanka C news
සෑම දිනකම ප‍්‍රාර්ථනා කරන්නේ සම්මුතිවාදී ආණ්ඩුව බිද වැටේවා කියලයි.. යලි ජීවිතේට පොදු අපේක්ෂකයෙක් ජනාධිපති කරවන්නේ නෑ..

මින් ඉදිරියට තමන්ට විරුද්ධව කුමන තීරණයක් ගත්තත් තමන් තවදුරත් දේශපාලනයේ රැදි සිටිනවා නම් එක්සත් ජාතික පක්ෂයෙන් පිටින් එන වෙනත් පොදු අපේක්ෂකයකුව ජයග්‍රහණය කිරීමට කැපවී වැඩ නොකරන බව රාජ්‍ය ඇමති පාලිත රංග බණ්ඩාර කියයි.

හිරු රූපවාහිනියේ පැවති ‘හාඞ් ටෝක්’ වැඩසටහනේදී ඔහු කියා සිටියේ තමන් සෑම දිනම රාත්‍රි නින්දට යද්දි ප්‍රාර්ථනා කරන්නේ මේ සම්මුති ආණ්ඩුවන් අවසන් වී එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවක් හැදෙන්න කියා බවත් උදේ නැගිටිලා ඇදෙන් බහින්නේත් අද දවස ඇතුළත මේක ඉවරවෙලා එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුව බිහිවෙන්නැයි පතමින් බවත්ය.

ආණ්ඩුවට වසරක් ගතවී ඇතත් අමාත්‍යාංශය මට්ටමේ තිබෙන ප්‍රශ්න විසදීමට රජයකට බැරි නම් ගමේ ප්‍රශ්න විසඳන්නේ කෙසේද යන්න වැඩසටහන මෙහෙය වූ නිවේදකයා ප්‍රශ්න කල විට රාජ්‍ය අමාත්‍ය වරයා පිලිතුරු දෙමින් කියා සිටියේ තමන්ටද ඒ ප්‍රශ්න වගකිය යුතු මහත්වරුන් වෙත යොමු කරන බවය.

31 views

13 Comments to “සෑම දිනකම ප‍්‍රාර්ථනා කරන්නේ සම්මුතිවාදී ආණ්ඩුව බිද වැටේවා කියලයි.. යලි ජීවිතේට පොදු අපේක්ෂකයෙක් ජනාධිපති කරවන්නේ නෑ..”

  1. බන්ඩා says:

    තොට යූඒන්පිය ලොකු උනාට අපිට ලොකු පක්ෂ නෙවෙය් “රටය්” පරයො.

    • Amda says:

      සිංහලයා සමගි කල නොහැක! කොටසක් සමගි උනත් උන් කරන්නේ සෙසු උන් පාගා උන්ගේ හත්මුතුපරම්පරාවේම අභිවෘද්ධිය සහ කඳ බඩ යැපීම උදෙසා සෙස්සන්ගේ ශ්‍රමය-ධනය නීතියෙන් හෝ අවනීතියෙන් කොල්ලකෑමයි, සහ හැකි නම් මව්බිමද විකිනීම හා කෙලෙසීමයි. දැන් සිදුවන්නේ එයයි. ඒ අතරම උන් හිතන්නේ අනික් උන්ට නොදී තමුන් තනියෙන් කෑමයි. බෙදාගෙන කන විට මෙහෙම නම්, තනියෙන් කන විට කෙසේ ඇද්ද? අතලොස්සක් රට දැය සමය ගැන තැවෙති, එහි දියුනුවට වැඩ කරති, ඉදිරි පරපුර ගැන සිතති. අනික් උන් රට දැය සමයට හෙන ගැහුවත් කමක්නැත කියා තමන්ගේ අඹුදරුවන් ගැන පමනක් වෙහෙසෙති. තව සමහරු රටින් පැන ගොස් සුද්දන්ගේ රටවල බැලමෙහෙ කරමින් මව් රට අමතක කරති. සමහරු ගතින් මෙහි සිටියත් සිතින් සුද්දන්ගේ රටවල සිටිති, රටින් පැනගන්නේ කෙසේදැයි දිවා රෑ වෙහෙසෙති. එයින්ද අතලොස්සක් පමන සුද්දන්ගේ රටවල සිටියත් තම මව් රට ගැන සොයති, වෙහෙසෙති.
      අවසානයේ සිංහලයා වැනසෙති.
      ඒ වරද සුලුජාතීන්ගේ නොව, අපේමය! අප සමඟ සිටින බන්ඩාරනායකලා, කිරිඇල්ලලා, සමරවීරලා, වික්‍රමසින්හලා, සිරිසේනලාගේ සහ ඔවුන්ට රැවටෙන අපේම මිස සම්බන්ධන්ලාගේ මොහොමඩ්ලාගේ නොවේය.
      ඔවුන් ඔවුන්ගේ ජාතිය වෙනුවෙන් කටයුතු කරන අතර අප වෙහෙසෙන්නේ කඳ-බඩ ගැනය.

  2. Jerome says:

    My God…………… What Happens to Our Country?

  3. fernando says:

    Menna සිංහලයන්ට තිබෙන prshnaya
    Karumeka mahatha

  4. Champa says:

    නෙද්දකින්. ජීවිතේට තමන්ගේ රට ගැන ඉස්සෙල්ලම හිතන්නේ නැති, රටේ පවට ඉපදිච්ච මිනිහෙක්. අවුරුදු දෙකක් රට කාපු UNP එකට ආයේ ආණ්ඩු හදන්න හම්බ වෙන්නේ නැහැ. මේ අන්තිම ටික තමා යන්නේ.

  5. රන්බණ්ඩා says:

    මගේ නම් එකම පැතුම, මේ රටට හෙණයක් වෙලා ඉන්න තොපි ඔක්කොම පුළුවන් තරම් ඉක්මනින් මකබෑවිලාම පලයව් කියන එකයි බොලං.

  6. gadol says:

    එජාප දින 100 පාලනය යටතේ රුපියල කඩා වැටිනි. දේශීය කෘෂි නිශ්පාදන වලට සාධාරන මිලක් නොලැබිනි. ඉන්දීය සමාගම් වලට වාසි සහගත අයුරින් බදු සහන ලැබෙන අතර දේශීය කර්මාන්ත බිඳ වැටෙමින් පවතියි. රන් භාණ්ඩ උගස් තබා බේරා ගත නොහැකි වූ අයට පොළී සහනයක් ලබා දෙන බව ආණ්ඩුව අයවැයෙන් නිවේදනය කළේ ය. රන් ණය සහනය ලබා ගැනීමට අසරණයෙකු බැංකුවට ගිය විට උන් කියන්නේ වෙන කුනුහරපයකි. රන් ණය සහනය ලද කිසිවෙකු නොමැත.එය රනිල්ගේ නින්දිත ප්රෝඩාවකි.දුරකථන ගාස්තු වැඩි කලේය.මැදපෙරදිග ශ්රමිකයන්ට කිසිදු සහනයක් නොදී කොකා පෙන්නුවේය.සංවර්ධන ක්‍රයාවලිය අකර්මන්‍ය කලේය.

  7. saradieal says:

    රනිල් අගමැති ධූරයට පත් වූයේ 2001 වර්ෂයේදීය. සිය පත්වීමේ ලිපියේ තීන්ත වේලීමටත් ප්‍රථම රට පාවා දුන් ඊනියා සටන් විරාම ගිවිසුම අත්සන් කරන ලදි. රනිල් – ප්‍රභා ගිවිසුම සම්පාදනය කෙළේ කවුද? කවදාද ? මෙය ගැඹුරින් සිතා බැලිය යුතු ගැටලුවකි. සැබැවින්ම ඊනියා ගිවිසුම සම්පාදනය කලේ ඉන්දියාව සහ බටහිර තානාපතින් විසිනි.එය සකස් කලේ රනිල් බලයට පත්වීමට පෙරය. රනිල්ගේ දේශපාලන ව්යාපෘතියට ඉන්දියාව ඇතුලු සුද්දන් මුදල් විසි කලේ ඒ අනුවය. බලයට පත්වූ විගස රට පාවාදෙන ගිවිසුම අත්සන් කිරීමට රනිල් එකග වී තිබුනි. විධායක ජනාධිපති , කැබිනට් මණ්ඩලය, පාර්ලිමේන්තුව, අධිකරණය, ත්රිවිධ හමුදා ප්රධානීන් කිසිවෙක් ගිවිසුම පිළිබඳව දැන සිටියේ නැත. ගිවිසුම ගැන දැන සිටියේ රනිල්, ප්‍රභාකරන් සහ විදේශ ප්‍රජාව පමණි.

  8. gadol says:

    . සැබෑ මුහුනුවර සගවා ගනිමින් ජනතාව නොමග යවන දේශපාලන කැනහිලුන් ජනයා අභිමුවේ නිරුවත් කල යුතුය.

  9. sunimal says:

    රනිල්, සුමන්තිරන්, විග්නේෂ්වරන් එක වල්ලේ පොල්.

  10. Aparajitha says:

    Ohoma yanko….

Main News