සෑම සිකුරාදාම ඩෙංගු මර්ධන පැයක් නම් කෙරේ..

June 17, 2017 at 2:30 am | lanka C news
සෑම සිකුරාදාම ඩෙංගු මර්ධන පැයක් නම් කෙරේ..

සෑම සතියකම සිකුරාදා දින උදෑසන 9.30 සිට 10.30 දක්වා පැයක කාලය නිවාස, රාජ්‍ය ආයතන, සියලුම පෞද්ගලික ආයතන පිරිසිදූ කිරීමෙි පැය ලෙස ජනාධිපති ඩෙංගු කාර්ය සාධක බලකාය සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය හදූන්වා දී ඇත.

ඒ අනුව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් මත සෞඛ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රය පිරිසිදූ කිරිම ඊයේ (16) පෙරවරුවෙි සිදූ කෙරිනි. අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතාගේ ප්‍රධානත්වයෙන් එය සිදූ කෙරුනු අතර, මෙම වැඩපිළිවෙල පිළිබදව කරුණු පැහැදිලි කිරීම වෛද්‍ය උපුල් ගුණසේකර මහතා විසින් සිදූ කරන ලදි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන් ඇතුලු අධ්‍යක්ෂවරු මෙන්ම සියලු කාර්ය මණ්ඩලය ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මෙම වැඩපිළිවෙල පිළිබද අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කළේ රටට ආදර්ශයක් සැපයීමෙි අරමුණින් මෙම වැඩසටහන සෞඛ්‍ය අමාත්‍යාංශයේ ක්‍රියාත්මක කළ බවයි. අනෙකුත් රාජ්‍ය ආයතන, නිවාස සහ පෞද්ගලික ආයතන පිරිසිදූ කිරිම මෙි අනුව ඉදිරියේ දිත් සිදූ කළ යුතු බවත්, සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.

මාධ්‍ය ඒකකය
සෞඛ්‍ය අමාත්‍යංශය

0 views
Main News