‘සිංගප්පුරු ගිවිසුමෙන් ශ්‍රී ලංකාවේ දකුණු ආසියාවේ කසල බදුන බවට පත් වෙනවා’ ඇමති මලික්ගේ කලිසම ගලවමින් විමල් පාර්ලිමේන්තුවේදී කියයි…

July 18, 2018 at 12:01 am | lanka C news
‘සිංගප්පුරු  ගිවිසුමෙන් ශ්‍රී ලංකාවේ දකුණු ආසියාවේ කසල බදුන බවට පත් වෙනවා’ ඇමති මලික්ගේ කලිසම ගලවමින් විමල් පාර්ලිමේන්තුවේදී කියයි…

සිංගප්පුරු – ශ්‍රී ලංකා වෙළද ගිවිසුමෙන් මෙරටට ආනයනය කෙරෙන භාණ්ඩ අතර ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය, විකිරණශිලී අපද්‍රව්‍ය, න්‍යෂ්ටික අපදව්‍ය ගනයෙහි ලා ගැනෙන අපද්‍රව්‍ය තොග ද වන බවත් එහි ප්‍රතිඵලයක් ලෙස නුදුරු අනාගතයේදීම ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ කසල බදුන බවට පත් විය හැකි බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

සිංගප්පුරු – ශ්‍රී ලංකා වෙළද ගිවිසුම පිළිබදව පාර්ලිමේන්තුවේ පැවැති විවාදයට එක්වෙමින් ඒ මහතා මෙසේ පැවසීය.

සිංගප්පුරු ගිවිසුමෙන් රටට කිසිදු අගතියක් නොවන බවට මලික් සමරවික්‍රම මහතා සිදු කරන ප්‍රකාශය නිර්දය ලෙස බැහැර කළ විමල් වීරවංශ මහතා ‘ඔබතුමා මේ ගිවිසුම අත්සන් කළේ විශාල මුදලක් ලබා ගෙන කියා මා තරයේ පවසනවා. රටකට මෙවැනි විපතක් ගෙන දෙන ගිවිසුමකට අත්සන් කළ හැක්කේ විශාල මුදලට විකුණුන පුද්ගලයකුට පමණයි’ යනුවෙන් පැවසුවේ පාර්ලිමේන්තුව උණුසුම් කරමිනි.

එම උණුසුම් වාග් ප්‍රහාරය හමුවේ අන්දමන්දව ගිය මලික් සමරවික්‍රම මහතා කිහිප වරක්ම නැගී සිටිමින් සිංහල හා ඉංග්‍රීසි බසින් කියා සිටියේ ‘මට සිංගප්පූරුවෙන් සල්ලි ගන්න උවමනා නැහැ. මට හො‍දට සල්ලි තිබෙනවා” කියාය.

– අනුරුද්ධ බණ්ඩාර රණවාරණ

95 views

20 Comments to “‘සිංගප්පුරු ගිවිසුමෙන් ශ්‍රී ලංකාවේ දකුණු ආසියාවේ කසල බදුන බවට පත් වෙනවා’ ඇමති මලික්ගේ කලිසම ගලවමින් විමල් පාර්ලිමේන්තුවේදී කියයි…”

  1. LION voice says:

    Wijayabahu bastard shut your damn yamapalanaya eelam foul mouth and GET LOST……

  2. Love nature says:

    “ලෝකයම විසි කරන කුණු භාරගන්න ශ්‍රී ලංකාව සුදානම්, පිළිකාකාරක න්‍යෂ්ඨික අපද්‍රව්‍යත් ඒ අතර” සිංගප්පූරූ ගිවිසුමේන් සිදුවෙන අමුතු වැඩක්!