සිංගප්පූරුවේ ඇති අර්ජුන් මහේන්ද්‍රන්ගේ දේපල රාජසන්තකයි..

January 7, 2018 at 10:00 am | lanka C news
සිංගප්පූරුවේ ඇති අර්ජුන් මහේන්ද්‍රන්ගේ දේපල රාජසන්තකයි..

මහ බැංකු බැදුම්කර වංචාවට චූදිතයෙකු වී සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද‍්‍රන්ට එරෙහිව නඩු අසා ඔහුගේ සිංගප්පූරුවේ ඇති දේපලද රාජසන්තක කල හැකි බව නීතීඥ ප‍්‍රතිභා මහානාම මහතා පවසයි.

උදර්පණ නීතිය යටතේ මෙම පියවර ගත හැකි බවත් ඒ සදහා ශ‍්‍රි ලංකාව සිංගප්පූරුවෙන් සහයෝගය ඉල්ලා සිටිය යුතු බවත් ඒ මහතා කියයි.

අර්ජුන් මහේන්ද‍්‍රන් මෙහි සිටියත් නැතත් මෙරට නඩු අසා එම නඩු තීන්දුව සිංගප්පුරු අධිකරණයට දැනුම් දීමෙන් පසු එරට ඇති ඔහුගේ දේපල වුවද පවරාගෙන බැදුම්කර අළාබය පියවා ගත හැකි බවද ඔහු සදහන් කරයි.

ඔහුට එරෙහිව චෝදනා පත‍්‍ර ගොනුකර අධිකරණ ක‍්‍රියාමාර්ග ගැනීම දැන් නීතිපතිවරයා විසින් කල යුතු බවත් සේ නොමැතිව තැන් තැන්වල කතා කිරීමෙන් පලක් නැති බවත් ඔහු වැඩි දුරටත් කියා සිටී.

46 views

3 Comments to “සිංගප්පූරුවේ ඇති අර්ජුන් මහේන්ද්‍රන්ගේ දේපල රාජසන්තකයි..”

  1. Dubba says:

    අපේ ජනපති සිංගප්පූරු අගමැති ලී ක්වාන් යූ ට කෝල් කලත් ඇති ඔය වැඩේ කෙරෙන්න.

    • ජසයා says:

      ලී ක්වාන් යූ දැන් ජීවතුන් අතර නැහැනේ. කොහොමද කෝල් කරන්නේ?

    • ජසයා says:

      ලී ක්වාන් යූ දැන් ජීවතුන් අතර නැහැනේ. කොහොමද කෝල් කරන්නේ????

Main News