සිංගප්පූරු ගිවිසුම අනුව විදෙස් කසල තොග එයි.. බැහර කරන්න දොම්පෙ ඉඩමක් සූදානම්.. පර්චසය රුපියල් හතලිහයි..

August 15, 2018 at 3:50 pm | lanka C news
සිංගප්පූරු ගිවිසුම අනුව විදෙස් කසල තොග එයි.. බැහර කරන්න දොම්පෙ ඉඩමක් සූදානම්.. පර්චසය රුපියල් හතලිහයි..

ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර අත්සන් කර ඇති නිදහස් ගිවිසුම් වෙළෙඳ ගිවිසුම යටතේ මෙරටට ගෙන එන අපද්‍රව්‍ය බැහැර කිරීමට ගම්පහ දොම්පෙ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ‍ප‍්‍රදේශයක් වෙන් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි මහතා පවසයි.

දොම්පෙ වැලිකැටියවත්ත පොල් ඉඩමේ මේ වන පොල් ගස් 1500ක් පමණ කපා දමා ඇති බව ද මන්ත්‍රීවරයා සඳහන් කරයි.

මෙම ඉඩමේ පර්චසයක් රුපියල් 40ක මුදලකට ආයෝජන මණ්ඩලයේ ව්‍යාපෘතියක් ලෙස මෙම ස්ථානය අපද්‍රව්‍ය බැහැර කරන ස්ථානයක් ලෙස ලබාදීමට සැලසුම් කර ඇති බව ද ඔහු කියා සිටියේය

17,537 Viewers

4 Comments to “සිංගප්පූරු ගිවිසුම අනුව විදෙස් කසල තොග එයි.. බැහර කරන්න දොම්පෙ ඉඩමක් සූදානම්.. පර්චසය රුපියල් හතලිහයි..”

  1. Vasana says:

    සිංහලයෙනි උබලගේ ඇස් ගෙඩිදෙකට හෙනගහයද තවත් බලා සිටින්නේ මේ යමපාලනයෙන් රට බේරාගනිව්
    ලංකාව කුණු ගොඩක් කිරීමටයි සිරිසේන -රනිල්ගේ වෑයම

  2. Saradiel says:

    සිංගප්පුරුව සමඟ ඇති කර ගැනිමට යන වෙළෙඳ ගිවිසුම හරහා ප්‍රතම වතාවට මෙරට තුල නිදහස් පුද්ගල සංචරණය සිදු වන අතර මෙම ගිවිසුම තුලින් ශ්‍රී ලංකාවට කිසිඳු වාසියක් නැත.

  3. John the baptice says:

    2015 කලින් සිංගප්පූරුව වගේ තිබ්බ රටක් නේ මේ හිටන් අපිට නැති කලේ.

  4. රටවැසියා says:

    මොන නිවට වැඩද මේවා. කාගෙවත් කුණු මෙහෙ ගේනකන් බලන් ඉන්න එක. යන්තන් තමන්ගේ කුණු පිරිසිඳු කරගන්න ට්‍රෙන්ඩ් එකක් පටන් ගත්ත විතරයි ලංකාවේ තරුණයෝ අතරේ. එක කුණු බින්දුවක් ගෙනත් දන්නා දෙන්න එපා බොලව්.

Main News