සිංගප්පූරු-ශ්‍රී ලංකා ගිවිසුම පාර්ලිමේන්තු නොදැම්මේ අවදානම් නිසා..- මලික්
August 29, 2018 at 4:40 pm | lanka C news
සිංගප්පූරු හා ශ්‍රී ලංකාව අතර අත්සන් තබන ලද ද්විපාර්ශවීය වෙලද ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ නම් විශාල අවදානමකට මුහුණ දීමට සිදුවන්නේ යයි මලික් සමරවික්‍රම ක්‍රමෝපාය සංවර්ධන හා ජාත්‍යන්තර වෙළඳ අැමතිවරයා සදහන් කරයි.
එම ගිවිසුම පාර්ලිමේන්තුවේ 2/3කින් සම්මත කලහොත් ආරක්ෂක හේතුවක් මත හැර වෙනත් කිසිම හේතුවකට නැවත වෙනස් කල නොහැකි යයිද පවසන ඇමතිවරයා එවැන් අවදානමක් ගැනීම ඥාණාන්විත නැති බවද කියා සිටී.
එසේම නීතිපතිවරයාද තමනට දන්වා ඇත්තේ එම ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට උවමනාවක් නැති බව යයිද සදහන් කරන ඔහු බොහෝ දේශපාලන පක්ෂ සමඟින් සාකච්ඡා කොට ගිවිසුම සකස් කල බවත් අද කෑ ගසන්නේ එම සාකච්චා මග හැරී ගිය පක්ෂ බවත් සදහන් කරයි.
රටට සතුරු කිසිවක් එම ගිවිසුමේ නැති බවත් තමන් එවන් දේ සදහා කිසිවිටෙක ඉඩ නොතබන බවත් වැඩි දුරටත් ඔහු කියා සිටියේය.
yes. it is not harm to you because you have no family and you can easily find a homo … partnesr.