සිංගප්පූරු-ශ‍්‍රී ලංකා වෙලද ගිවිසුමෙන් අපනයනයට වාසියක් නෑ..- මහ බැංකු අධිපති

August 6, 2018 at 12:40 pm | lanka C news
සිංගප්පූරු-ශ‍්‍රී ලංකා වෙලද ගිවිසුමෙන් අපනයනයට වාසියක් නෑ..- මහ බැංකු අධිපති

ශ්‍රී ලංකාව හා සිංගප්පූරුව අතර අත්සන් කර ඇති වෙළෙඳ ගිවිසුමෙන් අපනයනන් ඉහල යනු ඇතැයි විශ්වාසයක් නැති බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමී පවසයි.

ඔහු මේ බව කියා සිටියේ මහ බැංකුවේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

කෙසේ වෙතත් මෙම ගිවිසුම මගින් ආයෝජනයන් වැඩි විය හැකි බවත් කී ඔහු ගිවිසුමේ සමස්තය ආර්ථිකයට වාසිදායක වනු ඇතැයිද කියා සිටියේය.

අදාල ගිවිසුම අනුව භාණ්ඩ රැසක වරාය බදු ඉවත් කිරීමට රඩය විසින් ගෙන ඇති තීරණය නිසා ආර්ථිකයට බලපෑම වේදැයි කල විමසීමකදී ඔහු මේ බව කීය.

21 views

2 Comments to “සිංගප්පූරු-ශ‍්‍රී ලංකා වෙලද ගිවිසුමෙන් අපනයනයට වාසියක් නෑ..- මහ බැංකු අධිපති”

  1. john the baptice says:

    සිරිසේන රනිල්ගේ වෙනස සැපද?

    ලංකාවේ ජනගහනයෙන් හතරෙන් එකක් ජීවත් වන්නේ රුපියල් හාරසියයකට වඩා අඩු දෛනික ආදායමකිනි. අන්ත දරිද්‍රතාවයේ සිටින ජනගහනයෙන් සියයට 3.3 ක් ජීවිතය ගැටගසා ගන්නේ ඇමරිකානු ඩොලර් 1.30 කට අඩු එනම් රුපියල් 208 ක ජීවත් වීමටවත් ප්‍රමානවත් නොවන දෛනික ආදායමකින් ය. මෙමගින් ප්‍රකාශයට පත් වන්නේ ලංකාවේ මහජනතාව මුහුන දී ඇති සමාජ ඛාදනයේ පරිමාවයි.

  2. sama says:

    Is there a place to download this, or to read this?

Main News