සිංගිමලේ කන්ද ගිනි ගනි.. ගින්න සීඝ‍්‍රයෙන් පැතිරේ..

February 13, 2020 at 12:40 pm | lanka C news
සිංගිමලේ කන්ද ගිනි ගනි.. ගින්න සීඝ‍්‍රයෙන් පැතිරේ..

හැටන් සිංගිමලේ කන්දේ ගින්නක් හටගෙන ඇති බව හැටන් පොලිසිය පැවසිය.

උඩරට දුම්රිය මාර්ගයේ දිගම දුම්රිය උමං මාර්ගයද පිහිටියේ මෙම සිංගමලේ කන්ද පාමුලය.

සිංගිමලේ කන්දේ නැගෙනහිර මායිම් ප්‍රදේශයෙන් (13) දින උදැසන ගින්න හටගෙන ඇත.

පවතින වියළි කාලගුණයත් සමග ගින්න සිඝ්‍රයෙන් කදු මුදුණ දක්වා පැතිර යමින් පවති.

සිංගිමලේ කදු මුදුණ සිට පහලට ගලා බසිනා ජල මුලාශ එක්රැස් කර ගනිමින් හැටන් ප්‍රදේශයට ජාතික ජල සම්පාදන මණ්ඩලය මගින් ජලය ලබා ගන්නා ජල වේල්ලද එම ස්ථානයේ පිහිටා ඇත.

සිංගිමලේ කදු රක්ෂිතයේ කදුකරයට ආවේනික ක්ෂිරපායි සතුන් මෙන්ම , පක්ෂින්ද ගණනාවක්ද වෙසෙන අතර එම රක්ෂිතය තුල දුර්ලභ ඝනයේ දැව සහ ආයුර්වේද ඖෂධ පැළැටි ගණනාවක්ද තිබෙන බවයි හැටන් වන අඩවි කාර්යයාලයේ නිලධාරින් පවසන්නේ.

කිසියම් පිරිසක් මෙම රක්ෂිතයට ගිනි තබන්නට ඇති බව හැටන් පොලිසිය සැකකරයි.

පැතිර යන ගින්න පාලනය කිරිමට හැටන් පොලිසියේ නිලධාරින් , හැටන් දික්ඔය නගර සභාවේ ගිනි නිවස ඒකකය ,හැටන් වන අඩවි කාර්යයාලයේ නිලධාරින් සහ ප්‍රදේශවාසින් මේ වන විට කටයුතු කරමින් සිටියි.

පවතින වියළි කාලගුණයත් සමග ගින්න සිඝ්‍රයෙන් පැතිර යමින් පවතින අතර ගින්න පැතිර යන ස්ථානයට හැටන් නගර සභාවේ ගිනි නිවන ඒකකයේ උපකරණ රැසක රැගෙන යාමට අසිරු වි ඇත.

– හැටන් රංජිත් රාජපක්ෂ                       

14,121 Viewers

3 Comments to “සිංගිමලේ කන්ද ගිනි ගනි.. ගින්න සීඝ‍්‍රයෙන් පැතිරේ..”

  1. SL says:

    මේ යන විදියට කඳු වලටත් FIRE HOSE-REELS system ගහල තියන්න වෙයි වගේ.

  2. රනිල් says:

    ගිණ තියපු ගොන් කැරියො අල්ලල ගින්න්ට දමාපල්ල

    • Love nature says:

      කදුරටේ වතු දෙමළ කොළණි සෑදීමට ගන්නා එක පියවරක් මේ.. වන රක්ෂිතවලට ගිනි තැබීම ..මේ අපරාධය කල පුද්ගලයින්ට දැඩි දඩුවම් දියයුතුයි

Main News