සිංගිමලේ රක්ෂිතයේ ගිනි ඇවිලේ.. හමුදා සහාය ඉල්ලයි..
February 2, 2019 at 5:30 pm | lanka C news
හැටන් වන අඩවි කර්යයාලය යටතේ පාලනය වන හැටන් සිංගිමලේ රක්ෂිතයේ අද (02) පස්වරු පමණ ගින්නක් හට ගෙන ඇත.
උඩරට දුම්රිය මාර්ගයේ සිංගිමලේ දුමරිය උමං මාර්ගයේ පිහිටි රක්ෂිතයේ හට ගත් ගින්න කදු බැවුමේ සිට කදු මුදුණ දක්වා සිඝ්රයෙන් පැතිර යමින් පවති.
පැතිර යමින් පවතින ගින්න පාලනය කිරිම සදහා වන අඩවි කාර්යයාලයේ නිලධාරින් යුධ හමුදාවේ සහය ඉල්ලා ඇත.
ප්රදේශයේ පවතින වියළි කාලගුණයත් සමග කිසියම් පිරිසක් මෙම රක්ෂිතයට ගිනි තබන්නට ඇති බවයි වන අඩවි කාර්යයාලයේ නිලධාරින් සැක කරන්නේ.
හැටන් නගරයට පානිය ජාතික ජල සම්පාදන මණ්ඩය මගින් පානිය ජලය ලබා ගන්නා ජලාශක්ද මෙම රක්ෂිතය බැවුමේ පිහිටා තිබේ.
මෙම රක්ෂිතය තුල වන අඩවි කාර්යයාලය මගින් වන වගාවක්ද සිදු කර ඇති අතර මෙම රක්ෂිතය තුල විශේෂ පක්ෂින් සහ සිවුපාවන් ගණනාවක් වාසය කරයි.
– හැටන් රංජිත් රාජපක්ෂ
This is definitely a plan activity. Setting fire 🔥 on the valuable lands for the housing projects.
This government will sell all the lands to their supporters.
රක්ෂිතයක ගින්නක් ඇති වුනොත් ක්ෂණිකව ගින්න මැඩ පවත්වන්න කියලා වැඩ පිළිවෙලක් හදලා තිබෙනවා.
නමුත් එම වැඩපිළිවෙල ප්රායෝගික නොවන බව සහ පන මදි බව මෙයින් ඔප්පු වෙනවා.