සිංහයෙක් අගමැති වෙලා.. ආපසු හැරීමක් නෑ.. හෙටත් අගමැති මහින්දයි..

December 3, 2018 at 1:20 pm | lanka C news
සිංහයෙක් අගමැති වෙලා.. ආපසු හැරීමක් නෑ.. හෙටත් අගමැති මහින්දයි..

මහින්ද රාජපක්ෂ මහතා මේ රටේ අග්‍රාමාත්‍යය ධුරය භාර නොගත්තේනම් මේ රටේ ජනතාවට රටක් ඉතිරි වන්නේ නොමැති බව තැපැල් හා විදුලි සන්දේශ අමාත්‍යය සි.බි රත්නායක මහතා පැවසිය.

සි.බි රත්නායක මහතා ඒ බැව් කියා සිටියේ ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ මස්කෙලිය ආසනය  මගින් සංවිධානය කර තිබු ජනතා පරමාධිපත්‍යය තහවුරු කරමු යන මැයෙන් ඊයේ (02) පස්වරුවේ ගිනිගත්හේන සමුපකාර ශාලාවේ පැවති සම්මන්ත්‍රණයක් අමතමිණි.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වු අමාත්‍යය සි.බි රත්නායක මහතා කියා සිටියේ එක්සත් ජාතික පක්ෂය විසින් මේ රටේ ජාතික සම්පත් හා දේපල විදේශිකයන්ට අලෙවි කර තිබු බවයි.

ඉදිරි වසර දෙක තුලත් එක්සත් ජාතික පක්ෂය රටේ පාලන බලයේ සිටියා නම් මුළු රටම විදේශිකයන්ට අලෙවි කිරිමට ඉඩ තිබු බවයි අමාත්‍යය සි.බි රත්නායක මහතා කියා සිටියේ.

සිංහයෙකු අග්‍රමාත්‍යය ධුරය ලබාගෙන ඇති බවත්, එම සිංහයා ඉදිරියට තැබු  පය ආපස්සට නොගනෙ අදත් හෙටත් මේ රටේ අග්‍රමාත්‍යයවරයා මහින්ද රාජපක්ෂ මහතා බවයි අමාත්‍යය සි.බි රත්නායක මහතා වැඩි දුරටත් කියා සිටියේ.

– හැටන් රංජිත් රාජපක්ෂ

132 views

11 Comments to “සිංහයෙක් අගමැති වෙලා.. ආපසු හැරීමක් නෑ.. හෙටත් අගමැති මහින්දයි..”

  1. කාදිනල් උතුමා says:

    සත්තු වත්තෙ එකෙක්ද?

    • Hoo !!! says:

      නෑ රට විකුණන ච්ම්පංසි, නරි සහ කොටි සහ උන්ට කඩේ යන තෝ වැනි පක්කලියන්වත් සත්තුවත්තට ගාල් කරලා මේ රට නිදහස් කරගන්න පුලුවන් රටේ උරුමය හිමි එඩිතර සිංහයෙක්.

    • Dp says:

      ගිරුවාපත්තුවේ සිංහයා එලියට බැස්සම මංගල වගේ උන්ට චූ යනවා.

  2. තේජස සිංහය කඩුව වැනුම says:

    අවුරුදු තුනක් සිංහ හිටියේ කඩුව හංඟලය
    කේසර සිංහයා කඩුව ඇල්ලුවේ රට හිතලය
    රෞද්‍ර නාදය ලොවටම ඇසී යුරෝපය දුවපිය
    රට දිනුම සිතා තේජස සිංහය කඩුව වනපිය

    • Kamal says:

      බෙහෙතක් ගත්තෙ නැද්ද තාම?

    • හැකහැක says:

      මොනවද මේ දොඩවන වීකාර? කවිද මේවා..තේරැමක් තියෙන වැඩක් කරන්න

      • බීලම සුදිය says:

        බේබද්දන්ට මොන කවි රසය
        සිහළ බසත් මුන්දැලටද විසය
        බෝතලය ඇරියම දුටුවා අඩිය
        වියුරු හතර ගාත බීලම සුදිය

  3. Rupe says:

    Well said. Good on you.

  4. ransith says:

    anna sinhayata kela wila…

  5. nishantha says:

    Dan hari neda…….

  6. mahinda says:

    අන්න අභියාචනාධිකරනය සිංහයා බල්ලෙක් ගානට පාතට දාලා තව ටික දවසකින් මනර සභාවේ බලු වැන් එක ඇවිත් බෙල්ලට තොන්ඩුව දාල අල්ලලා බලු වෑන් එකේ පටවාගෙන යාවි.

Main News