සිංහරජයට අත නොතබනු.. පාර වසා විරෝධතා..
January 29, 2019 at 8:02 am | lanka C news
කොළොන්න ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් සූරියකන්ද. පොත්දෙනිය. කල්ලුමලේ. නිල්දෙණිය. කඩ මුදුන. යන සිංහරාජ වනාන්තරයට අයත් ජල පෝෂක ප්‍රදේශ තේ වගාව සඳහා එළි පෙහෙළි කිරීම නිසා ජල පෝෂක ප්‍රදේශවල ජලය සිඳී ගොස් ඇතැයි පවසමින් මෙම වන විනාශය වහාම නතර කරන දෙන ලෙස ඉල්ලමින් සූරියකන්ද නගරයේ විරෝධතාවයක් ඊයේ දින පැවැත්විණි.
විරොධතාව හේතුවෙන් සූරියකන්ද දෙනියාය මාර්ගය, සූරිය කන්ද රක්වාන පාර, සූරියකන්ද ඇඹිලිපිටිය මාර්ගය, අවහිර කරමින් 200ක් පමණ දෙනා විරෝධතාවයක් ආරම්භ කරන ලදී. දිය උල්පත් රැක ගනිමු,වන විනාශය වහා නවතනු,බලධාරීන් නිදිද,ජනපති තුමනි ලෝක උරුමය රැකදෙන්න,ලෝක උරුමය අපිට රැක දෙන්න,සිංහරාජය සුරකිමු,යනුවොන් පොස්ටර් ප්‍රදර්ශනය කරමින් මෙම විරෝධතාවය පැවැත්විණි.
විරොධතා කරුවන් වනසංරක්ෂන නිධාරීන් මෙන්ම ඉඩම් ප්රතිසංස්කරන කොමිසමේ නිලධාරීන් චෝදනා කලේ වන විනාශයට ඔහුන්ගේ සහයෝගය ලැබෙන බවටය.
විරෝධතාකරුවන් ප්‍රකාශ කරන්නේ ජනාධිපති තුමා පරිසර ඇමැතිවරයා හැටියට මැදිහත් වී වහාම මේ ලෝක උරුමයක් වන මේ සිංහරාජ වනාන්තර විනාශය නතර කර දෙන ලෙසයි .බොහෝ කාලයක් කාලයක් මේ ආකාරයෙන් සිංහරාජ වනාන්තරය හා ඒ අවට පරිවාර කැලෑවන් විනාශ කරමින් පවතී.මේ පිළිබදව මාධයයන් තුලින් කොතෙක් අණාවරණය කලද මේ දක්වා බලධාරීන් සිංහරාජ ලෝක උරුම වනාන්තරය මේ ව්‍යවසනයෙන් මුදා ගැනීමට අසමත්ව ඇත.
– ප්‍රගීත් ජනක
Ane me Janadipathithuma nidida. Mechchara winashayan lankawe siddawenawa Janadipathi danne naha…eyata aharenne okkoma winasha unata passe..
සූරියකන්ද නගරයේ විරෝධතාව පෑ සියලු දෙනාටම අපේ ප්‍රණාමය
ජනාධිපති තුමා පරිසර ඇමැතිවරයා හැටියට මෙතෙත් පරිසරය ආරක්ෂා කිරීමට කිසිවක් කර නැහැ ..ඔහු සිටින්නේ සිහින ලොවේ ..
මිනිසුනේ ,නැගෙනහිර ,උතුරේ ,කදුරටේ වන රක්ෂිත මහාපරිමාණයෙන් විනාශ කරනවා ..අනවසරයෙන් ගස් , වැලි ,මැණික් ගැරීම් වැඩි වෙලා .. තේ වතු අවර ඇති වන රක්ෂිත ගිනි තියනවා ..ඉන්පසු තේවතු වල කල්ලතොනින්ට .නොමිලේ ගෙවල් ඉඩම් සාදා ඒවායේ අයිතිය ලබා දෙනවා …සිංහලයාට ඉඩමක් ගැනීමට මුදල් සොයාගත යුතුයි .දැන් මේ රටේ සිංහලයා සතු උරුමයන් සුළුජාතීන්ට බෙදාදෙනවා මේ ගැන පාලකයන්ට කීම බිරි අලින්ට විනා ගැයිම වගේ
අපේ රට ජාතිය රැකගැනීමට හෙළයිනි සමගිවී එක්වෙයව් … සිංහරජයට අත නොතබනු..
ඡන්දයක් ආපු ගමන් පෝලීමේ ගිහින් ජනතා මුදල් විනාස කරන රට කන හොරුන්ට පෝලිමේ ගිහින් කතිරේ ගහනවා
අපේ රටේ ඉන්න බහුතරේ දේශපාලන වහල්ලු උන්ට ඒ වහල් බවින් මිදෙන්න පට්ටම අමාරුයි මේ නිසා මේ දේශපාලන හොරු බලයට ආවිට ඔවුන්ට අවශ්‍ය දේ කරනවා පරිසර ඇමති රූකඩයක් …පොළොන්නරුවේ වැලි හොරු ගස් හොරු කවුද කියා සොයා බැලුවොත් තේරෙයි ඇයි වන රක්ෂිත විනාශය ගැන ඔහු නිහඩ වීමට හේතුව ..මේ හොර දේශපාලකයන්ට කීමෙන් පලක් නැහැ අපේ රට ජාතිය රැකගැනීමට ගම් මට්ටමින් ජනතාව පෙරට වරෙව් තමන් ජීවත්වෙන පරිසරය තමන්ම රැකීම තමයි ගතයුතු පියවර ..
මොකා ආවත් බිය නොවී යුතුකම ඉටුකරව්