සිංහරාජයේ අවසන් අලින් දෙදෙනා ගම් වදිති.. ජනයාට පන්නමින් පහර දෙති..

May 10, 2018 at 2:06 am | lanka C news
සිංහරාජයේ අවසන් අලින් දෙදෙනා ගම් වදිති.. ජනයාට පන්නමින් පහර දෙති..

සිංහරාජ වනාන්තරයේ මේ වන විට ඉතිරිව අවසන් අලි  දෙදෙනා සුරිය කන්ද රක්වාන මාර්ගයේ වංගු දහය ප්‍රදේශයේ  පහේ වංගුවත් දහය වංගුවත්  අතර මේ දිනවල සැරි සරණ බවත් 09 දා සවස් වන විට වන විට සූරියකන්ද ගම්මානය  අසල කැලයේ රුදී සිටින බව  ප්‍රදේශවාසීන් පවසයි.

මෙම අලින් දෙදෙනා නිසා ප්‍රදේශවාසීන් දෛනික කටයුතු කරගෙන යාමට පවා බියට පත්ව ඇති අතර මිනිසුන්ට පන්නා  පහර දෙන බව ඔහුන් ප්‍රකාෂ කරයි.

රක්වාන සූරියකන්ද මර්ගයේ රියදුරන් රාත්‍රී කාලයේ වාහන ගමනාගමනය නොකරණ අතර දහවල් කාලයේද ගමන් කරනු ලබන්නේ ඉතා ප්‍රවේසමෙන් බව ඔවුන් කියයි.

සිංහරාජ වනාන්තරයේ සැරිසරණ මෙම වනඅලි දෙදෙනාගේ ප්‍රහාරයන්ට ලක්‌වීමෙන් රජවත්ත, රඹුක, දොලේකන්ද, කෝපි කෑල්ල , ජාතුංකන්ද. පන්දෙණිය, ආදී ප්‍රදේශවල පදිංචිකරුවන් පහලොස් දෙනෙකු මේ වන විට මිය ගොස්‌ ඇත.

– ජයන්ත නානායක්කාර

288 views
Main News