සිංහරාජයේ පාර කපන්නේ ගම්වාසීන්ගේ ඉල්ලීමට නිසයි.. රජයෙන් නිවේදනයක්..

August 19, 2020 at 10:40 am | lanka C news
සිංහරාජයේ පාර කපන්නේ ගම්වාසීන්ගේ ඉල්ලීමට නිසයි.. රජයෙන් නිවේදනයක්..

ගාල්ලේ නෙළුව සිට ලංකාගම දක්වා වන කිලෝමීටර් 18 ක දිගකින් යුත් ග්‍රාමීය මාර්ගය සංවර්ධනය කර කර දෙන ලෙස ගම්වාසීන් කරන ලද ඉල්ලීම අනුව එම මාර්ගය සංවර්ධනය කරමින් පවතින බව හා මාර්ග අමාත්‍යාංශය සඳහන් කරයි.

අමාත්‍යාංශයේ ලේකම් ඩබ්.ආර්.ඩබ්. ප්‍රේමසිරි මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ එම මාර්ගය ඉදිකිරීමේදී පරිසරයට හානි වන පරිදි කිසිදු කටයුත්තක් සිදු නොකරන ලෙස ජනාධිපතිතුමා විසින් උපදෙස් ලබාදී ඇති බවයි.

ඒ අනුව පරිසර සංවේදී සංවේදී කලාපය තුළ පිහිටි කිලෝමීටර් 1.1 කොටසක කිසිදු ඉදිකිරීමක් සිදුකර නොමැති බව ද ඉදිරියේ දී ද එවැන්නක් සිදු නොකරන බවද ඔහු සඳහන් කරයි.

මාර්ග අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරන ලංකාගම මාර්ග ව්‍යාපෘතිය ගැන පැහැදිලි කිරීමක් කරමින් ලේකම්වරයා විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව කියා සිටී.

කෙසේ වෙතත් එම මාර්ගය සංවර්ධන කටයුතු ජනාධිපතිවරයාගේ උපදෙස් මත මේ වන විට අත්හිටුවා ඇත.

46,696 views

28 Comments to “සිංහරාජයේ පාර කපන්නේ ගම්වාසීන්ගේ ඉල්ලීමට නිසයි.. රජයෙන් නිවේදනයක්..”

  1. SL says:

    ලබ්බට තිබ්බ ඇත පුහුලට නොතිය ඉන්නේ නැහැ .මේ වගේ බලු වැඩ කරන්න එපා කියල තමයි ස ට කියන්න තියෙන්නේ.
    මේ ක ලොකු විනාශයක පටන් ගැන්මක්

  2. SL says:

    ඉදිරියේදී ඔකේ බස් යයි ,ලොරි යයි ..සත්තු මැරෙයි …………තියෙන කැලෑ ටික ම කාපල්ලා

  3. ක්‍රිමිනල් says:

    රෙස්පෙක්ට් ස ! 😂😂😂😂

  4. Neluwa K says:

    නෙලුව සිට ලංකාගම ට පාරක් හදන විට සිංහරාජය තුලට යන්නේ කොහොමද ?
    මේ කොමෙන්ට් කරන අය සිංහරාජ රක්‍ෂිතය තියෙන්නෙ කොහෙද​, නෙලුව සිට ලංකාගම දෙණියාය පාර වැටෙන්නේ කොහෙන් ද කියා දන්නවද ?

  5. නැවතත් කියන්නේ මේපාර හැදෙන්නම ඕන පාරක්. ගම්වාසීන් මේ විඳින දුක කොළඹ රටේ සීතල කාමරවල ඉන්න එවුන් දන්නේ නැහැ. උන් මේ පැත්තේ ආවත් එන්නේ රා බීල, පොලිතීන්, බෝතල් ආදිය දාල වනාන්තරය විනාශ කරල යන්න. මේ පරිසරවේදියෝ කියල කෑගහන්නේ ඩොලර්වලට තියෙන කෑදර කමට. දැනටත් මේ කෑගහපු ටිකට ඩොලර් මල්ලක් ලැබිල ඇති. කැලේ කපන එවුන්ට-ලංකාවේ ශාක, සත්තු පිටරටවලට අදින එවුන්ට-ලංකාවේ ජාන රට පටවන එවුන්ට විරුද්ධව මුන් ගනිපු පියවර මොකක්ද? ජනපතිතුමණි! මේ පටන් ගත්තු වැඩේ බය නැතිව අවසන් කරන්න. අපි ඔබතුමා කෙරෙහි විශ්වාසයෙන් ඉන්නේ.

    • උක්කුං පුතා says:

      ඔබතුමාලට මාසයක් යන්නත් කලින් ආයෙ වැඩ පටන් ගන්න වෙයි කියල කවුද හිතුවෙ?

  6. පැලවත්තේ සමිත says:

    නෙලුව ලංකාගම නොදන්න එවුන් Fඹි එකේ පෝස්ට් දාන්නෙ හරියට එහෙ එවුන් වගෙ. මේ පාර දැනුත් තියෙනවා. වැස්ස කාලෙට හේදිලා යන්න බැරි තරමට වලවල් හදෙනවා.නෙලුවෙ ඉදල දූවිලි ඇල්ල ගාවට පාර පසුගිය කාලෙ හැදුවා. ඒ දුෂ්කර පැත්තෙ මිනිස්සු මෙහෙ එවුන් වගෙ රස්සා ඉල්ලන්නෙ නෑ. ඉල්ලන්නෙ වගා කරන තේ දලු ටික ගේන්න, ලෙඩෙක් ඉස්පිරිතාලෙට ගේන්න පාරක්.

  7. Saleem says:

    සිංහල ගම් වාසින් කියපු නිසා ලෝක උරුමයක් වනසන එකේ වරදක් නැත. වසර තිහකට පස්සේ පිරිස වැඩි වෙලා නිසා අවට කැලෑව එළි කරල මුස්ලිම් ජනතාව ගෙවල් හැදුවම ඒක මහා පරිසර විනාශයක්

  8. ara soyza says:

    ape saaaaaaa

  9. sunimal says:

    යහපාලන ආණ්ඩුව ගස්ටිකට වැඩක් දෙන්න බැලුවේ කාලකන්නි හැත්ත

Main News