සිංහරාජයේ මගේ හෝටලය පෙන්වනු.. නැතොත් සතියක් ඇතුලත කෝටි 50ක් වන්දි ගෙවනු..- යෝෂිත නඩු මගට..

August 24, 2020 at 1:20 pm | lanka C news
සිංහරාජයේ මගේ හෝටලය පෙන්වනු.. නැතොත් සතියක් ඇතුලත කෝටි 50ක් වන්දි ගෙවනු..- යෝෂිත නඩු මගට..

සිංහරාජ රක්ෂිතය ආශ්‍රිතව මහා පරිමාණ හෝටලයක් තමාට අයත් බව කියමින් තමා වෙත එල්ල කරන ලද අසත්‍ය හා පදනම් විරහිත, අපහාසාත්මක ප්‍රකාශයක් වෙනුවෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙටු පුත් යෝෂිත රාජපක්ෂ මහතා සිය නීතිඥයන් මඟින් පරිසරවේදී සජීව චාමිකර මහතා ගෙන් දින හතක් තුළ රුපියල් මිලියන 500 ක වන්දියක් ඉල්ලා එන්තරවාසියක් යවා තිබේ.

සිංහරාජ වනාන්තරය තුළ යොෂිත රාජපක්ෂ මහතාට අයත් හෝටලයක් ඇති බවත්, සිංහරාජය හරහා මාර්ගයක් ඉදි කරනු ලබන්නේ ඊට ළඟාවන මාර්ගයට සම්බන්ධ කිරීමට බවත් සජීව චාමිකර මහතා 2020.08.19 වන දින පැවති මාධ්‍ය සාකච්ඡාවකදී  ප්‍රකාශ කර තිබුණි.

එම ප්‍රකාශයේ කිසිඳු සත්‍යතාවයක් නොමැති බව ප්‍රකාශ කරන යෝජිත රාජපක්ෂ මහතා එය පදනම් විරහිත චෝදනාවක් බව ප්‍රකාශ කරමින්, ඉන් තමාට හා තමාගේ චරිතයට සිදු වූ පුද්ගල හානිය සම්බන්ධයෙන් රුපියල් මිලියන 500 ක මුදලක් වන්දි වශයෙන් ඉල්ලා මෙම  එන්තරවාසිය යොමු කර තිබේ.

එමෙන්ම,

  1. මෙම ප්‍රකාශයේ කිසිඳු සත්‍යතාවක් නොමැති බව පිළිගනිමින් තමා‌ගෙන් සමාව ගැනීම
  2. මාධ්‍ය ආයතන, සමාජ මාධ්‍ය හා වෙබ් මාධ්‍යයන්හි මෙම අසත්‍ය පුවත පළ කර ඇත්නම් එය ඉන් ඉවත් කරන ලෙස අදාළ ආයතන හෝ පාර්ශවයන් දැනුම්වත් කිරීම හා අදාළ පුවත ඉවත් කිරීමට කටයුතු කිරීම
  3. අදාළ ප්‍රකාශයේ කිසිඳු සත්‍යතාවයක් නොමැති බව මාධ්‍ය නිවේදනයක් මඟින් මාධ්‍ය වෙත දැනුම්වත් කිරීම
  4. යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව නැවත පදනම් විරහිත චෝදනා සිදු නොකරන බවට ප්‍රකාශ කිරීම
  5. දින 07ත් ඇතුළත් කෝටි 50 ක මුදලක් වන්දි වශයෙන් ලබාදීම

යනාදී කරුණු ඇතුළත් එන්තර වාසිය සේවා දායක නීතීඥ සමාගම විසින්  අද 2020.08.24 දින පරිසරවේදී සජීව චාමිකර මහතා වෙත යොමු කර ඇත.

– repoter

91,479 views

67 Comments to “සිංහරාජයේ මගේ හෝටලය පෙන්වනු.. නැතොත් සතියක් ඇතුලත කෝටි 50ක් වන්දි ගෙවනු..- යෝෂිත නඩු මගට..”

  1. වර්ණ කුලසුරිය says:

    සිංහරාජය ඇතුලේ ඇති ලංකාගමට සදාසන්නව ගොඩනගා ඇති හෝටල් . (booking.com සහ tripadvisor.com හෝ Google.com තුලට පිවිස මෙම හෝටල් වල විස්තර බලාගත හැකිය.)
    සටහන :- සිංහරාජය ආසනයේ අනෙකුත් ගම ද වටා ඇති හෝටල් සංක්‍යාව මීට වැඩ බොහෝ වැඩිය
    1- Sinharaja Forest edge
    2- Sinharaja Hotel
    3- Sinharaja Forest Gate
    4- 360 Rain-forest
    5- Evergreen Villa Sinharaja
    6- The Rain-forest Village
    7- Rain-forest Mount Lodge
    8- Sinharaja Forest Gate Hotel
    9- Travelers Choice Sinharaja
    10- Niwahana Home Stay
    11- Vini Volla
    12- Rain-forest River front Hotel
    13- Sinharaja Hotel 114
    14- Sinharaja River View Home stay
    15- KL Sinharaja
    16- Rain-forest Holiday Inn
    17- Serandib Sinharaja Home stay
    18- Explore Sinharaja Rain-forest Tour camp
    19- Sinharaja Forest Lodge
    20- Vini Volla