සිංහරාජයේ යෝෂිතගේ හෝටලයක් ගැන වැරදියට කීවේ මාධ්‍ය විසිනුයි.. මා කීවේ සිංහරාජ විනාශය ගැනයි..- පරිසරවේදියා වහා රිවස් ගියරයට දමාගනී..

August 24, 2020 at 3:50 pm | lanka C news
සිංහරාජයේ යෝෂිතගේ හෝටලයක් ගැන වැරදියට කීවේ මාධ්‍ය විසිනුයි.. මා කීවේ සිංහරාජ විනාශය ගැනයි..- පරිසරවේදියා වහා රිවස් ගියරයට දමාගනී..

සිංහරාජයේ යෝෂිත රාජපක්ෂ මහතාට අයත් හෝටලයක් ගැන තමන් අවධාරණය නොකළ බවත් මාධ්‍ය විසින් වැරදි ලෙස මාධ්‍ය හමුව වාර්තා කර ඇති බවත් පරිසරවේදී සජීව චාමිකර මහතා සඳහන් කරයි.

විවිධ පාර්ශවයන් උත්සාහ කරන්නේ මෙම අදාල නැති මාතෘකා මතුපිටට ගෙනැවිත් සිංහරාජයේ පැවැත්ම වෙනුවෙන් තීරණාත්මක ලෙස සිදුකරමින් ඇති බලපෑම යටපත් කිරීමට බවද ඔහු පවසයි.

යෝෂිත රාජපක්ෂ මහතා විසින් මේ වන විට රුපියල් කෝටි 50ක මුදලක් වන්දි ඉල්ලමින් සජීව මහතා වෙත නීතීඥයන් මගින් දැනුම් දී ඇත.

සතියක් ඇතුළත එය නොගෙවන්නේ නම් ඉන් පසු දිනක අධිකරණය හමුවේ නඩු පවරන බව ද දැනුම් දී තිබේ.

එම දැනුම් දීමෙන් පසු ඔහු මෙම වීඩියෝ සමාජ මාධ්‍යට මුදා හැර තිබේ.

අදාළ නැති යෝෂිත රාජපක්ෂ මහතා ගේ හෝටලයක් තුළින් සිංහරාජයේ අනාගත පැවැත්මට බලපෑම් ඇති කරන කි‍්‍රයාවලිය යටපත් කරන්න එපා.

Gepostet von Sajeewa Chamikara am Sonntag, 23. August 2020

46,536 views

15 Comments to “සිංහරාජයේ යෝෂිතගේ හෝටලයක් ගැන වැරදියට කීවේ මාධ්‍ය විසිනුයි.. මා කීවේ සිංහරාජ විනාශය ගැනයි..- පරිසරවේදියා වහා රිවස් ගියරයට දමාගනී..”

  1. බන්ඩා says:

    ඉදිරියට පච කෙලින එවුන් ප්‍රවේසමෙන්.

  2. Chandaprema says:

    වීරයා බලු වුනේ ඇයි ? ජම්පර් අඳින්ට අමාරුද ?