සිංහරාජය තුල ගස් කැපීමේ මහ ජාවාරමක්

February 10, 2017 at 8:02 am | lanka C news
සිංහරාජය තුල ගස් කැපීමේ මහ ජාවාරමක්

සිංහරාජ වනාන්තරයේ ගාල්ල නෙළුව ලංකාගමට ආසන්න ප‍්‍රදේශයේ මහා පරිමාණයෙන් ගස් කැපීමේ ජාවාරමක් සිදුවන බව වැසි වනාන්තර සුරකින්නෝ සංවිධානය පවසයි.

එම සංවිධානයේ මාධ්‍ය සම්බන්ධීකාරක සමන් පෙරේරා මහතා පවසන්නේ මෙම ජාවාරම දැනට මාසයක පමණ සිට ක‍්‍රියාත්මක බවත් දැනටමත් ගස් විශාල සංඛ්‍යාවක් කපා දමා ඇති බවයි.

කපන ලද දැව කැබලි කර ලොරි රථවලින් පටවාගෙන යන බවත් පවසන ඔහු බලධාරීන්ට අවස්ථා කිහිපයකදීම දැන්වුවත් කිසි ක‍්‍රියාමාර්ගයක් ගෙන නැති බවද කියා සිටී.

36 views
Main News