සිංහරාජය දෙකඩ කරමින් මහා මාර්ගයක්.. යුනෙස්කෝවෙන් අනතුරු ඇගවීම්..

January 12, 2019 at 6:48 pm | lanka C news
සිංහරාජය දෙකඩ කරමින් මහා මාර්ගයක්.. යුනෙස්කෝවෙන් අනතුරු ඇගවීම්..

සිංහරාජ ලෝක උරුම වනාන්තරය ආසන්නයේ ලංකාගම කැකුනඇල්ල මාර්ගය සංවර්ධනය කරන බව පවසමින් විශාල වන සංහාරයක් සිදු කරමින් ඇති බවට පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය චෝදනා කරයි.

මේ හේතුවෙන් සිංහරාජ වනාන්තරය දෙකඩවීමේ අවදානමක්ද ඇති බව සංවිධානයේ ජාතික සංවිධායක වෑකදවල රාහුල හිමියන් සදහන් කරති.

මේ අතර යුනෙස්කෝ සංවිධානය විසින් පරිසර අමාත්‍යංශයට දන්වා ඇත්තේ සිංහරාජ වනාන්තරයේ සිදුවන ක‍්‍රියාවලිය ගැන විමර්ශනයක් සිදු කරන ලෙසයි.

අදාල විමර්ශණයෙන් පසු ඒ ගැන තම සංවිධානය දැනුවත් කරන්නැයිද යුනෙස්කෝ සංවිධානය දන්වා ඇත.

8,798 Viewers

7 Comments to “සිංහරාජය දෙකඩ කරමින් මහා මාර්ගයක්.. යුනෙස්කෝවෙන් අනතුරු ඇගවීම්..”

  1. Nagasinha says:

    වික්කමසිංහ සහ අ.කු.දි. දේපොළ විකුණන්නෝ…….

    ගලක් තියනවා කියලා අගය බස්සලා වරාය විකුණුවා.
    මොනරු පනිනවා, වී ගබඩාවක් කියලා අගය බස්සලා ගුවන් තොටුපොල විකුණුවා.
    සංහිදියාව කියලා රට ෆෙඩරල් කරලා කෑලි කඩලා කෑල්ලක් දෙමල ඊලමට විකුනන්න යනවා.
    දැන් ඉතින් සිංහරාජයත් පාරවල් දමා කෑලි වලට බෙදලා කාට හරි විකුන්නන්න යනවද මන්දා?

  2. Love nature says:

    ලෝක උරුම සංරක්ෂිත වන උයනක් වන සිංහරාජය තුළ විශාල සත්ත්ව ප‍්‍රජාවක් දක්නට හැකිය. සමනල විශේෂ 65ක් පමණ මෙහි දක්නට හැකිය. ශී‍්‍ර ලංකාව තුළ දැකිය හැකි විශාලම සමනලයා වන (la‍ommon Birdwing) හා වෙනත් සුලබ සමනල විශේෂද ලංකාවට පමණක් ආවේණික සමනල විශේෂ රැුසක්ද සිංහරාජයේ සිටි. මේ අතරම ලංකාවට පමණක් ආවේණික වූ විශේෂ සත්ත්ව විශේෂ 10ක් ද, වන අතර මෙහි මෙතෙක් සොයාගෙන ඇති ආවේණික සත්ත්ව විශේෂද ඇතුළත්ව සම්පුර්ණ උභයජීවී විශේෂ 27ක් ද සොයාගෙන ඇත. මෙහි ඇති උරග විශේෂ සංඛ්‍යාව 43කි. ආවේණික පක්ෂි විශේෂ 26න් 25ක්ම මෙම වනාන්තරය තුළ සිටින බව හඳුනාගෙන ඇති අතර වනාන්තරය තුළින් හදුනාගෙන ඇති පක්ෂි විශේෂ සංඛ්‍යාව 158 කි. විශාල සත්ත්ව ප‍්‍රජාවකින් සමන්විත සිංහරාජය තුළ ක්ෂීරපායින් සත්ත්ව ප‍්‍රජාවක්ද දක්නට හැකිය.මෙහි ක්ෂිරපායි 40ක් පමණ හඳුනාගෙන ඇති අතර ඉන් ලංකාවට ආවේණික ක්ෂීරපායි සත්ත්ව විශේෂ 07 ක් හඳුනාගෙන ඇත.

  3. sunimal says:

    ශ්‍රී ලංකාවේ පහත රට සහ මැදරට තෙත්කලාපයේ ඇති ස්වභාවික වනාන්තර, නිවර්තනතෙත් සදාහරිත වනාන්තර ලෙස හැදින්වේ.බොහෝ කලකට පෙර පහතරට සහ මැදරටතෙත් කලාපයෙන් වැඩි කොටසක් මෙමවනාන්තර වලින් වැසී තිබේ. තේ,රබර් වැනි බෝගවගාකිරීම සඳහා ද ජනාවාස ඇතිවීම ද හේතුකොට ගෙන මෙම වනාන්තර ප්‍රදේශ විශාලලෙස එළි කර තිබේ.අද මෙම දේශගුණිකකලාපයේ වනාන්තර ප්‍රදේශ ඇත්තේ 8% ටත්වඩා අඩුවෙනි.දැනට ඉතිරිව ඇති වනාන්තරඅතුරින් ප්‍රසිද්ධියක් දරන්නා වූ ප්‍රධානවනාන්තරයක් නම් ලෝක ප්‍රසිද්ධ සිංහරාජවනාන්තරයයි. ශ්‍රී ලංකාවේ නිවර්තන වර්ෂාවනාන්තර, ජගත් බීයෝම යටතේ සලකා බැලූනනිවර්තන වර්ෂා වනාන්තර වලට කදිම නිදසුනකි.ශ්‍රී ලංකාවේ මෙම වනාන්තර උතුරින් දැදුරුඔයෙනුත්,දකුණින් වලවේ ගඟිනුත්, නැගෙනහිරින්මුහුදු මට්ටමේ සිට මීටර 305 (අඩි 1000)සීමාවෙනුත් වටවී තිබේ. ශ්‍රී ලංකාවේ මුළුනිවර්තන වර්ෂා වනාන්තර ප්‍රමාණය අක්කරලක්ෂ 4 කි.
    වනාන්තර ප්‍රදේශ අක්කරප්‍රමාණය
    සිංහරාජ අඩවිය 100,000
    කන්නෙලිය 15,000
    දැදියගල 9,000
    කැලණි නිම්නය 12,000
    මූලටියාන 8,000
    නාකියාදෙනිය 6,000
    රම්මල් කන්ද 4,000
    පාරිසරික සාධක
    සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර 2000 ටවැඩි මෙම ප්‍රදේශ වලට වැසි ලැබෙන්නේනිරිතදිග මෝසම් සුළං මගිනි. මෙහි සාමාන්‍යඋෂ්ණත්වය සෙ.අංශක 80 පමණ වන අතරවාතයෙහි ආර්ද්‍රතිවය 70%ක් පමණ වේ.අවුරැද්ද මුළුල්ලේ ඒකාකාරීව පවතිනඋෂ්ණත්වය, වර්ෂාපතනය සහ සූර්ය තාපය මෙහිශාක වර්ධනයට ඉතා හිතකර පරිසරයක් ලබාදෙයි.

  4. Love nature says:

    ශී‍්‍ර ලංකාවේ විශාලතම නිවර්තන තෙත් සදා හරිත වනාන්තරය වන සිංහරාජ වනපෙත වර්තමාන ලෝක උරුමයකි. එය ශී‍්‍ර ලංකාවේ ඇති එකම ස්වාභාවික ලෝක උරුමයද වෙයි. ගාල්ල, මාතර හා රත්නපුර දිස්ති‍්‍රකයන්හි පිහිටා ඇති සිංහරාජ මහා වනය විශාලත්වයෙන් හෙක්ටයාර 11,187 ක් පමණ වේ. රක්වාන කඳුවළල්ලට අයත්වන මෙම වනය දිගින් කිලෝ මීටර 21 ක් වන අතර අවම පළල කිලෝමීටර තුනකි. උසම ස්ථානය මුහුදු මට්ටමේ සිට අඩි 1171 ක් වූ පිටිගල කන්දයි

  5. Saradiel says:

    සිංහරාජ ප්‍රේරක කලාපය තුල කොස්කුලන ගඟ හරස් කර ඉදිකෙරෙමින් පවතින කුඩා ජල විදුලි බලාගාරයක් නිසා ලෝක උරුම සිංහරාජ වැසි වනාන්තරයට බරපතල හානියක් සිදුවී ඇත. මෙම ඉදිකිරීම් සිදුකරන ප්‍රදේශය සිංහරාජ කුඩව පිවිසුම් මග සිට කිලෝමීටර් 3.5ක් නැගෙනහිර දෙසින් සිංහරාජ මායිමට යාබද ප්‍රේරක කලාපය තුල පිහිටා ඇති අතර කොස්කුලන ගඟ හරස් කර ඉදිකරමින් පවතින බැම්ම හා ගඟට යාබද ප්‍රේරක කලාපයේ බැකෝ යන්ත්‍ර දමා එලිපෙහෙලි කිරීම නිසා මෙම සංවේදී පරිසර පද්ධතිය දිනෙන් දින විනාශ වී යමින් පවතී. ඊට අමතරව මෙම ඉදිකිරීම් සඳහා ගෙනැවිත් ඇති බැකෝ හා අනෙකුත් විශාල ට්‍රක් රථ ධාවනය සඳහා සිංහරාජ ප්‍රේරක කලාපයට අයත් කුඩා ගුරු පාරක් භාවිතා කර තිබේ. මේ නිසා ගුරුපාරට යාබද උතුරු ප්‍රදේශයේ රජුවන්කන්ද වැසි වනාන්තරයෙන් ඇරඹෙන දියපාර ගනනාවක් විනාශ වී ඇති අතර සිංහරාජයට යාබද එහි ප්‍රේරක කලාපයේ පිහිටි මෙම වැසි වනාන්තරය සිංහරාජයෙන් සහමුලින් වෙන්වී යාමේ දැඩි අවදානමකට පත්වෙමින් පවතී.

  6. crazy says:

    Please don’t rape monther nature. Leave Singharaja alone, you politicians are so stupit and brutal.

  7. sanidu sooriarachchi says:

    කලබල නොවන්න. මෙය පවතින මාර්ගයක අලුත්වැඩියාවක් පමණි. මාර්ගය දිගු කිරීම හෝ පළල කිරීම නොකරයි.
    පරිසර සංවිධාන බොරු ප්‍රචාරය කරන විට ඇත්ත සිදුවීම් ගැන කියන දේ පවා අපට සැක කිරීමට සිදුවේ.

Main News