සිංහරාජ ආශ‍්‍රිත ජලාශය ඉදිකරන්න යන්නේ ලංකාගම.. අනුමැතිය ඉල්ලා යුනෙස්කෝවට ලිපියක්.. යුනෙස්කෝ විරෝධය…

March 25, 2021 at 9:20 am | lanka C news
සිංහරාජ ආශ‍්‍රිත ජලාශය ඉදිකරන්න යන්නේ ලංකාගම.. අනුමැතිය ඉල්ලා යුනෙස්කෝවට ලිපියක්.. යුනෙස්කෝ විරෝධය…

සිංහරාජ ලෝක උරුම වනාන්තරය ආශ්‍රිතව ඉදි කිරීමට යෝජනා වී තිබෙන ජලාශය හේතුවෙන් වනාන්තරයේ හෙක්ටයාර් 4 ක පමණ භූමි ප්‍රමාණයකට බලපෑම් එල්ල වන බව යුනෙස්කෝ ශ්‍රී ලංකා ආයතනය සඳහන් කරයි.

මේ පිළිබඳව අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා කළ බව ආයතන ලේකම් මහාචාර්ය පුංචිනිලමේ මිගස්වත්ත මහතා පැවසීය.

ජලාශය ඉදි කිරීමෙන් සිංහරාජ පරිසර පද්ධතියට සිදුවන බලපෑම ගැන ඇමතිවරයාට පෙන්වා දුන් බව ද ඔහු පැවසීය.

මෙම ජලාශය ඉදිකිරීමට සැලසුම් කර තිබෙන්නේ ලංකාගම මාදු ගැටේ ප්‍රදේශයෙන් ගිං ගඟ හරස් කරමිනි.

එකී ඉදිකිරීමට අවසර දෙන්නේ ද නැද්ද යන්න පිළිබඳව දැනගැනීමට පැරිස් නුවර පිහිටි ලෝක උරුම කමිටුව ලිපියක් යොමු කළ බවද මීගස්වත්ත මහතා සඳහන් කළේය.

49,175 views

20 Comments to “සිංහරාජ ආශ‍්‍රිත ජලාශය ඉදිකරන්න යන්නේ ලංකාගම.. අනුමැතිය ඉල්ලා යුනෙස්කෝවට ලිපියක්.. යුනෙස්කෝ විරෝධය…”

  1. තෙන්නකෝන් says:

    චමල් රාජපක්ෂ ට මොලේ කදුලක් නැද්ද වතුර ගන්න සිංහරාජේ අස්සෙම වැවූ කපන්න යන්නේ රටට ආදරේ නැති පරගැති යෝ මකබාවිලම යන්න ඕන.

    • Disce ammata discede says:

      ඔන්න මේවට විරුද්ද අයගේ මොලේ තරම.

      ජලාශ පද්ධති ඩිසයින් කරන්නේ දේශපාලකයන් නොව මේ රටේ විශ්ව විද්‍යාල වලින් බිහිවූ ඉංජිනේරුවන්.

  2. ex M says:

    හෙක්ටයාර් 12,000 ක කැලෑවක මායිමට වෙන්න හෙක්ටයාර් 4 ක 5ක වැවක් හැදුවම ඒක එම පරිසරය තවත් බලවත් කිරීමක්. හානියට වඩා ඉන් ලැබෙන වාසිය වැඩියි.

  3. david milibanda says:

    Chamala Rajapakshe… You received a rejection letter from the UNESCO. Now BACK OFF. If not FCUK off.
    You are getting old. You can not think rationally. Remember times have change.
    new times need new thinking. You can not think.

Main News