සිංහරාජ මායිමේ ඉදි කරන්නේ හෝටලයක් නොවේ.. නිවාස 04ක්.. අපට නවත්වන්න බෑ…- මද්යම පරිසර අධිකාරිය
March 24, 2021 at 3:26 am | lanka C news
සිංහරාජ රක්ෂිත වන රක්ෂිතය ආසන්නයේ ආන්දෝලනාත්මක ඉඩම තුල ඉදි කරමින් ඇති ගොඩනැගිලි හෝටලයක් නොවන නිවාස තුනක් බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.
අධිකාරියේ සභාපති එස්. අමරසිංහ මහතා සඳහන් කරන්නේ එම නිවාස ඉදිකිරීම සඳහා ප්‍රාදේශීය සභාවෙන් අවසර ලබාගෙන ඇති බවයි.
එම ඉදිකිරීම් සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ කිසිදු මැදිහත්වීමක් සිදුකළ නොහැකි බවත් ඔහු පැවසීය.
නිවාස ඉදි කරන බව පවසා හෝටලයක් හෝ වෙනත් ව්‍යාපාරික කටයුත්තක් සඳහා ඉදිකිරීමක් කරන්නේ නම් එය තහනම් කිරීමට කටයුතු කළ හැකි බවද සභාපතිවරයා පැවසීය.
එකම පවුලේ සහෝදරයන් හතර දෙනකු මෙසේ නිවාස ඉදි කරන බව ද සිදුකරනු ලද සොයාබැලීම් වලදී හෙළි වූ බවත් එයත් කලින් තේ වවා තිබූ ඉඩමක් බවද සභාපතිවරයා තවදුරටත් පැවසීය.
හෙක්ටයාර් 1ට වඩා හෙළිපෙහෙළි කරන්නේ නම් මධ්‍යම පරිසර අධිකාරියේ අවසරය ගත යුතු නමුත් එවැන්නක් සිදුනොවන නිසා අවසර ගත යුතු නැතැයි ද කී ඔහු මෙම රක්ෂිත තීරුවේ පවුල් 135ක් පදිංචිව සිටින නිසා රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට නොකර අතහැර ඇති බවත් හෙතෙම කියා සිටියේය.
දැනට ගෙවල් 4 පසුව කලබල අඩු උනාම හෝටලය
house -> eco lodge -> hotel -> end of sinharaja.
කිතුල්ගසට නැග්ග මිනිහා තණ කොළ කපන්න ගසට නැග්ගා වගෙයි
ආණ්ඩුව ඇනගන්න පොට තමයි මේ
මෙතන සිංහරාජේ මායිමේ නොවේ. ඊට ඈත බිමක්.
අර ළමයා කිව්ව බොරුව නිසා නිරපරාදේ රජයේ වාහන වල ඩීසල්, බටා වියදම් උනා. ඒ වියදම් බොරු විදින නාලිකාවෙන් අයකරනු.
අවුරුදු 73ක් තිස්සෙ මාරුවෙන් මාරුවට මුන් මේ රටේ මිනිස්සුන්ගේ සල්ලි හූරගෙන කෑව, කනවා, ඉස්සරහටත් කයි. ඒ උනාට ඩීසල් බටා ගැන හරි කැක්කුමයි. බොරුවක් උනත් ඇත්තද නැද්ද කියලා හොයලා බලන එකට වඩා ඒක ලොකුයි