සිංහරාජ මායිමේ ඉදි කරන්නේ හෝටලයක් නොවේ.. නිවාස 04ක්.. අපට නවත්වන්න බෑ…- මද්‍යම පරිසර අධිකාරිය

March 24, 2021 at 3:26 am | lanka C news
සිංහරාජ මායිමේ ඉදි කරන්නේ හෝටලයක් නොවේ.. නිවාස 04ක්.. අපට නවත්වන්න බෑ…- මද්‍යම පරිසර අධිකාරිය

සිංහරාජ රක්ෂිත වන රක්‍ෂිතය ආසන්නයේ ආන්දෝලනාත්මක ඉඩම තුල ඉදි කරමින් ඇති ගොඩනැගිලි හෝටලයක් නොවන නිවාස තුනක් බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.

අධිකාරියේ සභාපති එස්. අමරසිංහ මහතා සඳහන් කරන්නේ එම නිවාස ඉදිකිරීම සඳහා ප්‍රාදේශීය සභාවෙන් අවසර ලබාගෙන ඇති බවයි.

එම ඉදිකිරීම් සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ කිසිදු මැදිහත්වීමක් සිදුකළ නොහැකි බවත් ඔහු පැවසීය.

නිවාස ඉදි කරන බව පවසා හෝටලයක් හෝ වෙනත් ව්‍යාපාරික කටයුත්තක් සඳහා ඉදිකිරීමක් කරන්නේ නම් එය තහනම් කිරීමට කටයුතු කළ හැකි බවද සභාපතිවරයා පැවසීය.

එකම පවුලේ සහෝදරයන් හතර දෙනකු මෙසේ නිවාස ඉදි කරන බව ද සිදුකරනු ලද සොයාබැලීම් වලදී හෙළි වූ බවත් එයත් කලින් තේ වවා තිබූ ඉඩමක් බවද සභාපතිවරයා තවදුරටත් පැවසීය.

හෙක්ටයාර් 1ට වඩා හෙළිපෙහෙළි කරන්නේ නම් මධ්‍යම පරිසර අධිකාරියේ අවසරය ගත යුතු නමුත් එවැන්නක් සිදුනොවන නිසා අවසර ගත යුතු නැතැයි ද කී ඔහු මෙම රක්ෂිත තීරුවේ පවුල් 135ක් පදිංචිව සිටින නිසා රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට නොකර අතහැර ඇති බවත් හෙතෙම කියා සිටියේය.

42,446 views

22 Comments to “සිංහරාජ මායිමේ ඉදි කරන්නේ හෝටලයක් නොවේ.. නිවාස 04ක්.. අපට නවත්වන්න බෑ…- මද්‍යම පරිසර අධිකාරිය”

  1. Sunil Dahanayake says:

    That is how money works. The owners may have bribed the highest level of government and Enviornment Minister has to put the tail behind legs.

    • Robert says:

      As per the update above related to Guruge Gems, its very clear they are private lands. May be money was bribed by Sajith and Maharaja of Sirasa to Guruge Gems brothers to build houses here so that they can market the case as Forest clearance and building hotels for campaigning against government.

  2. Theeraka says:

    If they clear another seven hectares from the Sinharaja they will give the same explaination. He’ll with this so calkked Adikariya and the bloody politicians. Badya! We weep with you for ever!

  3. මේ වගෙ උන් පාර්ලිමේන්තුවට ආයේ එපා says:

    දැන් ඉන්න මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිත් දේශපාලන බත්ගොට්ටෙක්ද ? …
    සුදුසු කම් ඇතිකෙනෙක්ද ඒ වගේ ආයතනයකට ?

  4. ඔටු​වා says:

    ඔටුවා මුලු ඇගම දා ගන්නේ ඔලුව දාලා බලල​ලු

  5. Anuradha says:

    එකද දන්නේ නැහැ එකම පවුලේ වහායින් හතරදෙනා හැමිනෙන්න හැදුවේ අර අහිංසක අසරණයින්ගේ වතුර ටික එකතු කර තටාකයක් හදා තිබුණේ?ඒවා හරියන්නේ නැහැ වහාම එම ඉඩම රජයට ගතයුතුයි.ඇයි මුන්ට වෙන තැන් නැතිවද සතුන් ඉන්නා වණ ප්‍රදේශයේ ජිවත්වන්න.

  6. මෝ says:

    හැම වන විනාසයකම අන්තිම ප්‍රතිපලය ඕක.මෙතැනදි ගුරුගේ සල්ලි කතාකරන හැටි කොහොමද?ඕක කියන්න ඉස්සර ඉරාජ් ගිහින් අයියල නංගිල දාල වීඩියෝව කලා.ඔය අදිකාරිටික වහල දාල ඔය අහිංසක මිනිසුන්ගෙ සල්ලිකන හාල්පාරුවන්ව ගෙදර යවන්න.
    භාග්‍යා දුවේ.උබලට අනාගතයක් හෝ මගක් නෑ.කොහොමහරි යමක් ඉගෙනගෙන පිටරටකට,පලයං කෙල්ලේ.
    උද්ගෝසන කල හාමුදුරුවනේ හෝටලය ගෙවල් 4ක් උන අපූරුව කොහොමද?නන්දසේනයාටත් ඕකගෙ මුලු සංහතියටත් හෙනම ගහපිය.

    • supayya says:

      කවුරු උනත් මේ වගේ පච මෝල් කිඹුලන්ට අහු වෙන්න එපා. මුන්ගෙ රස්සාව අන්තර්ජාලයේ මේ වගේ පච පතුරුවලා ගාන කඩා ගන්න එක. ඇමේසන් වනාන්තරය අයිනෙ උනත් ඊළඟට තියෙන්නෙ පෞද්ගලික ඉඩම්. නැතුව වනාන්තරයක් අයිනෙ තව වනාන්තරයක් තියෙන්න පුළුවන්ද? ඒක හරියට පොකුණක් අයිනෙ කණ්ඩිය නෙවි තව පොකුණක් තියෙනවා කිව්වා වාගෙ. හැමෝම හොඳට ඉගෙන ගෙන මේ රටට අයහපතක් නොවන පරිසරය හානි නොකර ව්‍යාපාරයක් කරන්න බලන්න. ලෝකෙ ඉස්සරහට ජීවත් වෙන්න පහසුම රට මේක. අනිත් හැම රටේම ආරක්ෂාව අඩුවීම පරිසර විපත් වැඩිවීම මෙහෙට වඩා වැඩියි.

    • අනේ නිකන් වයිර කර කරා කුලියට ලියන්නේ නැතිව ගෙදරට වෙලා ගහක් දෙකක් කඩාගෙන හිටපන් සුටියෝ . නන්දසේන මහත්තයා එතුමාට භාරදුන් වැඩේ ටක්කෙටම කරයි. උඹේ බොස්ලටනම් ඉතින් ඒවා කරන ඒවා කරනවා කියන එක හීන විතරයි.

  7. සිසිල් සුදේශ් says:

    මට ආරංචි හැටියට නම් පරීසර අධිකාරියේ ලොකු මහත්තයෙක් තමයි ඔය හතරට බෙදලා ගෙවල් හතරක් හැටියට හෝටලේ හදන්න උපදෙස් දීලා තියෙන්නේ. ඉඩම අයිතිකාරයා ප්‍රාදේශීය සභාවේ අනුමැතිය අරන් තියෙන්නේ හෝටලේකට.

    • supayya says:

      මේ වගේ පච මෝල් කිඹුලන්ට අහු වෙන්න එපා. මුන්ගෙ රස්සාව අන්තර්ජාලයේ මේ වගේ පච පතුරුවලා ගාන කඩා ගන්න එක.

      • සිසිල් සුදේශ් says:

        ප්‍රාදේශීය සභාව නිකුත් කරපු බලපත්‍රය අහෝසි කළ බව ආණ්ඩුවේ නාලිකාවක තිබුණේ. සුප්පයියා කඩේ යන කොට ටිකක් වටපිට බලන්න.

  8. lakbima says:

    ලංකාවේ වන රක්ෂිතවලට මායිම් නැද්ද?මේ තරම් දියුණු ලෝකේ මායිම් ඔප්පු හොයාගන්න බැරුව දඟලනවා..!!!

  9. Sun says:

    We wish to know who is behind this construction. These are government resources and no one can go there without permission from the government. There should be some one to authorise all the construction. WE want to know who has authorise. That is deforestation. What do you think my dear friends.

  10. සිංහල බන්ඩා says:

    සිංහරාජයෙ සහ වෙනත් වනාන්තර මායිම යනු කුමක්ද කෙතෙක් දුරකට මායිම වන්නේද මායිමේ කල හැකි ක්‍රියාකාර කම් ගැන ගැයට්ටුවක් නිකුත් කොලොත් හොදය්

Main News