සිංහලයන්ට වඩා මේ ආන්ඩුව බලයට ගේන්න මුස්ලිම්-දෙමල ජනතාව කැපවුණා.. මුස්ලිම් ජනතාවට සම අයිතිය දෙන තෙක් සටන් කරනවා..- රාජිත

May 5, 2018 at 2:10 pm | lanka C news
සිංහලයන්ට වඩා මේ ආන්ඩුව බලයට ගේන්න මුස්ලිම්-දෙමල ජනතාව කැපවුණා.. මුස්ලිම් ජනතාවට සම අයිතිය දෙන තෙක් සටන් කරනවා..- රාජිත

මුස්ලිම් හා දෙමළ ජනතාව වත්මන් ආණ්ඩුව බලයට ගෙන ඒම සදහා වැඩි කාර්යයක් කළ නිසා ඔවුන් අමතක කර ගමනක් යාහට රජයට නොහැකි බව ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.

මෙරට සමස්ථ මුස්ලිම් ජනතාවගෙන් 45%ක් වත්මන් රජය බලයට ගෙන ඒමට කැප වූ බවත් මුස්ලිම් හා දෙමල ජනතාම අමතක කරමින් රජයට ඉදිරියට යාමට නොහැකි බවත් ඇමතිවරයා කියයි.

සේනාරත්න මහතා මෙම අදහස් පල කලේ අක්කරේපත්තුවේදී පැවති උත්සවයක් අමතමිනි.

සිංහල ප‍්‍රදේශවලටත් වඩා උතුර හා නැගෙනහිර පළාත්වල හංසයා ලකුණට ඡන්දය ලැබුනේ යයිද පැවසූ සේනාරත්න මහතා මුස්ලිම් ජනතාව වෙනුවෙන් සම අයිතිය ලබා දීමට තමන් ඉදිරියටද සටන් කරන බවද එහිදී කීය.

179 views
Main News