සිංහලයන් එපා.. දෙමල සන්ධාන මන්ත‍්‍රීන් උතුරේ විරෝධතා..

April 11, 2018 at 1:20 pm | lanka C news
සිංහලයන් එපා.. දෙමල සන්ධාන මන්ත‍්‍රීන් උතුරේ විරෝධතා..

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් උතුරු පලාත් දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු පිරිසක් ඊයේ (10) සවස මුලතිව් දිස්ත්‍රීක් ලේකම් කාර්යාලය ඉදිරියේ විරෝධතාවක නිරත වූහ.

මුලතිව්හි දෙමළ ජනතාවගේ ඉඩම් එහි මුල් අයිති කරුවන්ට ලබා දිය යුතු බවටත් දෙමළ ජනාවාස එම ඉඩම්හි ඇති කළ යුතු අතරම අලුතින් සිංහල ජනාවාස පදිංචි කරවීම වහාම නවතන ලෙසටත් මුලතිව්හි බෞද්ධ සිද්ධස්ථානයන්හි ලියාපදිංචිය තහවුරු කිරීම හා ධීවර ගම්මානයන්හි ගැටලු විසඳීම යන යන ඉල්ලීම් ඇතුලත් විරෝධතාවක් සංවිධානය කොට තිබුණී.

විරෝධතාව අවසානයේ මුලතිව් දිස්ත්‍රීක් දිසාපතිනිය රූපවතී කේදීස්වරන් හමු වූ පලාත් සභා මන්ත්‍රීවරුන් පිරිස අදාල ගැටලු පිළිබඳ සාකච්ඡා කොට අනතුරුව ඔවුන්ගේ ඉල්ලීම් ඇතුලත් සන්දේශයක් භාරදෙනු ලැබුවේ අදාල කරුණු සම්බන්ධයෙන් ජනාධිපතිතුමන් හා අගමැතිතුමන් දැනුවත් කොට ඉක්මන් විසඳුමක් ලබා දිය යුතු බවට පවසමිනි.

එහිදී මුලතිව් දිසාපතිනිය අදාල සන්දේශය ජනාධිපතිතුමන්ට හා අගමැතිතුමන්ගේ අවධානය යොමු කිරීම සඳහා අවශ්‍ය බලධාරීන්ට යොමුකරවන බවට පැවසුවාය.

මෙම අවස්ථාවන්ට උතුරු පලාත් සභාවේ සභාපති සී.වී.කේ. සිවඥානම්, එම්.කේ. සිවාජිලංගම්, පී. සත්‍යලිංගම්, ටී.රවිකරන් ඇතුලු පිරිසක් සහභාගී වූහ.

– වන්නි රොමේෂ් මධුෂංඛ

134 views
Main News