සිංහලයන් කොන්දේසි විරහිතව සජිත් පරාජය කරවිය යුතුයි..

October 21, 2019 at 4:40 pm | lanka C news
සිංහලයන් කොන්දේසි විරහිතව සජිත් පරාජය කරවිය යුතුයි..

දෙමල ජාතික සංධානය සජිත් මහත්තයටවත් කිසි කෙනෙකුට එකගවිය නොහැකි ‍යොජනාවලියක් ඉදිරිපත් කරල තියෙන්නේ. මේ වගේ අන්තවාදී තැනකට දෙමලජාතික සංවිධානය පත්වීම පිළිබදව අපි කණගාටු වෙනව. මේ අන්තවාදයත් එක්ක දෙමල ජාතිකයන් පෙනී සිටිනු නැතැයි මම විශ්වාස කරනව. ඉතින් අපි දෙමල ජනතාව අතරට ගිහිල්ල මේ අන්තවාදයේ ස්භාවය පැහැදිලි කරල සම් දෙමල ජාතිකයන් දිනාගන්න වැඩ පිලිවෙලක් සූදානම් කල යුතුයි.යයි පූජය අතුරැලි‍යේ රතන හිමියන් කීය.

උන් වහන්සේ මෙම අදහස් පල කරන ලද්දේ කොළොන්න සූරියකන්ද උත්සව ශාලාවකදී පැවැති ප්‍රාදේශීය දේශපාලඥයින්ගේ හමුවකදීය.

මෙම හමුව සදහා කොළොන්න සහ ඇමිලිපිටිය ප්‍රදේශවල විසිරී සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ ප්‍රාදේශීය දේශපාලඥයින්,ප්‍රදේශවාසීන් මෙන්ම රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දුනේෂ් ගන්කන්ද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නිවිතිගල සංවිධායක මියුරුභාෂිත ලියනගේ ඇතුලු බොහෝ පිරිසක් සශබාගී වී සිටින ලදී‍.

මේ යෝජනාවට යටත්වෙලා ඡන්දය දෙනවනම් යම්කිසි කෙනෙක් සිංහලයන් නොබෙදී  ඡන්දය දෙන්න ඕන.එච්චරයි කරන්නට ඕන.සජිත් පේමදාස වගේ කෙනෙක් මේ වගේ අන්තවාදී යෝජනා වලට එකග උනොත් සිංහල ජනතාවට තියෙන්නේ පක්ෂ පාට භේද බලන්නේ නැතිව  පොදු අපේක්ෂකයකු හැටියට හිතල ගෝඨාභය රාජපක්ෂ මහත්තයට උදව් කරන එක.

දැන් අපිට තියෙන්නේ මිනිස්සු මෙහෙයවන්න නායකයෙක් නැතිකමේ ප්‍රශ්නය.ඔය අපේ පලාත්වලින් ගියපු ටික දෙනෙක් ඉන්නවා නන්නත්තාර රස්තියාදුකාරයෝ ටිකක්. එලොවටත් මෙලොවටත් නැති නමුත් පාර්ලිමේන්තුවේ ඉන්න අ‍යගෙන් ඉංග්‍රීසි කතාකරන්න පුලුවන් ලොකයා සමග ගනුදෙනු කරන්න පුලුවන් යම් පිරිසක් ඉන්නවා.ඒ අය මහජනයා අතර යම්කිසි කුසලතා තියන අය. ප්‍රාදේශීය සභා මනත්‍රීකෙනෙක් වෙන්න උනත් ඒ ප්‍රදේශයේ අයගේ යම් කිසි හැගීමක් තියෙන්න ඕන. මොකක්හරි දක්ෂකමක් තියෙන අය ඉන්නවා.

ජාවාරම් වලින් හොරකම් කරපු බිස්නස් කාරයෝ හොරු තක්කඩියෝ පාර්ලිමේන්තුව තුල ඉන්නව..ඒක මම නැහැ කියල කියන්නේ නැහැ. නමුත් මේ වැඩි පිරිසකගෙන් ප්‍රයෝජනයක් ගන්න පුලුවන්, හොද නායකයෙක් හිටියොත්. මට පේන්නේ බොහෝ වෙලාවට මේ දේශපාලන නායකයන්ට කිසිම දර්ශනයක් නැහැ. කිසිම දැක්මක් නැහැ, හැගීමක් නැහැ, අන්ත ආත්මාර්තකාමි නායකයන්. ඉතින් මේ ආපු නායකයෝ එක මල්ලේ තමයි ඉන්නේ. මටනම් ඔය නායකයන්ගේ අමුතුවෙන් වර්ණනා කරන්න දෙයක් කියන්න දෙයක් නැහැ. ශ්‍රී ලංකා යූඇන්පී දෙකෙහිම.

හැබැයි ඒ අතර තදම තද පවුල, තමන්ට හම්බකරගැනීම නායකයා එහෙම හිතනකොට ගෝල බාලයන් හිතන්නේ ඒ විදියට.හොර තක්කඩියන් ඒ ගොල්ලන් තමයි, ඉඩම් හොරු ඒ ගොල්ලන් තමයි පලාත්වල ‍ලොක්කො වෙන්නේ. ඒක වෙන්නේ නායකයාගේ වරද නිසා.නායකයා හොදනම් ඒක වෙනස් කරන්න පුලුවන්.

දැන් මේ අපි පත්කරන ගොඨාභය මහත්තයා ඔහු ගේනකොටත් මම ඔහු ගැන වර්නනා කරල නැහැ. මහින්ද මහත්තයටත් මම උදව් කරල තියෙනවා හැබැයි මම වර්ණනා කරල නැහැ. ප්‍රතිපත්ති මතයි ඒ දේ කලේ. හැබැයි ගෝටාභය රාජපක් ෂ මැතිතුමා ලග සම්ප්‍රධායක දේශපාලකයන්ට වඩා  යම්කිසි ගුණයක් තියෙන පුද්ගලයෙක්. අපේක්ෂක වටිනාකමක් තියෙන පුදුගලයෙක්. ඉතින් ඔහුට මම දන්නේ නැහැ මේ තියෙන සන්දර්භය බිදී බිදගෙන යන්න  හැකියාවක් පසුබිමින් හදන්න පුලුවන්ද කියල. අපේ වගකීම තමයි එතුමට හොද පසුබිමක් හදන එක.

මම හිතනව ගොඨාභය රාජපක්ෂ මහත්තයට මේ මැතිවරණයේදී දිනන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩියි.

එතුමා ජයග්‍රහනය කරයි.හැබැයි එතුමා රාජපක්ෂ පවුලේ තවත් කෙනෙක් වෙන්න ඕන නැහැ.එතුමට කොලයක් බලන්නේ නැතිව කතාවක් කරන්න පුලුවන්.ඉංග්‍රීසියෙන් කතා කිරීම ඔය පසුගිය කාලයේ හිටිය කොයි නායකයටත් වැඩිය හොදින් කරනව.ඒම නිසා අන්තර්ජාතිකව එතුමට ගණුදෙන් කුන්න පුලුවන් ඉතා හොදින්.එහෙම බැලුවම මේ අපේක්ෂකයා හිටපු අයට වඩා වෙනස්  පාර්ලිමේන්තුවේ කවදාවත් නොහිටිය අලුත් කෙනෙක් හැටියට ගෝඨාභය රාජපක්ෂ මහත්තයා අපිට ඉස්සරහට ගේන්න පුලුවන්‍ඒ නිසා මම මේවර මැතිවරනයේදී  එතුමට උදව් කරන් තීරනය කලා.

ග්ලයිපොසෙට් පාවිච්චිකරන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ තේ වගාව සදහා.ඊට වඩා ලාබදායි විදියට මේ වල් පාලනය කරන්න පුලුවන්.ඕනම ගොවියෙක් දන්නවා කුඩා තේව්තුවල  පාඩු නොහිටින විදියට වත්ත හොදට කළමණාකරණය කලාම වල් වැවෙන්නේ නැහැ.මේක සාමාන්‍ය මිනිස්සුන්ට තියෙන දැනුමක්.මේක ග්ලයිපොසෙට් කතාව කියන්නේ සම්පූර්ණ කොම්පැනි වලින් හදපු අමු මිත්‍යාවක්‍.මේ මධ්‍ය කදුකරයම මේවයායින් නිදහස් වෙලා.ඉන්දියාවේ බොහෝ නගරවල වල්නාශක පොහොර භාවිතය සම්පූර්නයෙන්ම නතරවෙලා තියනව.මෙතන මේ වස ගැහුවම බොන වතුරවලට මේවා මිශු වෙනව.මේක භයානක පිළිකාවක් බව මුලු ලෝකයම පිළි අරන් තියෙනව.

මේ වන විට ගොවියන්ට වැඩ පිළිවෙලක් අපි සකස්කරල දීල නැහැ ඉදිරිකාල වලදී අපි ගොවියන්ට මේ වස විසින් කොරව වගාකරන වැඩ පිළිවෙලක් අපි සකස් කරල දෙන්ව.

– ප්‍රගීත් ජනක

46,486 Viewers

25 Comments to “සිංහලයන් කොන්දේසි විරහිතව සජිත් පරාජය කරවිය යුතුයි..”

  1. Amigo says:

    ඔබ වහන්සේ දැන් මහන වෙන්න.අතන මෙතන රතන හැමතැන

    • 🌷 82% 🌷 82% 🌷 82%🌷 says:

      🌷
      රට ගැන හිතලම ඔබ මෙවර චන්දය දෙන්න
      බඩ ගැන හිතන වෛරක්කාරයො පර දන්න
      මතු පරපුරට සිංහ ධජය යට සමඟිවම ඉන්න
      පුත වියත්මග ඔබ මඟයි ගෝඨාම දින වන්න
      🌷🌷
      ගෝඨාම දිනවා සිංහාසනාරූඩ කර වන්න
      පසුව සුදුස්සව පාට පක්‍ෂ නොබලම ගන්න
      වැඩ කාරයට තැනදී රටේ කෙරුමා වන්න
      එක්සත් රටක් හදනා ගෝඨාට හද දෙන්න
      🌷🌷🌷
      චන්ද මාරුත පොහොට්ටුවය රටේම දිවිල්ල
      දැන්නම් බැරිය බිඳලන්න රටේ දිනන යැවිල්ල
      පෙනිලනේ පොහොට්ටුවෙ ජනගඟෙ ගැලිල්ල
      චන්දය දීල නවතමු සිහල රට ‘නාඩුය’ බෙදිල්ල
      🌷🌷🌷🌷
      පිටරට සිටින අපිට පෙනේ රටේ ධන උල්පත්
      වැඩබැරි ඇමතිල නිසයි අද රටම දුක පැල්පත්
      චන්ද මාරුත පොහොට්ටු ජයටැඹ දින සිව්පත්
      කලදිනට පිටරැටි අප එමු රට දියුනුවට සම්පත්

      • john the baptice says:

        පව් බන් උබ.

        • 👹✝✝👹👹✝✝ says:

          පාස්කු ඉරිදාව 300 මළගෙයක් කරලා
          වෙසක් පෝය සැමරීම තහනම් කරලා
          රාමදාන් සමරනු සියළු ආරක්‍ෂා කරලා
          Baptice නමගනීද පාස්කු ආයිත් කරලා

      • Love nature says:

        අනේ මේ රතනට ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී කමක් දෙන්න. අවුරුද්දක් විතර ඉඳලා ආපහු පිස්සු කෙලින හැටි බලන්න.

    • Shantha says:

      රැඳවියන් ඝාතනය කළේ ගෝඨාගේ ලැයිස්තුවට අනුව- පොලිස් අධිකාරී පී.ඩබ්ලිව්. කුඩා බණ්ඩාර

  2. Gotaimbara says:

    Well said, now put these into action.

  3. හතර හිනා says:

    රතන සාදුගේ ආශිර්වාද වලින් පස්සේ ඩොක්ටර් සාෆි අතින් වඳ වෙච්ච අම්මලා කීප දෙනෙක්ම නැවත ගැබ් ගෙන දැන් ක්ලිනික් යනවා.පැලෝපියන් නාලයේ මුර දේවතාවට අපගේ ප්‍රණාමය !!!!

  4. desabimanaya says:

    මූ තමා මෙි රටෙි ඉන්න නීච දහජරා ප්‍රෝඩාකාරී චීවර ධාරියා . තොහේ අර අහිංසක මවිවරැ රැග්කල පැලෝපීයනාලයේ ජවනිකාවෙි අවසානය අපි තවම දැක්කේ නැත . අලුත් ප්‍රෝඩිවක් පටන්ගන්පෙර ඒක ඉවරකරල හිටු . තෝ ධර්මයටකල චංචාව හමා ප්‍රෙෘඩාව නිසා නිසා දැනටමත් සතරඅපාගතවි ඉන්නේ කියනඑක දන්නෙම නැතිඑක අපට පුදුමයි

    • පදු තේනුවර says:

      උඹට වැරදිලා ඔය රතන හාමුදුරුවන්ට පටලවාගෙන තියෙන්නෙ අපේ ගෑස් අමිල හාමුදුරුවන්ට.

  5. lanka says:

    unp eka dinanna dinanna uthurata tika tika ilama labenawa. me bawa rata wasiyan therum gena chandaya pawichi kaloth hodayi. uthura pamanak nowe nagena hirath unp ya nisa apita ahimi wenda thiyena ida wadiyi.

  6. climax says:

    what you saying about Glyphosate is very wrong…you know nothing about that..

  7. Sadda says:

    රතන හාමුදුරුවන්ට පරිභව කිරීම මම නම් අනුමත කරන්නෙ නැහැ . මම උන්වහන්සේගේ මතය හා එකගයි. උන්වහන්සේට සිදුවූ වැරැද්ද වන්නේ එම මතය ජයග්‍රහණය කරවීම ඊනියා යහපාලන නඩයෙන් කරගැනීමට නොහැකි බව උන්වහන්සේගේ වින්ඥානයට නොවැටහීමයි.

  8. Aurora says:

    TNA, කොළඹ මාධ්‍ය හමුවක් තියල සිංහලෙන් කියපල්ලා කිසිම කොන්දේසියක් නැතිව ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් වෙනුවෙන් TNA එක UNP සහ සජිත්ට සහයෝගය දෙනවා කියා. ජාතකේ අවුල් රටට ද්‍රෝහී NGO කාරයෝ ඒකට එකතුකර ගන්න ලේසියි, ඩොලර් කොළ 2-3 දුන්නම හරි.
    යාපනේට ගිහින් දෙමලෙන් ඇත්ත කියපල්ලා දෙමළ නිජබිම් සංකල්පයට, උතුර සහ නැගෙනහිර එකතුකරලා පෙඩරල් පාලනයක් දෙනවට, මැරුණ LTTE සාමාජිකයන් සඳහා යුද හමුදා සාමාජිකයන්ට ගෙවන වන්දියම ගෙවීමට, ශ්‍රී ලංකා රාජ්‍යට සහ හමුදාවට මානව හිමිකම් චෝදනා ඉදිරිපත් කිරීම යන සියළු කොන්දේසිවලට UNP සහ සජිත්ට සහයෝගය දෙනවා කියා.
    එතකොට මහබැන්කුවෙන් හොරකම් කරගත්ත මිලියන් ගානකුත් සන්තෝසේ ලැබේවි.

  9. අපි ගම්මන්ලිපට says:

    උන් වහන්සේ මෙම අදහස් පල කරන ලද්දේ කොළොන්න සූරියකන්ද උත්සව ශාලාවකදී පැවැති ප්‍රාදේශීය දේශපාලඥයින්ගේ ‘ධර්ම දේශනාවකදීය’ කියල වෙනස් වෙන්න ඕනේ නේද?

Main News