සිංහලයන් ගොන් තඩියන්.. ඒක හරියටම හරි…- මෛත‍්‍රී

February 24, 2022 at 3:50 pm | lanka C news
සිංහලයන් ගොන් තඩියන්.. ඒක හරියටම හරි…- මෛත‍්‍රී

සිංහලයන් ගොන් තඩියන් යයි අනගාරික ධර්මපාලතුමන් කර තිබෙන ප්‍රකාශය අදටත් මෙරට ජනතාවට ගැළපෙන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.

අනගාරික ධර්මපාල තුමන් පසුකලෙක භික්ෂූත්වයට පත්වී ඉන්දියාවට ගොස් තමන්ගේ රට ලංකාව බවත් ලංකාව අතහැර ඉන්දියාවට පැමිණියේ කළගුණ නොදන්නා මිනිස්සු තම රටේ සිටිනා නිසා බවත් තමා ලංකාව පැත්තට හිස දමා නිදා ගන්නේ වත් නැති බව පැවසූ බවද හෙතෙම පැවසීය.

එදා ධර්මපාලතුමන් පැවසූ ආකාරයට සිංහලයන් ගොන් තඩියන් යන කතාව අදටත් ගැළපෙන බවත් එය එකඟ විය හැකි කාරණාවක් බවත් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.

ඒ මහතා මේ බව කියා සිටියේ පොළොන්නරුවේ දී පැවති අනගාරික ධර්මපාල මහා සෑයේ මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

55,350 views

37 Comments to “සිංහලයන් ගොන් තඩියන්.. ඒක හරියටම හරි…- මෛත‍්‍රී”

  1. ft says:

    ගොන් තඩියන් නිසා සිරිසේන ඇතුළු පවුලේ ව්‍යාපාර ගොඩගියා

  2. පොලොං මීමා says:

    “කළගුණ නොදන්නා මිනිස්සු තම රටේ සිටිනා නිසා” – ඔය කලේ තමන් ගැනම ස්ව්‍යං විවේචනයක් නේද හිටං?

  3. අසහාය නායකයා පුතින් ඡනාධිපති තුමා.. says:

    ”රැසියානු ඡනාධිපති තුමා කිසිලෙසකින් කිසිවෙකු සමග රසියානු භමිය හිලව්කරනා හෑල්ලුකරනා හෝ, රැසියානු භුමිය පාවාදෙන ගිවිසුම් හෝ සාකච්චාවලට මිහිපිට ඇති කිසිම රටක් පුද්ගලයෙකු සමග කටයුතු නෙකරන බවට සහ රට පාවාදෙන කිසිම ගිවිසුම් නොයන බව මීට වසරකදී පමන ප්‍රකාශ කරන ලදී අසහාය නායකයා පුතින් ඡනාධිපති තුමාට ස්තූතිය පුදකළ යුතුයි,.!

    ශ්‍රීලාංකික පරගැති දූශිත තුප්පහි පාළකයන් ලෙස දශක අටකට වැඩි කාළයක් රට පාළණය කරනා මුවාවෙන් රට සුරාකමින් පාවාදෙමින් වැඡඹුන විඡාතිකයන්ගේ පාපිසි වන් පඩංගු පාළකයන් ගැන සසඳා බැළීමට මහඟු අවස්ථාව උදා කර දීම පිළිබඳව අසහාය නායකයා පුතින් ඡනාධිපති තුමාට ස්තූතිය පුදකළ යුතුයි,.!

Main News