සිංහලයන් වදවීම අමු කෙප්පයක්.. සිංහලයන් දරුවන් හැදීම නතර කලත් මුස්ලිම් මහ ජාතිය වෙන්න වසර 347ක් යනවා..- ජවිපෙ සොයාගනී..

July 23, 2019 at 9:20 am | lanka C news
සිංහලයන් වදවීම අමු කෙප්පයක්.. සිංහලයන් දරුවන් හැදීම නතර කලත් මුස්ලිම් මහ ජාතිය වෙන්න වසර 347ක් යනවා..- ජවිපෙ සොයාගනී..

සිංහල ජාතිය විසින් දරුවන් හැදීම මුළුමනින්ම නතර කර දැමුවද මුස්ලිම් ජාතියට මහ ජාතිය වීම සඳහා අවුරුදු 347 යන බව සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ ජනතා විමුක්ති පෙරමුණේ පැලවත්ත පක්ෂ මූලස්ථානයේ පිහිටි පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

2011 වසරේ දී කරන ලද ජන සංගණනය අනුව සිංහල ජනතාව 75%ක්, මුස්ලිම් ජනතාව 9.5%ක්, දෙමළ ජනතාව 11.5%ක් මෙරට තුල සිටින බවත් ඔහු සඳහන් කළේය.

ඒ අනුව මෙම සංයුතිය තුළ සිංහල ජනතාව වඳ වන බවක් කිසිසේත්ම පෙනී නොයන බව ද ඔහු පැවසීය.

ලක්‍ෂ 160ක් වන සිංහල ජාතිය දරුවන් හැදීම සම්පූර්ණයෙන්ම නතර කලද එම ජනසංඛ්‍යාව ඉක්මවා යාමට අද ලක්‍ෂ 21ක් වන මුස්ලිම් ජනතාවගේ වර්ධන වේගය අනුව දල වශයෙන් අවුරුදු 347ක් ගත වන බවද ඔහු කියා සිටියේය.

185 views

49 Comments to “සිංහලයන් වදවීම අමු කෙප්පයක්.. සිංහලයන් දරුවන් හැදීම නතර කලත් මුස්ලිම් මහ ජාතිය වෙන්න වසර 347ක් යනවා..- ජවිපෙ සොයාගනී..”

  1. දේශාභිමානී දේශ හිතෛශියා says:

    මේ පොල් බූරැවො ඔක්කොම ගණන් බලන්නේ 2011 සංගණනයෙන් ….උන්ට තේරෙන් නෑ මේ 2019 මැද හරිය …ඒ කියන්නෙ අවුරැදු 8 1/2 කට පස්සෙ කොච්චර ප්රතිශත වෙනසක් වෙලා ද කියලා …..බුද්ධිමත් මිනිස්සු කව්රැවත් 2011 සංගණනයෙන් දෙන ප්රතිපල ගැන 2019 ජුලි මාසෙ දි පිළි ගන් නෑ…. මොළයක් තියේ නම්….

  2. wimarshaka says:

    මේ මහත්තයා කියන එක හරි නම් දැන් ඉන්න සිංහල මිනිස්සුන්ගේ ආයු අපේක්ෂව අවුරුදු 300ක් වෙන්න ඕනි. ගොන් තඩියා

  3. Manoj says:

    “ලක්‍ෂ 160ක් වන සිංහල ජාතිය දරුවන් හැදීම සම්පූර්ණයෙන්ම නතර කලද එම ජනසංඛ්‍යාව ඉක්මවා යාමට අද ලක්‍ෂ 21ක් වන මුස්ලිම් ජනතාවගේ වර්ධන වේගය අනුව දල වශයෙන් අවුරුදු 347ක් ගත වන බවද ඔහු කියා සිටියේය.”

    Meka nigamanya karanna population eka, percentage eka ta wada වර්ධන වේගය dena ganna oneeey. Eka gena meya mukuth ganan hilaw nokiya kohomada mehema kiyanne ???

  4. sinha le says:

    කුරුණෑගල වහාබි දොස්තර මුන්ට හොදට සන්තෝසම් දෙනවලු ජාතිය පාවාදෙන වසලයෝ

  5. Ariyathilaka says:

    මාක්ස්වාදය ගරු කරන දේශපාලන පක්ෂයකට හෝ පුද්ගලයකුට සිංහල ද දෙමළ ද මුස්ලිම් ද යනුවෙන් ජාතියක් ගැන හෝ බෞද්ධ,ක්‍රිස්තියානි, හින්දු, මුස්ලිම් යනුවෙන් ආගමක් ගැන විශේෂත්වයක් නැත. ඔවුන්ගේ එකම අභිලාෂය මාක්ස්-ලෙනින් වාදය ගරු කරන කොමියුනිස්ට් පාලනයකට ඇවැසි දේශපාලන පදනම සකසා ගැනිමය. ඒ සදහා ඔවුනට ඒබාධකව තිබෙන ප්‍රධානම සාදක ඉවත් කරීම අනීවාර්‍යය. ශ්‍රී ලංකාව තුල මේ වන විට සිංහල ජාතිය බෞද්ධ හා ක්‍රිස්තියානි ලෙස ප්‍රධාන ආගම් දෙකට ගොනු වී ඇත. යමෙක් ආගමකට නතු වීම කොමියුනිස්ට් වාදීනට වස ය. ඔවුන්ගේ දේශපාලන මන දොල සපුරා ගැනීමට නම් කුමන ජාතිකයක් වුවත් ඔවුන්ගේ ආගමික අන්තර්ගහනය ඉවත් කළ යුතුය. ආගමික අන්තර්ගහනයට නිතැතින්ම නතු වී ඇති සිංහල ජාතිය පිළිබඳව කැක්කුමක් අති වීමට මාක්ස්-ලෙනින් වාදය ගරු කරන ජනතා විමුක්ති පෙරමුණ හේතු නැත. ඔවුන්ට අවශ්‍ය වන්නේ ශක්තිමත් ජාතියක් හො රජයක් නොව තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය දේශපාලන වට පිටාව සකස් කර ගැනීමට ය. මෙවැනි ප්‍රකාශ හිස් මන්ද බුද්ධිකයන්ගේ අදහස් බව කිව යුතුය.

    • HELAYO says:

      Even a child can understand that if some other race produces children at a very much higher rate
      than the Majority race , that race would become the majority race in a very short period of time. The whole nation have understood that J V.P. is a unpatriotic party ,which has no concern for the long standing civilization of the country and its culture. It is a curse to the Nation,which tells inexcusable lies to the Nation for their political gains. Bull shit.

  6. Buddhi says:

    Simply If not born new child. as per the percent age limit all SINHALA nation will be disappear after 80- 90 years. What is nonsense talk from JVP

  7. Dissanayake says:

    මෙහෙම ප්‍රකාශකයක් කරන්න ගණිතමය පදනම කුමක්ද. අද ළමයි හැදීම නැවතුවොත් සිංහල ළමයි උපදින්නේ තව උපරිම මාස 8 යි සමන්‍ය මැරෙන වයස අවු 80 නම් සිංහල ඔක්කොම උපරිම අවු 80 මාස 8 න ඉවරයි. ඒ අනුව සිංහල සැම මසකම අඩුවීමත්(මරණ අනුපාතය අනුව) අනිත් ජන වර්ගය වැඩිවීමත් ගණනය කලාම හරියටම මහා ජාතිය වෙන දිනය සොයා ගත්තහැකි. මේක තේරුම්ගන්න බැරි මෝඩ වියත්තු තමා දේශනා කරන්නේ.

  8. Crazy says:

    This how JVP makes money.. it’s just a business for them

  9. siri says:

    JVP curse for our country, we missed more than 50000 71 and 89

  10. වලා says:

    ජෙප්පෝ හිතාගෙන ඉන්නේ දරුවන් හැදීම නතර කළොත් දැන් ඉන්න සිංහලයෝ අමරණීය වෙනව කියලද ?😃😁😠

Main News