සිංහලයන් සුළු ජාතියක් නොවන්නට නම් එක් පවුලකට දරුවන් හතරක් හැදිය යුතුමයි..- ඉසුර
August 6, 2019 at 3:50 pm | lanka C news
පුංචි පවුල රත්තරන් යන සංකල්පය හේතුවෙන් සිංහල ජාතිය තම උපන් බිමේ සුළු ජාතියක් පත් බවට පත්වීම ආරම්භ වූ බව බස්නාහිර පළාත් හිටපු මහ ඇමති ඉසුරු දේවප්‍රිය මහතා පවසයි.
එම සංකල්පය හේතුවෙන් එදා පිරිමි පාර්ශවයද ශල්‍යකර්ම කරගනිමින් වඳ භාවයට පත්වූ බවද ඔහු සඳහන් කළේය.
සිංහල ජාතිය සුළු ජාතියක් නොවන්නට නම් එක් පවුලකට දරුවන් සිව්දෙනා බැගින් සෑදිය යුතුම බවද කී ඔහු එම දරුවන්ට මවුකිරි දිය යුතු බවද සඳහන් කළේය.
ඔහු මෙම අදහස් පල කරන ලද්දේ මහරගම නගර සභා ශ්‍රවණාගාරයේදී පැවති උත්සව සභාවක් අමතමිනි.