සිංහලයෙක් හා විවාහ වුණේ යයි මුස්ලිම් කතකට වහාබින්ගෙන් අමානුෂික දඬුවම්.. සිය ගණනක් ගෙට පැන පහර දී රෙදි ඉරා මහ පාරේ ඇදගෙන යයි.. සියල්ල ඇය හෙලි කරයි.. [Video]

July 3, 2019 at 10:54 pm | lanka C news
සිංහලයෙක් හා විවාහ වුණේ යයි මුස්ලිම් කතකට වහාබින්ගෙන් අමානුෂික දඬුවම්.. සිය ගණනක් ගෙට පැන පහර දී රෙදි ඉරා මහ පාරේ ඇදගෙන යයි.. සියල්ල ඇය හෙලි කරයි.. [Video]

ඕනෑම කාන්තාවකට හෝ පුරුෂයකුට ඕනෑම ආගමක, ජාතියක අයකු සමඟ විවාහ වීමට අයිතියක් තිබිය යුතු බවත් එය මුස්ලිම් කාන්තාවන්ට පමණක් වෙනස් විය යුතු නැති බවත් බොදුබල මහ ලේකම් හිමියෝ කීහ.

බණ්ඩාරගම අටලූගම මුස්ලිම් කාන්තාවක් මුහුණ දී ඇති මනුෂ්‍යත්වයට නිගාදෙන අවාසනාවන්ත තත්ත්වය රට දැනගත යුත්තක් බවත් සැබෑ අන්තවාදය, ජාතිවාදය ඇත්තේ කොතැනද යන්න මින් තහවුරුවනු ඇති බවත් උන්වහන්සේ කීහ.

හිමියෝ එම අදහස් පළ කළේ කිරුළපන බෝධි බෞද්ධ මන්දිරයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවේදීය. මෙහිදී බණ්ඩාරගම අටලූගම මුස්ලිම් ජාතික කාන්තාවක් වන අබ්දුල් හසම් ෆාතිමා හයිෆාම් මහත්මියද එක්වී සිටි අතර එහිදී ඇය විශේෂ හෙළිදරව්වක් කළාය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිමියෝ මෙසේද කියා සිටියේය.

අද අපි විශේෂ හෙළිදරව්වක් වශයෙන් කරන අටලූගම ගමේ යුවළ පිළිබඳ තොරතුරු රටට කියන්නේ කිසිදු ජාතිවාදී හෝ ආගමික ඝට්ටනයක් ඇතිවීම සඳහා නොවේ. රටේ නීතිය හරිහමන් ලෙස කි‍්‍රයාත්මක නොවීම නිසා රටේ පුරවැසියන් විඳින අනේකවිධ කම්කටොලූ හෙළිකිරීම සහ ඔවුන් හමුවේ පවතින ජීවිත තර්ජන ගැන හෙළිකිරීමයි.

බණ්ඩාරගම අටලූගම ගමේ මේ වන විටත් කි‍්‍රයාත්මක උම්මත්තක අන්තවාදී සැහැසිකම්, වාර්ගික, ආගමික නීති රට දැන ගත යුතුයි. මේ යුවළ අප සංවිධානයට පැමිණ මේ ගැන කියන්න ඉල්ලීම් කරන්නේ බොහෝ කාලයකට පෙර සිටයි. අප ඒ ගැන අවශ්‍ය තැන්වලට දැනුවත් කළා. නමුත් ඒ යුවළ දැනටමත් ඒ අනේකවිධ දුක්කම්කටොලූවලට මුහුණ දෙනවා.

මේ හෙළිකිරීම මුස්ලිම් ජනතාවට හෝ එම ආගමිකයන්ට කරන එරෙහිවීමක් නොවෙයි. මේ දරුවෝ දෙදෙනෙක්ගේ මවක්. මුස්ලිම් සමාජයෙන් මතුව ඇති ඉස්ලාමික වහබ්වාදී අන්තවාදය නිසා ඒ සමාජය කෙතරම් අවාසනාවන්ත තත්ත්වයකට ඇදවැටිලාද කියලා මේ සිදුවීමෙන් තේරුම් ගන්න පුළුවන්.

සමාජ ඒකාබද්ධතාවය, සංහිඳියාව ගැන කතා කරන සැමට අද අපි උත්තරයක් දෙනවා කොතැනද මේ අන්තවාදය තියෙන්නේ කියලා. ආගම්වාදය කොතැනද කියලා අන්න ජාතිවාදය ආගම්වාදය තිබෙන්නේ අපි තුළ ද කියලා රටට දැන් හිතාගන්න පුළුවන්. මනුෂ්‍යත්වයට නිගාදෙන සැහැසිකම් ඇත්තේ කොතැනකද යන්න මේ කතාවෙන් හිතාගන්න පුළුවන් වේවි. අප පෙළගැසිය යුත්තේ කා වෙනුවෙන්ද යන්න මේ මාතාවගේ කතාව ඇසීමෙන් ඔබට තේරුම් ගන්න පුළුවන් වේවි.

බණ්ඩාරගම අටලූගම ගම්පිටින් අපහරණය කරන හජ්ජියාර්ලා ගැන අපි දන්නවා. පරිස්සමෙන් ඉන්න කියලා. ඒ අයට අපි දැනුම් දෙනවා. අපිට හමුදා අධිකරණ ඕන නැහැ. නීති හදන උදවිය නීති කි‍්‍රයාත්මක කරන අය මේ ප‍්‍රශ්න ගැන බලන්න ඕනෑ. ඕන කෙනකුට ඕන කෙනෙක් විවාහ කරගන්න පුළුවන්. අපේ කෙනෙක් වෙන කෙනෙක් සමඟ විවාහ වුණොත් අපි උන්ව මරාගෙන කන්න හදනවද? අපි එහෙම නැහැ. මුස්ලිම් අන්තවාදය රට විනාශ කර තිබෙනවා.

වහබ්වාදය හා අන්තවාදය පැතිරවීම සඳහා මොවුන් අල් ටකියාව භාවිතා කරනවා. අල් ටකියා කියන්නේ ශුද්ධවූ රැුවටීමයි. සාම්ප‍්‍රදායික මුස්ලිම්වරුන් මෙහි ගොදුරු බවට පත්වෙලා. මේ පවුලට ගල් කැටයකින් හෝ හානියක් නොවිය යුතු බව ආගමෙන් පිස්සු වැටුණු අටලූගමේ උම්මත්තකයන්ට අපි කියනවා. අපි කියන දේ කරන්න බැරිනම් සේරම අකුලගෙන බණ්ඩාරනායක ගුවන්තොටුපළෙන් කැමති රටකට ඔවුන්ට යා හැකි බවත් අප සිහිපත් කරනවා. මේක අපේ රට… මීට වඩා සිංහලයන්ගේ ඉවසීම පරීක්‍ෂා කරන්න එපා.

මෙහිදී අදහස් දැක්වූ බණ්ඩාරගම අටලූගම පදිංචි අබ්දුල් හසට් ෆාතිමා හයිෆාම් (38) මහත්මිය මෙසේද කීවාය.

2008 මම සිංහල බෞද්ධ මහත්මයෙක් සමඟ විවාහ වුණා. ඒ විවාහවෙලා අටලූගම නිවසට ගියාම පල්ලියේ සේරම සහ ගමේ සේරම ඇවිත් සිංහල කෙනෙක් බැඳලා ඉන්නේ කියලා අපිව එලවන්න හැදුවා. මහත්තයාට තර්ජනය කළා. පසුව අපි පොලිසියේ පැමිණිල්ලක් කරලා මාලබේ පදිංචියට ගියා. එහි සිටි ටික කාලයකදී මම ගැබිණියක් වුණා. බබා හම්බවෙන්න ඕන නිසා අටලූගම අම්මගේ ගෙදර ගියා. එහිදී ගමේ සේරම ඇවිත් අපිට තර්ජනය කළා. මහත්තයාව ගමෙන් එළෙව්වා.

මහත්තයට ආගමට එන්න කියලා තර්ජනය කළා. බබා හම්බවුණාම මහත්තයා අපේ ගෙදරට ආවා. ඒ ආ පසු පල්ලියේ අය ඇවිත් ඔයාට වාහන දෙන්නම් ගෙවල් දෙන්නම් ආගමට එන්න කියල දිගටම බලපෑම් කළා. මහත්තයා ඒකට කැමති වුණේ නැහැ. මහත්තයාට අපේ ආගමට එන්න ඕන වුණේ නැහැ. එයාට මාව බෞද්ධ ආගමට ගන්නවත් ඕන වුණේ නැහැ. අපි දෙන්න අපි දෙන්නගෙම ආගම් අනුව ඉන්න තමයි කටයුතු කළේ.

පසුව පල්ලියෙන් ඇවිත් මහත්තයාගේ බෙල්ලට උල් ආයුධයක් තියලා ආගමට හැරෙන ලෙස බලපෑම් කළා. මෙයා අපේ ගෙදර පැමිණි හැම වෙලාවෙම දාහක විතර පිරිසක් අපේ ගෙදර ඇවිත් තර්ජනය කරනවා. පසුව එයා රට ගියා. මහත්තයා රට ගියාම පල්ලියේ අය මට කිව්වේ එයා ගැන ආසාව අතහරින්න කියලයි. මුස්ලිම් කෙනෙක්ව හොයලා දෙන්නම් එයාව බඳින්න කිව්වා. ඉන් පසු ළමයි ඇතුව හෝ නැතුව මාව ගන්නම් කිව්වා. හජ්ජියාර්ලත් මට කතාකර භාර ගන්නම් කිව්වා. ඒ අයගේ නම් වුණත් මට කියන්න පුළුවන්.

පල්ලියේ අය මහත්තයට සීඞී තැටි ගොඩාක් එව්වා. අවුරුදු 32 ක් මහණවෙලා සිටි හාමුදුරුවෝ නමක් දැන් ඉස්ලාම් ආගමට ඇවිත් පූජකයෙක් වෙලා ඉන්නවා කියලා එම සීඞීවල සඳහන් වෙනවා. ලෝකේ උතුම්ම ආගම ඉස්ලාම් ආගමට එන්නේ නැත්තේ ඇයි කියලා ඔවුන් ප‍්‍රශ්න කළා. මම බයිසිකලයේ ගමන් යනවා. එයට හැමෝම එරෙහි වුණා.

පසුව දවසක රාති‍්‍රයෙත් පල්ලියෙන් ආව කියලා දොරවල් කඩන්න හැදුවා. මමයි අම්මයි ළමයි අඬන එක ඔවුන් වීඩියෝ කළා. පසුව අපි පොලිසියට කතා කළා. නමුත් පොලිසිය ඒ වෙලාවේ ආවේ නැහැ. පසුව පොලිසිය සමඟ ඔවුන් අපේ ගෙදරට දොරවල් කඩාගෙන ආවා. පොලිසියේ හතරදෙනෙක් හිටියදී ඔවුන් මටත් ළමයිටත් ගැහුවා. පසුව පල්ලියේ අනිත් අය අපිව පාරට ඇදගෙන ගියා. එතකොට ගල් මුල්වලින් ගැහුවා. ඔවුන් පල්ලියේ නීතිය කි‍්‍රයාත්මක කරන්නද පොලිසිය නීතිය කි‍්‍රයාත්මක කරනවද ඇහුවා.

පසුව අපිව පොලිසියට අරන් ගියා. මාව කූඩුවට දාන්න හදනකොට ළමයි පොලිසියේ අයගේ කකුල් අල්ලලා වැන්දා. අම්මව කූඩු කරන්න එපා කියල. පසුව මහත්තයා පාන්දර 2.00 ට පොලිසියට ආවා. පසුවදා තමයි ඇප දුන්නේ. අපි පොලිසියට පැමිණිලි 8 ක් දැම්මා. නමුත් විමර්ශන කළේ නැහැ. මේ සිදුවීම වුණේ මාර්තු විසිහතරවැනිදායි. අපේ‍්‍රල් 06 වැනිදා වෙනකම් විභාග කළේ නැහැ. පසුව ස්ථානාධිපතිවරයා මට කතා කළා. අපි පොලිසියට ගිය පසු ප‍්‍රශ්නය විසඳුවේ පල්ලියේ අයත් ඇවිත් ගම් සභාවක් වගෙයි.

කැඩිච්ච දොරවල් හදාගන්න රුපියල් විසිඅටදාහක් දෙන්නම් කිව්වා. සල්ලි වගේ නෙමෙයි මාව මැරුවට වඩා හානියක් ඒ අය කළේ. මට ගහපුවා අපි අඬනවා ෆේස් බුක් වට්ස් ඇප්වල පවා දාලා තිබුණා. මම මානව හිමිකම් සංවිධානවලට කොතෙකුත් කතා කළා. නමුත් ජුනි විස්ස වෙනකම් නඩුවක් වැටුනේ නැහැ. මට කිසිම සාධාරණයක් වුණේ නැහැ. ඒ නිසා තමයි මම හාමුදුරුවෝ හොයාගෙන ආවේ. හාමුදුරුවෝ නැත්නම් මේ දේවත් වෙන්නේ නැහැ.

මගේ අවුරුදු 11 ක් වන ගැහැනු දරුව මුස්ලිම් කෙනකුට බන්දලා දෙන්න කියනවා. අපිට හරියට අඳින්නවත් බැහැ. කළු තමයි අඳින්න කියන්නේ. දරුවෝ දෙන්නා බෞද්ධ පාසල්වලට තමයි යන්නේ. අවුරුදු දහයක පහළොවක කාලයක සිට අපේ සමාජය බරපතළ ලෙස වෙනස් වෙලා. පල්ලිවලින් අපේ සමාජයට බරපතළ බලපෑම් එල්ල වෙනවා. මම මුලින් රැකියාවට ගිය පසු අපේ තාත්තව දහපාරක් විතර පල්ලියට අරන් ගියා.

මේ ආගමේ ඉපදුන නිසා මම සෑහෙන කරදරවලට ලක් වුණා. මගේ දරුවන් මේ ආගමට ගෑවෙනවටවත් මම කැමති නැහැ. මොන දේ වුණත් හැම දේටම වඩා මුල ආගමයි. ආගම හැර ඔවුන්ට වෙන කිසි දෙයක් නැහැ. අපේ ගමට පල්ලි හතක් තිබෙනවා. මාරාව පල්ලියෙන් තමයි මේ දේ කළේ.

මම මේ දේ සඳහා ඉදිරිපත් වුණේ මම වැටුනු තත්ත්වයට තවත් කාන්තාවන් පත් නොවීමටයි. මේ පල්ලියේ කට්ටිය පිටුපස සිංහල, දෙමළ දේශපාලනඥයන් ඉන්නවා. හාමුදුරුවෝ නැත්නම් මේ ටිකවත් නැහැ.

වීඩියෝව මෙතනින්

– divaina

59,994 Viewers

36 Comments to “සිංහලයෙක් හා විවාහ වුණේ යයි මුස්ලිම් කතකට වහාබින්ගෙන් අමානුෂික දඬුවම්.. සිය ගණනක් ගෙට පැන පහර දී රෙදි ඉරා මහ පාරේ ඇදගෙන යයි.. සියල්ල ඇය හෙලි කරයි.. [Video]”

  1. Roshan says:

    Onna thawa ekak patangaththa

    • Ratawasiya says:

      Roshan thamuse Muslim Neda. Me aparada gana mulu loketama kiyanna oni.

      • දේවක says:

        පොලිසිය නිතරම ඉන්නෙ ජාතිවාදින්ගෙ පැත්තෙ. බහුතර සිංහල ප්‍රදේශ වල මුස්ලිම් කඩ වලට ගහනකොට පොලිසිය බලන් ඉන්නවා. බහුතර මුස්ලිම් ප්‍රදේශ වල මේවගේ දේවල් කරනකොට පොලිසිය බලන් ඉන්නවා.

        • සමනල සහජීවනය says:

          පොලිසිය මොකාගෙ පැත්තෙ හිටියත් ඒ ඉන්නෙ ආන්ඩුවෙ ඔර්ඩර්ස් වලට (ඉඳල හිටල, කවුරු හරි කෙනෙක් දෙන්නෙක් පිට පැන්නත්..). මේ වෙලාවෙ පොලීසිය මුස්ලිම් කඩ වලට ගහන්න ඉඩ දීල බලන් ඉන්නෙ, ජන බලයක් නැති පාදඩ ආන්ඩුවට ජාතිවාදයක් අවුස්සල චන්ද කල් දාගන්න ඕන නිසා. බහුතර මුස්ලිම් ප්‍රදේශ වල මුස්ලිම් අන්තවාදීන්ට ඕනෙ පාදඩ වැඩක් කරන්න දීල බලන් ඉන්නෙ, පරඬැල් පාදඩ ආන්ඩුව සල්ලි සහ දේශපාලන බලය මත මුස්ලිම් අන්තවාදීන්ගෙ අල්ලෙ නැටවෙන නිසා.

    • Dilshan says:

      Barberic Arabic countries promote fundamentalists in Sri Lanka. It’s very important to monitor all the activities of Arabic embassies in Sri Lanka. Barbaric dogs in these shit countries wants to spread their stone age culture in Sri Lanka. Let’s say no to WAHABISM

      • Sun says:

        The way they were brought up in their cultures is the cause of the problem. They give priority to money and do not care about human values . Some do not know about human compassion due to their wrong upbringing. There are human ethics of respecting people and the law round the world. Most of their heads are conditioned to involvement of hardcore muslim involvement from the Arab nations where they do not know about rights of people. They cannot see the world beyond. All are following the models of these hardcore people and think they are the saviors of people. Conditioned heads.

    • vidukd says:

      Ekane machan, thawa kochcharanam dewal ethida hangagana kiyannethuwa

      • Chandi says:

        Den ethin May ammandita kiyak gevvada danney nee, paw sinhala ekekvaney bedala inney, u kiyyanna ethi sinhalaya venuven boruvata kadey palayan geheniye kiyala….

        • Pradhan says:

          Chandi sinhala namakin Inna anthawadiyek neda thamunuth. Kalakanni wahabiyo ahinsaka muslimlawath narakkarala oluwa kala.yako arabiyata palayalla oya neethi rakinna .meka srilankawa nidahas bumiya ape

      • විස්කි මැඩම් says:

        කුරාන් එකට වඩා ජාතිවාදියි හදිත් පොත්.
        හදිත් ලියල තියෙන්නේ කුරාන් ලියලා වසර 250 කට පසු හටපු අරාබි පුජකයින්.
        අද ඉස්ලාම් කියලා මුන් අදහන්නේ හදිත් පොත් වල තියන දේවල්.
        උදාහරණයකට බුර්කා අදින්න කියල කුරානයේ නෑ. හදිත් පොත් වල තියෙනවා.

  2. Roshan says:

    Ayyo mewage prassna polisiyata genitannako me wage madyawal wala

    • Janaka says:

      Read the full story before commenting!

      What is this?

      “අපි පොලිසියට පැමිණිලි 8 ක් දැම්මා. නමුත් විමර්ශන කළේ නැහැ. මේ සිදුවීම වුණේ මාර්තු විසිහතරවැනිදායි. අපේ‍්‍රල් 06 වැනිදා වෙනකම් විභාග කළේ නැහැ. පසුව ස්ථානාධිපතිවරයා මට කතා කළා. අපි පොලිසියට ගිය පසු ප‍්‍රශ්නය විසඳුවේ පල්ලියේ අයත් ඇවිත් ගම් සභාවක් වගෙයි.”

    • Thiw says:

      Bayada media wala giyama ?

      • රතු සහෝදරයා says:

        නෑ. අපේ නානල ගැන වරදක් කියනවට අපි කැමති නෑ. අපිට ඒව අහං ඉන්න බෑ.

        • Chandi says:

          Aney Mata padayak yanda yanava, Mama baya nee meka hoda avasthavak karagena Bodu bala senavata gihilla peminillak danava.

    • sanath says:

      Roshange thaattha Ashady sali narumayaa neda,,,,’

    • Dp says:

      Roshan ….උඹ මෝඩ ගොන් බුරුවෙක් වුනත් ,ඒ වගේ කෑගහන්න එපා.. ඉස්සෙල්ල කියවලා තේරුම් ගනින් ..නැත්නම් ළඟ ඉන්න පොඩි ළමයෙක්ට කියපන් තේරුම් කරලා දෙන්න කියලා

    • බන්ඩා says:

      උඹ ජිහාඩියෙක්ද වහබි මවුලවිට කඩේ යන හිවලෙක්ද?

      • Pal says:

        My dear…..

        There are lot of Muslims studied in Sinhala and taken Sinhalese names , but actively in the promotion of Wahabizm.
        You can identify some of them here with their comments in this page as well.
        Roshan and Chandi are same.

    • vidukd says:

      Ekene machan, mewa MEDIA walata denna thama oni.
      You correct.
      Uba kiyana eka eththa mehema dewal karanne ballo thamai neththan geniyektavgahanawada

  3. Preethi COORAY says:

    Dakka neda muslim ewun ge hati oya elidaraw una siduweemak ….!!! oya wage kochchara wenawa adda…? Oya muslim paaharayanta kisima kadekata yanna honda naha …!!! Jathiyak nathuwa unta wahal mehewara karana kayalayak enna langayi Edata Ape serama dewal nathiweyi…? Habayi Edata pramada wadyi…!!!

  4. රටෙ එකා says:

    මුන්ටත් පුලුවන්නම් සින්හල පර පොලිස් කාරයොන්ට සල්ලි දීලා කට වහන්න රිශාඩ්ලා, හිස්බුල්ලලා ගැන මොන කතාද

  5. Ariyathilaka says:

    අල්-කුර්ආනයේ 2වන පරිච්ඡේදය අල් බකරා 221 හි (විශ්වාස වන්තයෙනි), සමානයන් තබා නමදින කාන්තාවන්ව ඔවුන් විශ්වාස කරන තුරු ඔබ විවාහ කර නොගනු….. එසේම සමානයන් තබා නමදින පිරිමින් ඔවුන් විශ්වාස කරන තුරු (ඔවුන්ට විශ්වාස වන්ත කාන්තාවන්) ඔබ විවාහ කර නොදෙනු….(මෙහි සමානයන් තබා නැමදීම නම් අල්ලාහ් හැර වෙනත් ඇදහීම්, අල්ලාහ් හැර වෙනත් අගමක්, වෙනත් ශාස්තෘ වරයෙක් ආගමික වශයෙන් පිළිගැනීමය. එසේ කරන්නා සමානයන් තබා නමදින්නා නම් වේ; විශ්වාස කිරීම නම් අල්ලාහ් එකම දෙවි ලෙස පිළිගැනීමය.) ස්ලාම් භක්තිකයන්ට අන්‍ය වු කවර වූ ආගමක් අදහන ස්ත්‍රී- පුරුෂයන් සමග ආවාහ විවාහ තහනම් කර ඇත. මෙය මුසල්මානුවන් සිටින රටක ජාතික සමගියට ඉමහත් බාධාවක්; ජාතීන් අතර ආවාහ විවාහ සිදුවීමෙන් ඔවුනොවුන් අතර නෑ සබදකම් ඇතිවීමත්, දරු මුනුබුරන් ඇතිවීමෙන් පරම්පරා සබදතාවය තහවුරු වීමත්, අන්‍යොන්‍ය මිත්‍රශීලී බව සුරක්ෂිත වීමත් හේතුවෙන් ජාතීන් අතර සමගියට හේතුය.

  6. Ranjith Canada says:

    Why Muslim M.P.s are not making comments?

  7. Me3 says:

    කෝ මිනිස් අයිතිවාසිකම් පිළිබඳ ව කෑ කෝ ගහන පිරිස? කෝ ජාත්‍යන්තර මිනිස් අයිතිවාසිකම් සංවිධාන? කෝ සාධාරණ සමාජ සඳහා කෑකෝ ගහන අය?
    ඔය කවුරුවත් ලඟ සාධාරණය නැහැ. ඒ කවුරු වත් ලඟ අසරණ අයට පිහිට වීමේ අභිලාශයක් නැහැ.
    කරුණාව, මෙෙත්‍රිය තියෙන තැනට තමයි පිහිට පතා අසරණ අය යන්නෙ.

  8. දඹර අමිල says:

    මානව හිමිකම් තියෙන්නේ සිංහලයින්ට නෙවි ………..සිංහලයෙක් පැත්තෙවත් ගෑවිලා තිබුනොත් සියලු හිමිකම් අහිමියි.

  9. රොෂාන් says:

    මම දැනට අවුරුදු 25 කට කලින් කසාද බැන්දෙත් මුස්ලිම් කෙල්ලෙක් හැබැයි බදින්න ඉස්සෙලා මොලෙයි ඔළුවයි හොදට හේදුව බොක්කත් එක්ක. ඒ නිසා අදටත් අපි දෙන්නම දරු මල්ලොත් හදා ගෙන බොහොම සතුටෙන් පන්සල් ගිහින් පිනක් දහමක් කරගෙන ඉන්නවා. එදා මගේ අන්තිම තීරණේ උනේ උබලගේ ආගමේ කියන විදිය හැම බලයක්ම තියෙන්නේ පිරිමියාට නම් ඒ බලයම මටත් තිබිය යුතුයි කියන එකයි එනිසා උබ මගේ බුදු දහම ඉගෙනගෙන ඒ අනුව සිටිය යූතුයි. පිළිඅරන් ඔය දැන් ඉන්නේ ලස්සනට. හිත ඇත්නම් පත කුඩාද ?

  10. sathya says:

    Never go to Muslim shops PLEASE

  11. safi says:

    We can not listen to one side story of this woman. If this woman tells the truth then why the hell Bandaragama Police did not take any action against the mosque. We need to come to any conclusion after thoroughly investigating this issue. I am sure this woman is at fault, otherwise police would have not taken village people’s side. Galabodaatte Gnanasara Thero is waiting to create problems among the normal mass. This will carry on till the Presidential Election. All these people are working according to some agenda. Very sad for the future of our mother land.

    • Nana says:

      Maybe some different versions of the story could be there. Yet it is a fact that Muslims never allow their people to marry others, if married they insist both to become Muslim. They do this in so many means even violence in areas where majority of them live. So extremism starts there.. Others only respond.

      Even Christains do the same, but in a softer manner. Hindus and Buddhists dont do that.

  12. Sun says:

    Hard to believe such things are happening in a world today in this developed world of human beings. There are people still want to live in a world of animals as the way they they were pulling weak human beings away. I do not know what they are expecting from this type of harassing human beings. I have never heard such type of religious fanatics living in the developed world other than the African countries. Where are the human rights people.

  13. Nana says:

    Ko Mangala ?

Main News