සිංහලෙන් නඩු කටයුතු කරද්දී ශ්‍රේෂ්ඨාධිකරණ අභියාචනාධිකරණ විනිසුරුවරු තිදෙනෙකු නීතිඥවරයෙකුට අවමන් කරමින් නීති විරෝධීව හැසිරුණේ යයි ජනාධිපතිට පැමිණිලි…

January 15, 2019 at 8:40 am | lanka C news
සිංහලෙන් නඩු කටයුතු කරද්දී ශ්‍රේෂ්ඨාධිකරණ අභියාචනාධිකරණ විනිසුරුවරු තිදෙනෙකු නීතිඥවරයෙකුට අවමන් කරමින් නීති විරෝධීව හැසිරුණේ යයි ජනාධිපතිට පැමිණිලි…

2018 නොවැම්බර් මස 09 වන දිනැති අංක 2096/70 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් පාර්ලිමේන්තු විසුරුවීමට අදාල ජනාධිපති විසින් නිකුත් කළ ගැසට් නිවේදනය 2018.12.13 දින ශ්‍රේෂ්ඨාධිකරණය අවලංගු කරමින් ඉංග්‍රීසි භාෂාවෙන් නඩු තීන්දු ලබා දී ඇති අතර එකී ගැසට් නිවේදනය නීතියට පටහැනි බව දක්වමින් සහන අයද නීතිඥ ලක්සිරි උණවටුන විසින් ද 2018.11.12 දින සිංහල භාෂාවෙන් පෙත්සමක් ගොනු කර තිබූ අතර එකී පෙත්සම 2019.01.10 දින නඩු තීන්දුවල සිංහල භාෂාවෙන් වන පරිවර්තන ලබා ගැනීමට කරුණු තහවුරු කිරීමට ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත මලල්ගොඩ සහ මෘදු ප්‍රනාන්දු විනිසුරුවරු ඉදිරියේ කැදවා ඇත.

ඒ අවස්ථාවේ විජිත මලල්ගොඩ විනිසුරු නීතිඥවරයා වෙත දෝෂාරෝපනය කරමින් සිංහල භාෂාවෙන් ඔහු තීන්දුවල පිටපත් නිතරම ඉල්ලා සිටින බවත්, ඔහු හිගන්නාගේ තුවාලය මෙන් කටයුතු කරන බවත්, සිංහල භාෂාවෙන් පරිවර්තන ඉල්ලීම අධිකරණය අපහසුතාවයට පත් කිරීමක් බවත්, මේ ආකාරයට ගියොත් දෙමළ භාෂාවෙන්ද පිටපත් ඉල්ලිය හැකි බවත් එම විනිසුරුවරයා අභියාචනාධිකරණයේ සිටියදී සිංහල භාෂාවෙන් නඩු තීන්දු ගැනීමට උත්සාහ කළද අසාර්ථක වූ බවත් ඇතුළුව ප්‍රකාශ කරමින් විවෘත අධිකරණයේ දී නීතිඥවරයාව අපහසුතාවයට සහ අවමානයට පත්කර ඇති අතර ඒ සම්බන්ධව එකී නීතිඥවරයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, කථානායක ඇතුළු ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන්, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට, රාජ්‍ය භාෂා කොමිසමට සහ නීතිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවේ 35 , 17 සහ 126 ව්‍යවස්ථා යටතේ සහන ලබා ගන්නා බව දන්වා ඇත.

(එම පැමිණිල්ල පහත දැක්වේ….)

ලක්සිරි උණවටුන

24,490 Viewers

17 Comments to “සිංහලෙන් නඩු කටයුතු කරද්දී ශ්‍රේෂ්ඨාධිකරණ අභියාචනාධිකරණ විනිසුරුවරු තිදෙනෙකු නීතිඥවරයෙකුට අවමන් කරමින් නීති විරෝධීව හැසිරුණේ යයි ජනාධිපතිට පැමිණිලි…”

  1. බැද්දේගම සිනිදු says:

    යකෝ තාම සුද්දද රට පාලනය කොරන්නේ ?

    සිංහල බාසාවට ගිය කල… බැද්දේගම සිනිදු එල්ලාපිය ?

    • නුවන් says:

      රටේ සියලු දෙනාම රටේ වියවස්තාවට යටයි එක තනතුර අනුව වෙනස් වෙන්නේ නෑ වියවස්තව කඩා නීති උල්ලංගනය කරන හැමටම දඩුවම් කලයුතුයි තරාතිරම නොබලා .ඒවගේම රට විනාශ කරන්න වැඩකරපු රටේ රාජ්‍ය නිලධාරින්/දේශපාලකයන් හැමෝම විශේෂ අදිකරණයක් ඉදිරියට අරගෙන ඇවිල්ලා නඩු අසලා දඩුවම් දෙන්න ජනතාව රජයට බලකරන්න ඕනා .එවැනි පුද්ගලයන්ගේ දේපල රාජසන්තක කරන්න ඕනා පවුල් පිටින් මෙරටින් පිටුවහල් කරන්න ඕනා හිර දඩුවම් දුන්නට පස්සේ

      • අංකූරා says:

        මචෝ, ඔක්කොම ව්‍යවස්ථාවට යටයි කියමුකො , ව්‍යවස්ථාව කාට යටවෙලාද තියෙන්නේ කියලා දන්නවද ?.

    • ඇත්ත says:

      සියලු ම නීති සහ අනු නීති පැනවීම නැතහොත් සෑදීම ද, එකී සියලු ම නීති සහ අනු නීති පළ කිරීම ද, ඉංග්‍රීසි භාෂාවෙන් වූ පරිවර්තනයක් ද ඇතිව සිංහල සහ දෙමළ භාෂා දෙකෙන් ම විය යුත්තේ ය :
      එසේ වුව ද, ඒ ඒ භාෂාවෙන් වූ පාඨ අතර යම් අනනුකූලතාවක් ඇති වුවහොත්, බලපැවැත්විය යුත්තේ කවර පාඨය ද යන්න පාර්ලිමේන්තුව විසින් යම් නීතියක් පනවන අවස්ථාවේ දී තීරණය කළ යුතු ය ලෙස 23 ව්‍යවස්ථාව දක්වයි. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ ඉංගීසියෙන් ඇති පරිවර්තනක් වූ නීතිය කියවා නඩු තීන්දු ලියන බව පැහැදිලිය. ඇයි පරිවර්තනය බලාගෙන නඩු තීන්දු ලියන්නේ…මෙසේ කරන්නේ බලාත්මක සිංහල නීතිය යටපත් කරන්නයි. දැන්වත් වටහා ගනිල්ලා මේ කරන ව්‍යවස්ථා රැවටීම. නැවත අධිකරණයේ පරිවර්තන වලින් නඩු තීන්දු ලියන්න දෙන එක නතර කරන්න නම් ඉංග්‍රීසි නීතිය/ පනත පරිවර්තනයක බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 23 ව්‍යවස්ථාවේ තියෙන බව ඔය කලු සුද්දන්ට කියලා දීපල්ලා…

      • bandara says:

        පාර්ලිමේන්තුව සම්මත කරන පනත්වල ඉංග්‍රීසියෙන් තියෙන්නේ පරිවර්තනයයි. මේ කතාව ඇත්ත..ඒත් කවුද මේ බව රටට කියන දේශප්‍රේමියා.

        • Head says:

          ඉංග්‍රීසි පරිවර්තනය උඩට ඇවිල්ල ඔරිජිනල් සිංහල පනත යටට ගිහිල්ල. ඇයි ඔරිජිනල් සිංහල පනතට උසාවිය තැනක් දෙන්නෙ නැත්තෙ…

    • dilan says:

      මේ තුන්දෙනාගෙන් බැද්දේගම ප්‍රධාන චරිත වූ ආරච්චි, ප්‍රනාන්දු සහ රාළහාමි කව්ද? උත්තරය හරියට කියා සිරදඩුවම් ලබා ගන්න….

    • bandara says:

      රාජපක්ෂවරැන් වටකරගෙන ඉන්න කලු සුද්දො කල්ලියය මේවා පේන්නෙ නැත

  2. බන්ඩා says:

    විනිසුරැවන්ට නීති හදන්න – පනවන්න – පුලුවන්ද?

    • kolitha says:

      ලංතාවේ උත්තරීකර විනිසුරැවරැන්ය…ජනාතාව ඉන්නේ විනිසුරැනට යටින්ය. අනේ කාලේ …වනේ වාසේ….

  3. Nadeesha says:

    Yes with immediate effect sack these judges.

  4. පොරමෝලා says:

    JR ට මේක උනා නං මෙලහකට නඩු කාරයන්ගෙ ගෙවල් වැස්සට තෙමෙනව

  5. Crazy says:

    They should know better as they are the law people.
    So, what’s the penalty here?
    Penalty must be much significant than what they did to Ven Gnasara..
    Oh.. just throw it under the carpet because it’s a matter about Sinhalese

  6. Cassius and brutus says:

    දෙමළ භාෂාවෙන් දෙන්න එපා..එහෙම දුන්නොත් තමා සිංහල එකට මුල් තැන ලැබෙන්නේ..ඒ නිසා දෙමළෙන් පරිවර්තනයක්වත් දෙන්න එපා..කලු සුද්ද්නට සහ දෙමළ ඩයස්පෝරාවටම රජ වෙලා අහිංසක ජනතාව හිගන්නන් කරගෙන ඉන්න ඉඩ දීපල්ල. මේ නිතිඥයව එළවල දාපල්ල..

  7. Pandaaranaayagam says:

    I too fully agree with the comment made by Neela perumal . In my view this may be the reason to no more Bandaranayakes in future from Horagolla.

    • dilan says:

      බණ්ඩාරනායක විධායකය පමණක් සිංහල කරමින් අධිකරණය කලු සුද්දන්ටම රජ කරන්න දුන්නේ ඇයි? බණ්ඩාරනායකටත් අවශ්‍ය වුණේ අධිකරණයට සිංහල ඇතුල් කිරීම නවතන්නද?

Main News