සිංහලෙන් පමණක් ජාතික ගීය ගැයීම ආණ්ඩුවේ ප්‍රාථමික ලක්ෂණ පෙන්වීමක්.. දෙමලෙන් ජාතික ගීය ගයන්න අවශ්‍යයි..- ආණ්ඩුවේ මන්ත‍්‍රී සුරේෂ් රාඝවන්

February 6, 2021 at 6:30 am | lanka C news
සිංහලෙන් පමණක් ජාතික ගීය ගැයීම ආණ්ඩුවේ ප්‍රාථමික ලක්ෂණ පෙන්වීමක්.. දෙමලෙන් ජාතික ගීය ගයන්න අවශ්‍යයි..- ආණ්ඩුවේ මන්ත‍්‍රී සුරේෂ් රාඝවන්

නිදහස් දින උත්සවයේදී ජාතික ගීය සිංහල භාෂාවෙන් පමණක් ගැයීම ආණ්ඩුවේ ප්‍රාථමික ලක්ෂණ විදහා පෑමක් යයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් රාගවන් මහතා සඳහන් කරයි.

දෙමළෙන් ජාතික ගීය ගායනයට ඉඩ නොදෙන්නේ නාගරික ජීවත් වන සුළු පිරිසකගේ වුවමනා මත බව ද වසන මන්ත්‍රීවරයා දෙමළ ජාතිකයනට තමන්ගේ භාෂාවෙන් ජාතික ගීය ගායනා කිරීමේ අයිතිය තිබිය යුතු යැයි ද කියා සිටී.

ග්‍රාමීය සිංහල බෞද්ධ ජනතාව දෙමළ බසින් ජාතික ගීය ගායනා කිරීමට විරුද්ධ නොවන බවද පවසන ඔහු තමන් ද සිංහල භාෂාව ඉගෙන ගත්තේ බෞද්ධ භික්ෂුයකගෙන් බවද සඳහන් කරයි.

පුවත් පතක් සමග සාකච්ඡාවකදී ඒ මහතා මෙම අදහස් පළ කර තිබේ.

12,641 views

28 Comments to “සිංහලෙන් පමණක් ජාතික ගීය ගැයීම ආණ්ඩුවේ ප්‍රාථමික ලක්ෂණ පෙන්වීමක්.. දෙමලෙන් ජාතික ගීය ගයන්න අවශ්‍යයි..- ආණ්ඩුවේ මන්ත‍්‍රී සුරේෂ් රාඝවන්”

  1. සමන්තයා says:

    දැන් සිංගප්පූරුවට ගහිල්ලා කියන්න බලන්න මැලේ බසින් විතරක් නෙමේ දෙමළ බසිනුත් ජාතික ගීය කියන්න කියලා. මොකද වෙන්නේ කියලා. අපේ රටේ මෝඩ පාලකයින්ට නොතේරුනු දෙය මොරිෂස්, සීෂෙල්ස්, ගයනා, රීයුනියන් වගේ රටවලට තේරුම් ගියා දෙමළ බසට තැනක් දුන්නොත් අවසානයේ මොකද වෙන්නේ කියලා ඒ නිසා එම රටවල් දෙමළ බසට කිසිම තැනක් නොලැබෙන ලෙස ප්‍රංශ සහ ඉංග්‍රීසි බසටත් දේශියව බිහිවුණු බසටත් තැන දීලා ව්‍යවස්ථාව හැදුවා. සිංගප්පූරුව දෙමල බස රාජ්‍ය භාෂාව කලත් ජාතික බස බවට පත් කලේ මැලේ බස. ඒ දෙමළා ගැන දන්න නිසා

Main News