සිංහල අලුත් අවුරුද්ද අදයි.. අවුරුදු නැකැත් චාරිත‍්‍ර මෙන්න..

April 13, 2020 at 8:40 am | lanka C news
සිංහල අලුත් අවුරුද්ද අදයි.. අවුරුදු නැකැත් චාරිත‍්‍ර මෙන්න..

මෙවර සිංහල හා දෙමල අලුත් අවුරුද්ද අද දිනයේ යෙදී ඇත.

පවතින කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් රජය දැනුම් දී ඇත්තේ නිවටසම වී පවුලේ අය සමගින් පමණක් අලුත් අවුරුද්ද සමරන ලෙසයි.

අලුත් අවුරුද්ද යෙදී ඇති අද දිනයේදී මුළු රටටම ඇදිරි නීතිය ක‍්‍රියාත්මක වීම විශේෂත්වයකි.

අලුත් අවුරුදු චාරිත‍්‍ර මෙසේය.

  • අලුත් අවුරුදු උදාව – අප්‍රෙල් මස 13 වැනි සඳුදා අපරභාග 08.23ට
  • පුණ්‍ය කාලය – අප්‍රේල් මස 13 වැනි සඳුදා අපරභාග 1.59 සිට එදින රාත්‍රී 2.47 දක්වා
  • ආහාර පිසීම – අප්‍රේල් මස 13 වැනි සඳුදා අපරභාග 10.05ට
  • වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය – අප්‍රේල් මස 13 වැනි සඳුදා අපරභාග 10.43ට නැඟෙනහිර දිශාව
  • හිසතෙල් ගෑම – අප්‍රේල් මස 15 වැනිදා පූර්වභාග 09.17ට නැඟෙනහිර දිශාව
2,178 views

5 Comments to “සිංහල අලුත් අවුරුද්ද අදයි.. අවුරුදු නැකැත් චාරිත‍්‍ර මෙන්න..”

  1. arjuna says:

    sinhala bhaashawa hariyata hasuruwanna danne nathi kaala wakawaanu pilibanda danimak nathi aya mewani nekath damiimen walakinna.mokada ohugee daneema pilibanda lanka wasintama prakaashawana bawini.

  2. 🌞🙏🌞 🙏🌞🙏🌞 says:

    🌞🙏🌞 🙏🌞🙏🌞 🙏🌞🙏🌞 🙏🌞

    කොවිඩ් වයිරසයට බැහැ අප පරදන්න
    අවුරුදු නැකත ඒ විදියටම වෙයි ඔන්න
    රටේම කිරි උතුරවලා කොවුලට එන්න
    ගහමු රබන් පද කොරෝනව එල වන්න

    🌞🙏🌞 🙏🌞🙏🌞 🙏🌞🙏🌞 🙏🌞

  3. 🌞🙏🌞 🙏🌞🙏🌞 🙏🌞🙏🌞 🙏🌞 says:

    🌞🙏🌞 🙏🌞🙏🌞 🙏🌞🙏🌞 🙏🌞

    කොවුලා කොරෝනා බයේ නිහඬ වෙලා
    නෑගම් යාම මෙවර ස්කයිප් වයිබර් වෙලා
    නැකතට කිරි උතුරා ගණුදෙනු එක් වෙලා
    මේ අවුරුද්ද ගෙදරම වැඩිවියට පත් වෙලා

    🌞🙏🌞 🙏🌞🙏🌞 🙏🌞🙏🌞 🙏🌞
     

  4. sinha le says:

    ලොව පුරා සිටින සිංහල ලාංකිකයන් සෑමට සුභ සිංහල අලුත් අවුරුද්දක් වේවා!!

Main News