සිංහල ආණ්ඩු ගැන විශ්වාස නෑ.. දෙමල ජනයාට 13ටත් වැඩි බලතල දිය යුතුයි.. – චන්ද්‍රිකා, සිරිමාවෝටත් විරුද්ද වේ..
February 22, 2017 at 10:00 am | lanka C news
මෙරට දෙමල මුස්ලිම් ජනතාවට තම අයිතිවාසිකම් ලබා ගැනීම වෙනුවෙන් 13 වන සංශෝධනයට එහා ගිය බලය බෙදීමක් උවමනා බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පවසයි.
ඇය පෙන්වා දෙන්නේ තිස් වසරක යුද්දයක් ඇති වුනේ 13 වන සංශෝධනයෙන් ලබා දුන් බලතල මදි නිසා බවයි.
සිංහලන් විසින් ගෙන යන ආණ්ඩුවක් ගැන දෙමල ජනතාවට විශ්වාසයක් නැතැයිද පවසන ඇය ඔවුන්ට අවශ්‍ය බලතල ලබා දීමේ වරදක් නැතැයිද සදහන් කරයි.
කෙසේ වෙතත් 1987දී ගෙන එනු ලැබූ 13 වන සංශා්ධනයට හිටපු ජනපතිනි චන්ද්‍රිකාගේ මව වන සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය දැඩිව විරෝධය පෑ අතර පිටකොටුවේ බෝගස යට උපවාසයක්ද පැවැත්වූවාය.