සිංහල කොල්ලෝ මොකට මුන්ට බය වෙනවද.. ඔවු මං එහෙම කලා.. මට ඒ ගැන ආඩම්බරයි..- කොටි ඩයස්පෝරාව තැතිගැන්වූ ලක් වීරයාගෙන් විශේෂ ප‍්‍රකාශයක්..

February 9, 2018 at 11:20 am | lanka C news
සිංහල කොල්ලෝ මොකට මුන්ට බය වෙනවද.. ඔවු මං එහෙම කලා.. මට ඒ ගැන ආඩම්බරයි..- කොටි ඩයස්පෝරාව තැතිගැන්වූ ලක් වීරයාගෙන් විශේෂ ප‍්‍රකාශයක්..

“එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් ‘ප්‍රභාකරන් අවර් ලීඩර්’ කියලා කෑගසමින් උද්ඝෝෂණය කරද්දී මම ඇඟිල්ල බෙල්ලට තියලා ඇඟෙව්වේ සියල්ල අවසානයි කියලා.” යැයි බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු පැවසීය.

පෙබරවාරි 04 දා එරට දී පැවැති නිදහස් සැමරුම් උත්සවයට විරෝධය පාමින් උද්ඝෝෂණයේ නිරත එල්.ටී.ටී.ඊ. හිතවාදීන්ට බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු විසින් අතින් ගෙල සිඳ දමන ආකාරය නිරූපණය කිරීමේ වීඩියෝව මුල්කරගෙන දැවැන්ත ප්‍රතිවිරෝධයක් ශ්‍රී ලංකා යුද හමුදාවට එල්ල වූ අතර ඒ හේතුවෙන් ඔහුගේ සේවය අත්හිටුවීමට විදේශ කටයුතු අමාත්‍යාංශය පියවර ගත්තේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙරේදා (07) දහවල් බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට දුරකථන ඇමතුමක් ලබා දී ඔන්න ඔබතුමා යළි සේවයේ පිහිටෙව්වා. කලබල කරන්න එපා යැයි එහි දී ඇති වූ සිද්ධිය ගැන අසා පවසා තිබුණි.

ජනාධිපතිවරයගේ නියෝග මත නැවත සේවයේ පිහිටුවනු ලැබූ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට එරෙහිව යුද හමුදාවෙන් හෝ කිසිදු ආයතනයකින් පරීක්ෂණයක් සිදු නොකරන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක පැවසීය.

සේවය අත්හිටුවනු ලැබූ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට එරෙහිව විදේශ කටයුතු අමාත්‍යාංශය හා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඇරඹූ විමර්ශනය ජනපති නියෝගයෙන් අත්හිටුවා තිබුණි.

බ්‍රිතාන්‍යයේ ඇති වූ සිද්ධිය ගැන බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් මෙසේ පැවසීය.

“බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරාධනාව මත නිදහස් සැමරුම් උළෙලට සිංහල, දෙමළ, මුස්ලිම් දෙසිය පනහක් විතර සහභාගි වෙලා හිටියා. මම කල්තියාම බුද්ධි තොරතුරුවලින් දැනුම් දුන්නා එල්ටීටීඊ හිතවාදීන් විරෝධතාවකට සූදානම් වනවා කියලා. ඒ අනුව තානාපති ‍පොලිසිය ආරක්ෂාව සපයා තිබුණා.

අපි නිදහස් උත්සවේ ඉවර වුණාට පස්සේ උද්ඝෝෂකයෝ ඉන්න නිසා ඇතුළේ හිටපු ද්‍රවිඩ ජාතිකයන්ගේ ආරක්ෂාව ගැන වැඩි අවධානයක් යොමු කළා. ඒ අය ආරක්ෂාව ගැන බලා ගන්න කියලා මගෙන් ඉල්ලුවා. එළියට යන්න බයෙන් ඉද්දී මම එයාලාට පසුපස දොරෙන් එළියට යන්න සැලැස්සුවා. සිංහල කොල්ලෝ මුන්ට බය වෙන්නේ මොකටද කියලා ඉස්සරහා ගේට්ටුවෙන් එළියට ගියා.

මෙතැන ජාතිවාදයක් නැහැ. ශ්‍රී ලංකාවේ නිදහස සමරන්නේ කියලා මම උද්ඝෝෂකයන්ට කියලා ජනාධිපතිතුමා දෙමළ භාෂාවෙන් එවූ නිදහස් දින පණිවුඩය උද්ඝෝෂකයන්ට දුන්නා. උද්ඝෝෂකයන් අතරේ හිටපු නායකයෙක් ඒවා උදුරලා ගිනි තියද්දී බ්‍රිතාන්‍ය තානාපති ‍පොලිසිය ගිනි තියපු කෙනාව අත්අඩංගුවට ගත්තා.

ඒ සමග කලබල වුණු උද්ඝෝෂකයන් මහ කොමසාරිස් කාර්යාලය ළඟටම දුවගෙන ආවා.
උත්සවයට ආපු සියලුම ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව මගේ අතේ තිබුණේ. නිල ඇඳුමක් ඇඳගෙන මට ඒ අයට බාධාවක් වෙන්න දෙන්න බැහැ.

ප්‍රභාකරන් අවර් හීරෝ කියලා කෑගහන කොටි හිතවාදීන්ට සියල්ල අවසානයි කියලා තමයි මම හැඟෙව්වේ.

තමිල් ඊළාම් අවර් ලෑන්ඩ් කියලා කෑගහද්දී දීස් ඉස් යුවර් ලෑන්ඩ් කියලා සියලු දෙනාටම පේන්න තමයි මම ශ්‍රී ලංකා ධජය පෙන්නුවේ.

මම ඇඟිල්ලෙන් එකපාරක් පෙන්නපු ඉඟිය කිහිප වතාවක් පෙන්වමින් වීඩියෝවක් හදලා ජාත්‍යන්තරයට මුදාහැර තිබුණේ එල්ටීටීඊ හිතවාදී දෙමළ මාධ්‍ය ආයතන විසින්.
නමුත් උතුරේත්, වන්නියේත් වගේම බ්‍රිතාන්‍යයේත් දෙමළ ජනතාව මම එයාලට කොතරම් සේවයක් කළාද කියලා දන්නවා.

මම නිල ඇඳුම මාරුකර උද්ඝෝෂකයන් ළඟට ගිහිල්ලත් කිව්වේ ඔබලා ශ්‍රී ලංකාවට යන්නේවත් නැතිව එකිනෙකා කියන දේවල් ගැන චෝදනා කරන්න එපා. ඔබලා ලංකාවට ගිහින් සහජීවනයට ගෙනයන වැඩපිළිවෙළ බලන්න කියලා කිව්වා.

මම ඒ මොහොතේ ශ්‍රී ලාංකිකයකු ලෙස කටයුතු කළ ආකාරය ගැන මම ආඩම්බර වෙනවා.
‘තමාට පෙර රට’ කියලා මම ඉගෙන ගත්ත ඩී.එස්. සේනානායක විද්‍යාලයෙන් ලබාගත් ආදර්ශය මතයි මම හැමදාමත් කටයුතු කරන්නේ.” යැයි ද බ්‍රිගේඩියර් ප්‍රියංකර ප්‍රනාන්දු පැවසුවේය.

තිස්ස රවීන්ද්‍ර පෙරේරා
– Rivira

70 views

43 Comments to “සිංහල කොල්ලෝ මොකට මුන්ට බය වෙනවද.. ඔවු මං එහෙම කලා.. මට ඒ ගැන ආඩම්බරයි..- කොටි ඩයස්පෝරාව තැතිගැන්වූ ලක් වීරයාගෙන් විශේෂ ප‍්‍රකාශයක්..”

  1. My hats off to that brave mother lanka son brigadier priyanka fernando for his courageous act.

  2. S nugela says:

    සිවිල් යුද්ධයක විභවය සහ එහි සන්තතිය වූ දිශානතිය විශ්ලේෂණය කිරීම වටී.එහිදී තරැ,මෙඩැල් සහිත හෝ රහිත වීරෝධාර ලක් පුත්‍රයන් බිහිවි,සමහරු කරලියට ආවරණය වී අනෙකුන් අනාවරණය වී ඇත.එහි ඇති සාධනීය ගුනය සමාජගත වන්නේ දේශපාලන බල ව්‍යාපෘතියට සාපේක්ෂවයි.මෙම බ්රිගේඩියර් වරයා මෙයට ලක්වූ එක් ඛේදනීය යුධ මානසිකත්වයට කදිම ගොදුරකි. සිංහ ලේ,දමිළ ලේ හෝ හම්බ ලේ වෙනුවට “ලක් ලේ” කියා ආඩම්බර වීමේ හැරවුමට ළගාවනතුරු අප ජාතියක් විදියට අවලංගු ශිෂ්ඨාචාරයකට හිමි කම්කරයි

    • ජිනදාස says:

      මෙන්න ආයේ සැරයක් අර සිංහල ඩිග්රියක් කරපු එන්ජිඕ කුක්කා ඇවිල්ල මෙතෙන කෙකර ගානවා .

    • Boo says:

      ලන්කාව කියා රටක් මිට අවුරුදු 70ට (සිරිසෙනට අනුව 30 ට) කලින් නොතිබුනු බව ඔය “උගත්” මහත්තයට ඉස්කොලෙදි කියල දිලා නෑද්ද ? මෙම රටෙ සිටි සියලුම දෙනා සින්හලයි. මොන භාශාව කතා කලත් සියලු දෙනා සින්හලයි. සුද්දො ඒ ලස්සන නමත් රටත් විනාස කලා.

  3. lion says:

    යාපනයේ නල්ලූර්හිදී පැවති ජන හමුවකදී විපක්‍ෂ නායක හා දෙමළ සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් කොටි සංවිධානයේ විරු ගීත ගායනා කර ඇතැයි වාර්තා වෙයි.

    මැතිවරණය වෙනුවෙන් අවස්ථා ගණනාවකදීම දෙමළ සන්ධානය සිය වේදිකා තුළ කොටි රණවිරු ගීත ගායනා කර තිබේ.

  4. priyanka putha, mama sanath saman sUmedHa OBA … gena adambarai api deviyanta oba rekadena lesa kannalaw kala. mama janapathithumata mail dekakma eriya,,, nmuth kalpanawen inna oyatah bishani saha daru dennatath theruwan saranai devi pihitai ABEYRATNE UNCLE

  5. සිංහලයෙනි ! says:

    සිංහලයෙනි නෙලුම් කුලුන සමාජගත කරන්න. මාතෘ බිමේ වගකීම එයයි…

Main News